Temples of Sri Lanka

විපාක දෙන කර්ම

අනන්ත වූ අප්රමාණ වූ අසීමිත අචින්ත්ය ගුණයකින් යුක්ත සකල ලෝකානන්ද කල සත්ව හිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම ගෞරවාදර නමස්කාරය වේවා!!!
නිවන් රසයෙන් රසවත් ව ධර්ම පාඨයට අනුව සියලු සත්ත්වයෝම කර්මය නම් වූ සැප දුක් වේදනා ගෙනදෙන මූල හේතුව කොටගෙන ඇත්තෝය.

 

එසේම කර්මය ඥාතීන් කොටගෙනද ඇත්තෝය. කර්මය පිහිට පිළිසරණ කොටගෙන ඇත්තෝය. ඉතින් යහපත් හෝ අයහපත් යම් කර්මයක් කරන්නේ නම් ….ඔහු විසින් ඒ කළාවූ කර්මයේ විපාක ද ඔහුටම දායාද වන්නේය…
මේ ආත්ම උපදේශාත්මක නිර්වාණ ධර්මය කාන්තාවක හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිරන්තරයෙන් සිහි කළ යුතු යැයි තථාගත සම්මා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
මේ අනුව බලන කොට අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් මෙලෙස දක්වමු.
🌼කර්මය යනු කුමක්ද?
🌼යහපත් අයහපත් කර්ම මොනවාද?
🌼එම කර්මයෝ අපට දායාද වන්නේ කෙසේද?
යන්න පිළිබඳව විමසිලිමත් වීමයි.
තමන් විසින් කරන්නට යෙදෙන හොඳ හෝ නරක කර්ම වල කොටසකට මෙලොව විපාක ලැබෙනවා.
නිදර්ශනයක් ලෙස පුන්ණ නම් දුගියා චිංචිමානවිකා සුප්රබුද්ධ රජු ආදී අය දැක්විය හැකි මේවා දිට්ඨධම්ම වේදනීය විපාක යැයි ද කෙටියෙන් හඳුන්වනු ලබනවා.

 

අප කරන කුසල අකුසල කර්ම වලට මතු ජීවිතයේ කොටසක් විපාක දෙනවා. මේවා. උපපජ්ජවේදනීය කර්මය යි කියනු ලබනවා නිදර්ශනයක් ලෙස දෙව්දත් තෙරුන් අපාගතවීම සැරියුත් මහරහතන් වහන්සේට පහර දුන් දුන් නන්ද යක්ශයාගේ අපාගත වීම මහඟු නැති උත්පලවණ්ණා මෙහෙණිය දූෂණය කළ නන්ද මානවකයා අපාගතවීම ඉන්දික දු ගියා අනුරුද්ධ මහ රහතන් වහන්සේට එක් දන් හැන්දක් දී දෙව්ලොව ඉපදීම බණ අසමින් සිටි මැඩියා දෙව්ලොව ඉපදීම ආදිය දක්වන්නට පුළුවන්.
අපරාපරියවේදනීය නම් වූ ජීවිතය ද මතු මීළඟ ජීවිතය හැරුණු කළ මේ දිගු සසර විපාක දෙන කර්ම යි.නිදසුනක් ලෙස චක්ඛුපාල හිමියන්ගේ දෙනෙත් අන්ධ වීම මුගලන් මහරහතන් වහන්සේට සොරු පහරදීම අපුත්තක සිටුවරයාට ධනය ලැබීම උත්පලවන්නා රහත් මෙහෙණියට විශිෂ්ට රූ සම්පත් ලැබීම ආදිය දක්වන්නට පුළුවන්.
මෙලොව විපාක දිය යුතු කොටස මෙලොව විපාක දෙන්නට අවස්ථාවක් නොලැබුණොත් මතු විපාක දෙනු ලැබේ. උදාහරණයක් වශයෙන් දෙව්දත් තෙර අවුරුදු තිස් හයක් හොඳින් පැවිදි දිවිය ගත කර ඇත.
ඒ අනුව හොඳ කර්මයන්ගෙන් හොඳ විපාක කොටසක් මතු දිවියේ ලැබිය යුතුව ඇත නමුත් ඔහු අපාගත වූ බැවින් ඒ හොඳ සැප විපාක ඒ ස්ථානයේ නොදිය හැකි බැවින් එම මතු ජීවිතයට ලැබීමට තිබූ සැප විපාක කොටසද අහෝසි වී යනු ලැබේ . මතු කුසල බලය අපරාපරියවේදනීය ලෙස මතු පසේ බුදු බුදුබව ලබන්නේ ය .
පුද්ගලයෙක් ශ්රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්තව එකඟ වූ නො විසුරුණු සිත මුල්කොටගෙන දෙන පුංචි දෙයක් වත් මහත්ඵල මහානිසංසයි.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X