Temples of Sri Lanka

හද ළඟ සැනහෙන දහම් සරණ

ගෞතම බුදුන් වහන්සේගේ දේශනා තුළ කියවෙන්නේම දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඉතාම දුක් සහිත බවත් අප්රමාදීව මේ පැවැත්ම නවත්වන ප්රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්
එසේ යම් හැඟවීමකින් ලඝු කකොට නොදක්වන බුදු හිමියන් මේ ඉපදෙමින් මැරෙමින් යන සසර පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් භව ගමන නතර කළ හැකි බවත් එක් අවස්තාවක පෙන්වා දෙනවා
එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙල පිළිබඳවද පූර්ණ ලෙසටම ඉදිරිපත් කළා.
පුද්ගලයකු වශයෙන් මුහුණදෙන දුක, හා එයට පුද්ගලයාගේ ඇති වගකීමත්, එම දුකෙන් මිදීමට පුද්ගලයාගේ ඇති ශක්යතාව හෙවත් නිවන ප්රායෝගිකව ලැබියහැකි ප්රත්යක්ෂයක් බවත්, ඒ සඳහා අනුගමනය කලයුතු ක්රියාමාර්ගයත් පෙන්වාදීම බුදුදහමේ මූලික ඉගැන්වීමේ පණිවිඩයයි.

 

“සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝ දපනං – ඒතං බුද්ධානුසාසනං.“
සියලු පවින් වැලකුමත් – කුසලයෙහි යෙදීමත්, සිත දමනය කිරීමත් – බුද්ධ අනුසාසනයයි.

 

මේ සාංසාරික ජීවිත පැවැත්ම තුළ පවතින, එහෙත් අපට පියවි ඇසට නොපෙනෙන අනතුරක් බුදු හිමියන්ගේ නුවණැසට හසු වුණා. ඒ සසර ගමන තුළ අපට නොයෙක් ලෝකවල ඉපදෙන්නට සිදු වන බවයි.
මිනිස් ලොව හැරුණාම තිරිසන් ලෝකය වැනි අපට ගෝචරවන තැන්වලත්; ප්රේත ලෝකය, නිරය, දිව්ය ලෝක ආදී අපට හසු නොවන තැන්වල ත් අපට අපගේ උප්පත්තිය ජනිත කරන්නට සිදු වෙනවා.

 

සසර පැවැත්මේ ඇති අවදානම
තමාගේ වසඟයේ පැවැත්විය නොහැක්කක්. ඌස්වභාවයත්; එනිසා ම නිරය වැනි ඒකාන්තයෙන්ම දුක් සහගත ලෝක මඟ හැර සිටීමේ නොහැකියාවත් ය.
කුමන ලෝකයක ඉපදුනත්, ඉපදීම තුළින් බහුලව ලැබෙන්නේ කැමති දේ නොලැබීම වැනි දුක් ගොඩක් බව බුදු හිමියන් පෙන්වා දෙනවා.
මනුෂ්ය ලෝකයේ සැප දුක් මිශ්ර තත්ත්වයක් පෙනුනත්, අප ජීවිත නිරන්තරයෙන්ම වෙනස්වන ස්වභාවයට පත්වන නිසාම දුක් සහිත එලෙසම තමාට අවශ්ය ආකාරයට පැවැත්විය නොහැකි ස්වභාවයෙනුන් යුක්ත බව, යන යතාර්ථය ගැඹුරෙන් සිතන ඕනෑම කෙනෙකුට දැක ගන්නට පුලුවන්…
එම දැක්ම අෂ්ඨලෝක ධර්මය හමුවේ නොසැලී සිටීමට අවශ්ය ජීවන දර්ශනය නිර්මානය කරයි
මානව සමාජය නිරන්තරයෙන් සොයා යන්නේ සිය අත්දැකීම් හා හැකියා ක්ෂේත්රය ඉක්මවා තමන්ට මග පෙන්විය හැකි හා පිහිට විය හැකි බලවේගයන් ය. මිනිස් සන්තානයේ මෙම ප්රවණතාව ආදිම යුගයේ සිට පැවත එන මානව ධර්මතාවකි.
සසර සැරිසරන තමන් ඇතුළු සත්වයා දැක තමනුත් සසරින් එතෙරව අනුනුත් සසරින් එතෙර කරවීම උන්වහන්සේගේ බෝධිසත්ත්ව අපේක්ෂාව විය.

 

සාරාසංඛ්ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි අනේකවිධ දුක් ගැහැට විඳ පාරමී දම් පුරා බුදුවන ආත්මභාවයේ ද සුදොවුන් රජුන් නිසා මහාමායා දේවීන් කුස ඉපදි මිනිස් දරුවෙක් ලෙස මෙලොව එළිය දැක, ළමාකාලයක්, තරුණ කාලයක් ගෙවා, විවාහ වී දරුවෙක් ද ලැබ සකලවිධ සත්ත්වයන්ට උරුම ජාති ජරා ව්යාධි මරණ දැක ගිහිගේ හැර සසර දුක් නිවීම සඳහා ගිය මානව ඉතිහාසයේ ජීවමාන පුරුෂයෙකි බුදුන්වහන්සේ. පාරමී බලයත් ස්වෝත්සාහයත් පදනම් කොටගෙන ලබාගත් උසස් ප්රඥාවත් එම ප්රඥාවෙන් සකලක්ලේෂයන් ප්රහීණ කිරීමෙන් ලද විමුක්තියත් මිස සියලුම මිනිසුන්ට හිමි ජාති ජරා මරණත් අටලෝ දහමටත් උන්වහන්සේට ද ස්වභාවිකව ම මුහුණ දීමට සිදුවිය.
බුදුරදුන් දෙසූ දහම කිසියම් බලවේගයක් විසින් ප්රකාශිත ඍෂි භාෂිතයක් හෝ දේව භාෂිතයක් නොව
ලෝක යතාර්ථයයි

 

එහෙත් බුදු දහමට අනුව ස්ත්රී පුරුෂ භේදයකින් තොරව පාරමී පුරා බුදුවිය හැකි ය. බුදු වන්නේ ස්ත්රියක හෝ පුරුෂයෙකු නොව බෝධිසත්ත්වයෙකි. බෝධිසත්ත්වවරයෙක් වීමට ඕනෑම අයෙකුට ආරම්භ කළ හැකි ය. ඇත්තේ පාරමී ගුණධර්ම සම්පූර්ණ කරගැනීමෙන් ලබන ආධ්යාත්මික දියුණුවකින් උරුම කරගන්නා විමුක්තියක් මිස උරුමයක් ලෙසින් දිව්යමය බලවේගයකින් ලබාගන්නා ආශ්චර්යමත් ප්රාදුර්භාවයක් නොවේ.
පුද්ගල හැකියාවට මිස ශාස්තෘ භක්තියට බුදුසමයේ ඉඩක් නැත බුදු දහම නුවණැත්තන් තමතමා විසින් සිය නුවණින් දතයුතු දහමකි.එය ප්රාර්ථනා කිරීමෙන් හෝ ශාස්තෘ භක්තිය නිසා හිමිවන අධිගමයන් පිළිබඳව විශ්වාස නොකරයි. ධර්මය පවා පහුරක් මෙන් එතෙරවීමට මිස ග්රහණය කොට ගැනීමට නොවේ.
ලොව ආගම් නිසා ඇතිවන සියලු කල්ලිවාදී ව්යසනයන්ට මෙය හොඳම පිළිතුරකි. එය සිය ආධ්යාත්මයට නැඹුරුව ජීවිතාදර්ශයෙන් ආරක්ෂා කළයුත්තක් ලෙස මෙහි පැහැදිලිවම පෙන්වා දී ඇත.

 

තථාගතයන් වහන්සේ යනු ශාන්ති නායකයෙක් මිස ශාන්ති දායකයෙක් නොවේ. නො එසේ නම් බුදුන් වහන්සේටවත් කිසිවෙකුට නිවන ප්රදානය කළ නො හැකි ය. එමග ගමන්කොට අප විසින් ම අපෙගේ විමුක්තිය සලසා ගත යුතු ය. උන්වහන්සේ සිදුකරනුයේ ශාන්තියට මගපෙන්වීම මිස ශාන්තිය ප්රදානය කිරීම නොවේ. බුදුන් දෙසූ ශාන්තියේ මග ගමන්කොට ලෞකික ලෝකෝත්තර ශාන්තිය උදාකර ගැනීම අපගේ වගකීමයි.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X