Temples of Sri Lanka

දිගු සසර ගමනේ සුන්දර අසුන්දර බව

බුදුන් වහන්සේ සංසාරය විග්රහ කරලා තියෙන්නෙ” මහණෙනි මේ සංසාරය අනවරාග්ර යි” කියලා. සංසාරය ගැන සීමා පනවන්න බැහැ කියලා
ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාරය අවසන් නොවන ගමනක්. ආරම්භයක් කෙළවරක් දැක ගන්නට බැරි දෙයක්. අවිද්යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්වයන් සුගති දුගති වල සැරිසරමින් යන මේ ගමනේ මුල් කෙළවරක් දැක ගැනීමට අපහසු බව උන්වහන්සේ වදාළා.

 

ඒ වගේම බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතය ආරම්භක කෙළවරක් හෝ ලෝක සත්වයින්ගේ ජීවිත වල ආරම්භක කෙළවරක් හෝ දැකිය නොහැකි බව පෙන්වා දී තිබෙනවා. ඒ ගැන දේශනා කර තිබෙන්නේ සංයුක්ත නිකායේ නිදාන වර්ගය. මහපොළව මුල් කොට වදාළ සූත්ර දේශනාවේ….
එහි සඳහන් වෙනවා “පින්වත් මහණෙනි එක්තරා පුරුෂයෙක් මේ මහ පොළොවේ ම පස් ….කුඩා වෙරලුගෙඩි ප්රමාණයට ගුලිකර මේ තමයි මගේ පියා මේ පසුගිය භවයේ පියා ආදී වශයෙන් වෙන් කළත්, තනි වශයෙන් වෙන් කළත් තමන්ගේ සංසාර පියවරුන්ගේ පරම්පරාව ඉවර නොවී තිබියදී අවසන්විය තිබියදීම මේ මහපොළොව ඉවරවෙලා අවසන් වෙලා යනවා කියලා.
මව්වරුන් සම්බන්ධයෙන් උන් වහන්සේ උපමාවකින් පෙන්වා දී තිබෙනවා. පින්වත් මහණෙනි එක්තරා පුරුෂයෙක් දඹදිව යම්තාක් දැව දඬු අතු කොළ ආදිය වේ නම් ඒවා කපලා එක්තැන් කරලා එක්තැන් කළ දැව දඬු අඟල් 4 කැබලි වලට කපා මේ මගේ මව් මේ පසුගිය බවයේ මව් ආදී වශයෙන් දර කැබලි ගෙන අයින් කරද්දී ඒ පුරුෂයාගේ මවගේ මව්වරු පරපුරක් ක්ෂය නොවී තිබියදී ම දැව දඬු අතු කොළ ක්ෂය වෙලාඅවසන් වෙලා යන බව.

 

එයින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අති දීර්ඝ සංසාරයක් අපගෙවමින් සිටින බවයි. තවත් අවස්ථාවක උන් වහන්සේ අහනවා” මහණෙනි මේ සංසාරය පිළිබඳව ඔබ මොනවද හිතන්නේ කියලා මේ දීර්ඝ කාලය දී භවයෙන් භවයට සැරිසරද්දී ඉපදී යද්දි අමනාප ප්රදේශ හා එක් වෙන්නට සිදු වෙද්දී මනාප දෙයින් වෙන්වන ට සිදුවීමෙන් හඬද්දී වැලපෙද්දී ඔබගේ නෙතින් වැහැරුණු යම් කඳුළක් වේ නම් ඒතුළ වූ කඳුළු මහා සාගරයට වඩා වැඩියි.

 

මේ සංසාරයේ ගමන් කරද්දී හදිසි අනතුරුවලින් වැරදි වලට දඬුවම් ලැබීමෙන් සතුරු උවදුරුවලින් නොයෙක් කරදර කම්කටොලු වලින් අපේ ශරීරය බිඳී යද්දී ගලා ගිය ලේ දහරාව සතර මහා සාගරයට වැඩියි.
එබඳු ආකාරයක ධර්මය කුයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ. සංසාර ස්වභාවය පැවතුනත් නො පැවතුනත් දිගින් දිගටම කෙළවරක් නැතිව යන එකක් .
හැබැයි ආරම්භක කෙළවරක් නැති වුණාට මෙහි අවසාන කෙළවර දකින්න පුළුවන්. ඒ සඳහා මේ ජීවිතයේදීම ආර්ය අෂ්ටාංගික මාර්ගය හුරු කළ යුතුයි. සංසාරය පිළිබඳව අවබෝධයෙන්ම කළකිරීම තමයි වටින්නේ. එයින් මුළුමනින්ම නිදහස් වීමයි වැදගත් වන්නේ….

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X