Temples of Sri Lanka

යහපත සඳහා යහපත් දේ සොයමු

පවින් වැළකෙමු
අපි සැබවින්ම පෙර පින් ලද ඇත්තෝ වෙමු. එබඳු නිගමනයකට පැමිණෙන්නේ මිනිසුන් වශයෙන් උපත ලබා සිටීමයි. මිනිසුන් වශයෙන් උපත ලබන්නේ පෙර පින් කරන ලද අයයැයි බුදු දහමෙහි ඉගැන්වේ
‘කිච්චෝ මනුස්ස පටිලාභෝ’
යන්න බුද්ධ වචනයේ ඇත.. එහි තේරුම ‘මනුෂ්ය ආත්ම භවයක් ලැබීම අපහසුය’ යන්නයි.
 
සත්ත්වයන් අතර මනසින් උසස් වන්නේ මිනිසා ය. මනුස්ස යන වචනයෙන් විස්තර කෙරෙන්නේ උසස් මනසක් ඇති හෙයින් මනුස්ස නම් වේ යන්නය. මනසේ උසස් බවනම් අනෙක් සතුන්ට වඩා දියුණුවූද තවදුරටත් දියුණු කළ හැකි වූද ස්වභාවයෙන් යුක්ත බවයි.
ඉහත සඳහන් ලෙස උතුම් බවක් හිමිකර ගත් මනුෂ්ය ආත්ම භවයක උපත ලද අපට එය රැක ගැනීමේ වගකීමක් තිබේ. ශාරීරිකව මෙන්ම අධ්යාත්මිකවද අප ආරක්ෂා විය යුතුයි. පවින් වැළකුන විට මෙලොව පරලොව දෙකෙහිම ආරක්ෂා වේ. පරලොව ආරක්ෂා වීම නම් අපාගත වීමෙන් වැළකී යහපත් උපතක් ලැබීමයි. අපිත් පව් ක්රියාවලින් ඈත් වී යහපත් ජීවිතයක් ගොඩනගා ගැනීමට අධිටන් කර ගනිමු. එවිට උතුම් මිනිස් භවයේ අගය වටහා ගැනීම අපහසු නොවේ
හොඳට නරකට දෙකට ම බලපාන ඇසුර…මිතුරු අසුර, කලණ මිතුරු අසුර, පාප මිතුරු ඇසුර ලෙස ප්රධාන වශයෙන් කොටස් දෙකකි. මෙයින් අපි කලණ මිතුරන් පමණක් ඇසුරු කළ යුතු වෙමු. පාප මිත්රයන් ඇසුරු කිරීමෙන් ඈත්විය යුතු ය. ඒ බව අප ගෞතම බුදුරජාණන් වහන්සේ ද දේශනා කළ සේක.
 
මිතුරු ඇසුර යනු අපගේ ජීවිතය දියුණුවට හෝ පරිහානියට ගෙන යා හැකි දෙයකි. එයට නිදසුන් වශයෙන් සත්තිගුම්බ ජාතකය දැක්විය හැකිය. එම කතාවේ ගිරා පැටවුන් දෙදෙනා එක කුසෙහි උපන් සහෝදරයන් වුවද දෙදෙනා දෙතැනක වැඩුණ නිසා ඒ ඒ ඇසුර අනුව නරක ගති, හොඳ ගති ඇතිවූවන් බවට පත්විය. සත්තිගුම්බ ගිරවා සොර කණ්ඩායමක් ඇසුරේ සිටි නිසා ඔවුන් කරන කියන දේ නිතර දැක, අසා පුරුදුව ඒ තත්ත්වයටම පත්විය.
 
පුෂ්පක ගිරවා හොඳ දේ කරන කියන තාපසයන් සමීපයෙහි වැඩුණ නිසා හොඳ ගති ඇත්තෙක් විය.
තවද බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ යමෙක් සත්පුරුෂයා, අසත්පුරුෂයා, සිල්වතා, දුසිල්වතා යන අය ඇසුරු කරයි ද ඔහුද ඒ ගති පෙන්නුම් කරන බවය. වර්තමානයේ බොහෝ පිරිස් වරදට යොමු වී ඇත්තේ මිතුරු වෙසින් සිටින පාප මිතුරන් නිසාය. එනිසා අපි මිත්ර ප්රතිරූපකයා හඳුනාගෙන පාප මිතුරන් ඇසුරු කිරීමෙන් ඈත් වී කලණ මිතුරන් හඳුනාගෙන ආශ්රය කළ යුතු ය. එවිට දියුණුව කරා ගමන් කළ හැකිය.
යහපත ගෙන දෙන්නේ දමනය කළ සිතයි…
 
භාවනාව මගින් විසිරුණු සිත එකඟ කර ගැනීම සිදු කළ හැකිය. ත්රිවිධ පුණ්ය ක්රියා අතරින් තෙවන ස්ථානය භාවනාවට හිමි වේ. ත්රිවිධ පුණ්යක්රියා බෞද්ධ දර්ශනයේ මූලික ඉගැන්වීමකි. දානයෙන් පුද්ගලයා මෙලොව බැඳ තබන තෘෂ්ණාව යම් තරමකට යටපත් වීම සිදුවේ. සීලයෙන් කය වචනය සංවර බව ඇතිවේ. එය මිනිස් කමින් හා සීලාචාර කමින් පිරි සමාජයක පදනමයි.
පුද්ගලයෙකුගේ කය වචනය දෙකේ පැවැත්මත්, සියලු ක්රියාකාරීත්වයත් සිත මුල් කරගෙන සිදුවේ.
මෙය පාලනය කොට වර්ධනය කළ හැකිය. සිතේ පාලනයටත්, වර්ධනයටත්, භාවනාව මඟින් ප්රභල පිටුවහලක් ලැබේ. භාවනාව බෞද්ධ අබෞද්ධ සියලුම දෙනාට ප්රතිඵල ලබාගත හැකි මනෝ විද්යාත්මක ප්රතිකර්මයකි.
භාවනාවෙන් ලද හැකි ප්රයෝජන බොහොමයකි.
 
සිත පිරිසුදු කරගෙන භාවනාව සිදුකරන විට සුවදායික නින්දක්, ශරීරයට වැළඳෙන කායික මානසික රෝග වලින් ආරක්ෂා වීම, දෙව් බඹුන්ගේ පූජාවන්ට පාත්ර වීමද බවුන් වඩන්නාට ලද හැකි ප්රයෝජනයන්ගෙන් කිහිපයක් පමණි.
‘පුහුදුන් සිත’ කිපුණු මී ගවයෙකු වැනිය. දැඩි වේගයෙන් දුවන, පනින, කුලප්පුවන මේ සිත විලංගු දමා ගැට ගසා ගැනීමට වෙහෙස වීම භාවනාව වැඩීමේ ප්රධාන අරමුණයි.
භාවනා අරමුණ ඇතිකර ගත යුත්තේ දැඩි අධිෂ්ඨානයකින් හා වීර්යයකිනි. සිත දමනය කරගෙන දමනය වූ සිත දියුණු කිරීම විපුල ඵල ප්රයෝජන ගෙන දෙන්නකි.
යහපත සඳහා තෝරා ගත යුත්තේ යහපත් මගයි..හොඳම දේ දෙන්නන් වශයෙන් දෙමාපියන් ගුරුවර වැඩිහිටියන් මේ යහපත් දේ වලට දරුවන් යොමු කළ යුතුය….
 
සහෝදරත්වයෙන් එක්වෙමු!
 
© Buddhist Brotherhood
You might also like
en English
X
X