Temples of Sri Lanka

බුදු දහමට අනුව මානසික පීඩාව දකිමු

බුදුරජාණන් වහන්සේ මානසික රෝග ගැන පැහැදිලිවම සඳහන් කර තියෙනවා එක්තරා අවස්ථාවක බුදුන් වහන්සේ දේශනා කළා රහතන් වහන්සේලා හැර අනෙක් සියලුම දෙනා මානසික රෝග වලින් පීඩාවට පත්ව සිටින වග එයින් අපට පැහැදිලියි මේ ලෝක සත්ත්වයා අතර මානසික දුක් පීඩා නැතිව සිටින්නේ රහතන් වහන්සේ කෙනෙක් පමනයි කියන එක
බුදුන් වහන්සේ දේශනා කොට තිබෙනවා

 

“සබ්බේ පෘථග්ජනා උන්මත්තකා “

 පෘථග්ජන සියලු දෙනා උමතු වූවන් යනුවෙන්.

මිනිසා මානසික වශයෙන් රෝගාතුර වීම නිරතුරුවම සිදුවන දෙයක් සිය දෙනෙකුන් ගත්තොත් ඔවුන් සියලු දෙනාම මානසික රෝගීන්
මේ මානසික රෝගය නිසාම රාගය ද්වේශය මෝහය මගින් හටගන්නා රෝග වලින් මිනිසුන් නිරන්තරයෙන් දුක් විඳිනවා මේ සියල්ලම මානසික රෝගීන් වශයෙන් සලකන්නවා. ඊට හේතුව මේ සියල්ලම අපේ ජීවිතවල කෘතිමව ගොඩනැගිලා තියෙන්නේ නමුත් එය කෘතිමව ගොඩනැගිල තියෙන එකක් අපට ඉතාමත් හොඳින් පැහැදිලියි මානසික දුක් පීඩා විඳින බොහෝ දෙනෙක් මානසික දුක් විඳීම සමථයකට පත් කර ගත නොහැකිව ඉන්නේ ඒ මේ ජීවිතය පිළිබඳව තියෙන අවබෝධය නොමැතිකම නිසාය

 

ජීවිතය පිළිබඳව අවබෝධය ඇති වන විට පමණයි කෙනෙකුට මානසික වශයෙන් ඇතිවන දුක නැති කරගන්නට පුළුවන් වන්නේ
බුද්ධ දේශනාවෙන් පේනවා මානසික පීඩනය නැති කරගන්නට තියෙන එකම පිළියම ජීවිතාවබෝධය බව කියා.කිසා ගෝතමිය ඉතා බරපතළ මානසික පීඩාවට පත් වූ තැනැත්තියක් ඇයගේ ප්රකෘති සිහිය නැති අවස්ථාවේදී අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ ඒ තැනැත්තිය ජීවිතාවබෝධයට යොමු කළා පුද්ගලයකු නොමැරුණු නිවසකින් අබ මිටක් සොයා යන විට ඇයට වැටහුනා සියලු දෙනාම මරණයට පත් වන සත්ත්වයෝ බව මේ අවබෝධය තුළින් ඇය මානසිකව මානසිකව නිරවුල් භාවයට පත් වුණා

 

එනිසා අපට පැහැදිලියි මානසික රෝගවලින් ස්ථිරවම අපට නිදහස් විය හැකි වන්නේ ජීවිත අවබෝධයෙන් පමණයි බුදු රජාණන් වහන්සේට පමණයි මානසික රෝග පිළිබඳව ලොකු අවබෝධයක් තිබුණේ එම මානසික රෝග නිරවුල් කිරීමට තමයි සිහිය පිහිටුවන්න ධර්මය අවබෝධ කරගන්න යනුවෙන් උන්වහන්සේ දේශනා කළේ

 

බුද්ධ ශාසනා වක් තිබෙනවා බුද්ධි අපරිහානීය සූත්රය කියලා එහි කියනවා යම් කිසි කෙනෙක් සත්තබොජ්ජංග නමය තමන්ගේ ජීවිතය තුළ වැඩුනා නම් ඒ බුද්ධිය පිරිහෙන්නේ නැහැ කියලා බුද්ධි අවසානය දක්වාම පවතිනවා කියලා කියනවා එනිසාම මානසික රෝගී නොවී සිටීමට නම් ආර්ය සත්යය අවබෝධය කරා අප යා යුතුයි අනෙක් සියලු දෙනාම මානසික ව වරින් වර රෝග වලට භාජනය වෙලා දුක් පීඩා විඳිනවා…
අවශ්යම මානසික සුවය වෙත අපි සාර්තක ලෙස ලඟා වෙමු.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X