Temples of Sri Lanka

ශරීරයේ තරමට නුවණ වැඩෙන්නෙ නෑ

ලාලුදායි නම් තෙරුන් වහන්සේ නමක් සැවැත් නුවරට සැවැත්නුවර ජේතවනාරාමයේ වාසය කරන්නට වුණා.ඒ තෙරුන් වහන්සේ වෙනත් තෙරුන් වහන්සේලා සමඟ සැදැහැවතුන්ගේ නිවෙස්වල නිවෙස්වල මංගල අවමංගල පින්කම් සඳහා වැඩියා
ශ්රද්ධාව තුන් ගේ නිවෙස් වල පින්කම්වලදී ධර්මය දේශනා කිරීමට අනුශාසනා කිරීමට සුදුසු භික්ෂූන් වහන්සේලාට ප්රථම මෙම ලාලුදායි තෙරුන් වහන්සේ ඉදිරිපත් වීම පුරුද්දක්ව පැවතුණා.සිරි පත්වන අවස්ථා වලදී පත්වුණ අවස්ථාවලදී අවස්ථාවට සුදුසු ධර්මානුශාසනා කිරීමට උන්වහන්සේ අසමත් වුණා

 

මංගල අවස්ථාවක දී ධර්ම දී ධර්ම දේශනා කිරීමේ දී අවමංගල අවස්ථාවකට උචිත දේශනා කළ යුතු තිරෝකුඩ්ඩ සූත්රය දේශනා කළා.අවමංගල අවස්ථාවකදී මළගිය උන්ට පින් දෙන සූත්ර පසෙක තබා මංගල අවස්ථාවලට දේශනා කරන මංගල සූත්ර දේශනා කළා මෙසේ තැනට සුදුසු ධර්ම දේශනාවක් කිරීමට අපොහොසත් වූ මෙම ලාලුදායි තෙරුන් වහන්සේ නිසා අනෙක් තෙරුන් වහන්සේලා ඉතා අසීරු තත්වයකට පත්ව සිටියා.

 

තැනට නොගැලපෙන ධර්ම දේශනා පිළිබඳව දවසක් අනෙක් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට සැල කර සිටියා
බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයේ දී රැස් රැස්ව සිටි භික්ෂුන් අරභයා මෙම ලාලුදායි තෙරුන් වහන්සේ මේ ආත්මයේ දී පමණක් නොවෙයි පෙර ආත්මභාවයන්හිදී මෙසේ තැනට සුදුසු කිසිවක් දේශනා කිරීමට අපොහොසත් වූ බව පවසා සිටියා
බොහෝ ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයා මසින් වැඩුනත් නුවණින් වැඩෙන්නේ නැහැ.මෙලෙස සඳහන් කරමින් බුදුන් වහන්සේ පහත ගාථාව දේශනා කර වදාළා

 

අප්පස්සුතායං පුරිසෝ
බලි වදේදා ඉව ජිරති
මං සානි තස්ස වඩ්ඩන්ති
පඤ්ඤා තස්ස න වඩති
– ජරා වග්ග –

 

සදහම් නොමදත් අනුවණ යන්නේ
ගොනෙකුගේ වාගෙයි සිරුර වැඩෙන්නේ
මස් නම් ඔව් නැග යසට තිබෙන්නේ
එනමුත් නුවණයි නොමැති ඔවුන්ගේ
නූගත් මිනිසා ගවයකු මෙන් මසින් වැඩුන නමුත් නුවණ නම් නොවැඩෙයි.
මේ බව බුදුන් වහන්සේ ඉහත ගාථාව දේශනා කරමින්පැහැදිලි කළ සේක.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X