Temples of Sri Lanka

කෙලෙස් නම් වූ මාරයා පරදවමු

සැවැත් නුවර විසූ පන්සියයක් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ භාවනා පිළිවෙත් ඉගෙන ගත්තා. අනතුරුව විදර්ශනා වැඩීම සඳහා සුදුසු පෙදෙසක් සොයා, ගම් නියම් ගම් පසුකර එක් ගමකට පැමිණියා
එම ගමෙහි විසූ මිනිසුන් ශ්රද්ධාවත් වූ අතර පින් සඳහා කැමති අය .මෙම භික්ෂූන් වහන්සේලා දැක පහන් සිත් ඇති කර ගත් ඔවුනොවුන් සිව් පසයෙන් උපස්ථාන කිරීමට ඉතා යුහුසුළු වුණා. උන් වහන්සේලා භාවනානුයෝගීව සිටිනු කැමති බැවින් ඒ සඳහා සෙනසුන් සඳහා උපාසක අයවලුන් සඳහා ගමට නුදුරුව පිහිටි මනහර වන ලැහැබක් සොයාගත හැකි වුණා. ඔවුහු එය මනා ලෙස පිළියෙළ කොට ගනිමින් මහ සඟනට පිළිගැන්වූවා

 

එම වනයට අරක් ගත් දේවතාවුන් වහන්සේලාට මෙය ලේසි වුණේ නැහැ මෙම භික්ෂූන් වහන්සේලා බිම වැඩ සිටින විට අප මෙහි රුක් මුදල සිටීම නුසුදුසු යයි ඔවුහු සිතුවා.එහෙයින් සංඝයා වහන්සේලා අන් තැනකට පිටත් පිටත් කර හැරීමට උපාය යෙදෙව්වා
ඒ වෙනුවෙන් විදසුන් නුවණ වඩා සංඝයා වහන්සේලාට පෙනෙන්නට මිනියක් හා කවන්ධයත් දර්ශනය කරවීමට දෙවිවරු කටයුතු කළා එසේම අමනුෂ්ය හඬවල් ද නංවන්නට වුණා ඇසූවන් දුටුවන් භීතියට පත්වන සුළු මෙම ගැහැට විඳ ගැනීමට නොහැකි වූ තැන බලවත් සේ කලකිරීමට පත් වූ භික්ෂූන් වහන්සේලා යළිත් බුදුරජාණන් වහන්සේ වෙත එළඹ ඒ බව සැලකර සිටියා

 

සංඝයාවහන්සේලාගේ හිතසුව පිණිස කරණීයමෙත්ත සූත්රය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේඑම අවස්ථාවේදීයි. කරණීය මෙත්ත සූත්රය බියජනක උපද්රව දුරු කරන දිව ඔසුවක් වැනි එම සූත්රය ඉගෙනගෙන යළිත් වඩින තෙරුන් වහන්සේලා දුටු දෙවිවරුන්ගේ සිත් මෛත්රියෙන් පිරී ගියා එතනින් නොනැවතුණු දෙවිවරු ඉදිරියට පැමිණ පුද පූජා කරන්නට පටන් ගත්තා එතැන් පටන් පෙර වූ දුක් ගැහැට දුරු වුණා එය දිවැසින් බලමින් සිටි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ඉදිරියෙහි දෘශ්යමාන වන සේ සලසා ඔවුන්ගේ සිත් දැඩි ව මහණ දම් කෙරෙහි පතුරුවා විදර්ශන ප්රඥාවෙන් කෙලෙස් මාරයා ජයගත යුතු යැයි වදාළා එය ඇසූ උන් වහන්සේලා රහත් ඵල ලැබුවා

 

කුම්භූපමං කායම්මං විදිත්වා
නාග රූප මං චිත්ත මිදං ඨපෙත්වා
යෝදේත මාරං පංඤාවු දෙන
ජිතං ච රක්ඛෙ අනිවෙසෙනෝ සියා

 

සිරුර මැටි බඳුනක් යැයි දැනගෙන මේ සිත නගරයක් යැයි සිතාගෙන නුවණ නමැති ආයුධයෙන් කෙලෙස් මරුට පහර දිය යුතුයි .දිනන ලද දෙය ද රැක ගත යුතුයි.
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X