ධර්මයේ හැසිරෙන්නා විශේෂයි…
ධර්මයෙන් ඈත එපිට ඉන්න අය සත්තු මරණවා,බොරු කියනවා, හොරකං කරනවා, කාමය වරදවා හැසිරෙනවා..
මත් වතුර බොනවා.. කරන්න පුලුවන් ඔක්කොම ජරා වැඩ ටික කරනවා.. හැබැයි එයාලා හිතනවා එයාලා භයානක නෑ කියලා.. ඇත්තටම එයාලා තමයි භයානක..
මොකද මෙයාලා අතින් ඕනී වෙලාවක මනුස්ස ඝාතනයක් උනත් වෙන්න පුලුවන්…
හැබැයි බණ අහන ධර්මයේ ගැවසෙන කෙනෙක් අතින් එහෙම වෙන්න තියෙන අවස්ථාව හුගක් අඩුයි..
බණ අහනවා තියා, මේ අය පන්සලකට යන්නේ නෑ..දන් දෙන්න කැමති නෑ..පිං කර ගන්න කැමති නෑ…ඒ නිසා අනිත් අය බණ අහනකොට,පන්සල් යනකොට, පිං කරනකොට ඒක බලන් ඉන්න බෑ.. ඒකට හූල්ලනවා..
ඇත්තටම බණ අහන අයත්, නැති අයත් සෝවන් වෙනකල් භයානකයි තමයි…
සෝවාන් වෙන කෙනෙක් අතින් සතර අපායේ යන කර්ම කෙරෙන්නේ නෑ…
ඒ නිසා සෝවාන් කෙනෙක්ගෙන් ඇරෙන්න වෙන කෙනෙක් ගැන සහතික කරලා කියන්න බෑ – අනතුරක් නෑ කියලා..
හැබැයි බණ අහන අයගේ විශේෂ කරුණු දෙකක් තියෙනවා..
01 ක් තමයි බණ අහන කෙනා අතින් කෙරෙන කර්ම ප්‍රභල වෙන්නේ නෑ..මොකද එයා දන්නවා පව් කමක් කලාම එකේ විපාක…
ඒ නිසා පව් කමක් කලත් ඒක කරන්නේ කැමැත්තෙන් නෙවෙයි..
පව්කම කලාට පස්සේ එයා ඒ ගැන පසුතැවෙනවා..ආයෙමත් කරන්නේ නෑ කියලා හිතනවා..මේ නිසා බණ අහලා පව් කරන කෙනාගේ කර්මය ප්‍රභල වෙන්නේ නෑ..
ආයෙමත් ඒ පව්කම කෙරෙන්න තියෙන අවස්ථාව අඩුයි..
ඒකට ලස්සන උපමාවක් කියනවා නාගසේන මහරහතන් වහන්සේ විසින්..
රත්වෙච්ච යකඩ බෝලයක් තියෙනවා..
මේ රත්වෙච්ච යකඩ බෝලේ ගින්දර ගැන නොදන්න කෙනෙක් අල්ලනවා… දන්න කෙනෙකුත් අල්ලනවා..දෙන්නගෙන් වැඩියෙන්ම අත පුච්ච ගන්නේ කව්ද???
දැනගෙන අල්ලන කෙනා (බණ අහන කෙනා) යකඩ බෝලේ අල්ලන්නේ පිච්චෙන බව දැනගෙන..ඒ නිසා එයා ඒක දැඩිව අල්ලන්නේ නෑ..අත ඉක්මනින් ගන්න බලාගෙන තමයි අල්ලන්නේ…ඒ නිසා ගින්දර ගැන දන්න කෙනාගේ අත පිච්චෙන්න ප්‍රමාණය අඩුයි..
හැබැයි ගින්දර ගැන නොදන්න කෙනා (බණ අහන්නේ නැති කෙනා) රත් වෙච්ච යකඩ බෝලේ අල්ලන්නේ පිච්චනෙ බව නොදැනයි…එයා ඒක දැඩිව අල්ල ගන්නවා…ඒ නිසා අත දරුණු විදියට පිච්චෙනවා..
ඔන්න ඔය වගේ තමයි බණ අහන කෙනාගේ සහ අහන්නේ නැති කෙනාගේ වෙනස..
බණ අහන්නේ නැති කෙනාගෙන් සමාජෙට වෙන හානියත් වැඩියි වගේම තමන්ට කර ගන්න හානියත් වැඩියි…
ඒ නිසා ඔබේ ලඟ බණ අහන්නේ නැති කෙනෙක් ඉන්නවා නං ඔහු අතිශයින්ම භයානකයි.. මතක තියා ගන්න ඔහු අතින් ඔබේ මරණය උනත් වෙන්න පුලුවන්..
ඒ නිසා ඔයාලා අනිවාර්‍යෙන්ම භය නැතුව බණ අහන්න..මොකද ඔයාලා අතින් පව් කමක් කෙරෙන්න තියෙනවා නං,ඒක වෙන්න තියෙන අවස්ථාව හුගක් අඩුයි..
02. වෙනි එක තමයි..බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “සාමුයික විමුක්තිය” කියලා එකක්..මිගසාලා සූත්‍රයේ මේ විස්තරේ තියෙනවා..
ඒ කියන්නේ සිල් නොරකින දෙන්නෙක් ඉන්නවා…එක්කෙනෙක් බණ අහනවා…අනිත් කෙනා බණ අහන්නේ නෑ..
හැබැයි මරණෙන් පස්සේ මේ දෙන්නා උපදින තැනේ වෙනසක් තියෙනවා..
බණ අහන කෙනා අර බණ අහපු නැති කෙනාට වඩා උසස් උපතකට යනවා..
සිල් නොරැක්කත් බණ අහන නිසා එයාට යම් රැකවරණයක් ලැබෙනවා..
බණ අහන පුංචි මොහොතේ හරි බණ අහන කෙනාගෙ නීවරණ යටපත් වෙනවා..
බණ අහලා පැයක් දෙකක් හරි මේ නීවරණ යටපත් වෙලා තියෙන්න පුලුවන්..
හදිස්සියේ හරි ඒ මොහොතක මැරුණොත් ඔහුට විශේෂ උපතක් හිමියි..
ඒ නිසා භය නැතුව පුලුවන් හැම වෙලාවකම බණ අහන්න..
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood