හේතු ඵල සහිත අසිරිමත් බුදු දහම
මිනිස්සු මුලා කරගෙන සමාජය ආගමට අවශ්‍ය විදියට හැඩගස්වාගෙන වත්පිලිවෙත් රැකගෙන සම්ප්රදාය නඩත්තු කරගෙන යන්න ආගම් හුරු වෙලා .
දර්ශනය මිනිසාට යමක් දකින්නට උදව් වෙනව, මුලාවෙන් ඉවත් වෙන්න පාර පෙන්නනව.
බුද්ධ දර්ශනය කියන්නෙ කුමක්ද කියල. බුද්ධ වචනයෙන් උපුටා ගත්හොත්, “යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති යො ධම්මං පස්සති සො පටිච්චසමුප්පාදං පස්සති” යමෙක් පටිච්චසමුප්පාදය දකීද ඔහු ධර්මය දකී එසේම යමෙක් ධර්මය දකීද ඔහු පටිච්චසමුප්පාදය දකි.
බුද්ධ දේශනාවේ හරය ඇත්තේ දැකීමක් ගැනයි. ප්රශ්නය තමයි කුමක් පිලිඹඳ දැකීමක්ද කියන එක? ධර්මය දැකීම යනු පටිච්චසමුප්පදය දැකීම නම් පටිච්චසමුප්පාදය දැකීම යනුවෙන් අදහස් කර ඇත්තේ කුමක්ද කියන එක තමයි දැකීමට අවශ්‍ය නියම තැන. ඒක තමයි ජාති හෙවත් සත්වයා ඇතිවෙන තැන. කාලය ඇතිවෙන තැන. එතන යමෙක් දැක්කොත් එම කෙනා සියල්ල දකිනවා (තමන් ඉන්න මුලාව දකිනවා ).
හැබැයි කෙනා ඉන්නව කියන සංකල්පය නැතිවෙනව. ඔන්න කෙනෙක් නැති තැන.
මෙතන කර්මයවත්, ආත්මයවත්, නිවනවත් එකක්වත් නෙවෙයි තියෙන්නෙ, ඒව ආගමික සංකල්ප. ආගම නඩත්තු කරන්න හදාගත්තු වචන.
බුද්ධ දර්ශනය මිනිසා මුලාවෙන් මුදවා ගැනීමටයි. නැතුව ආගම නඩත්තු කිරීමට නෙවෙයි.
පටි ඉච්ච සං උප්පාද…
මේ මාගධී වචන හතරෙන් බුදුන් පෙන්වා දුන්නේ සත්ත්වයා( ස්ව තත්වයක් සාදාගත්) සසරට බැඳෙන, ඈඳා තබන, නැවත නැවතත් දුකටම පත් කරවන ක්‍රියා පටිපාටියක (තමා විසින්ම කරන කියන හිතන දේ නිසා ) විස්තරයයි!!
මෙය බාහිර ලෝකයකින්, හෝ වෙනයම් වූ අද්භූත බලවේගයකින් හෝ අරුම පුදුම මැජික් සංදර්ශනවලින් දැක ගන්නට නම් බැහැ
තමුන්ගේ කරන කියන හිතන සංඛාර අනුවම තමාට සසරට බැඳෙන්න වන ආකාරය හේතු ඵල දහමට බහා ගලපා, සියලුම ආකාර වූ ණය ගනුදෙනුවලින් මිදී නිදහස් වීමට (විණයට සසඳා) තමා විසින් තමාම දැක ගත යුතුයි!! මෙහිදී කිසිම කෙනෙකුට වරදක් වගකීමක් පටවා දොස් කියා අවලාද කියලා බේරීමට නම් බැහැ.. තමන්ගේ දුකට පත් වීමට තමුන්ම වග කියා ගත යුතුයි
ආගමක් යනු පසු කාලීනව මිනිසුන් විසින් තමන්ගේ විවිධ වූ අවශ්‍යතා නිසාත්, පැවැත්ම පවත්වාගෙන යාමට කරන අනේකවිධ වූ ක්‍රියාකාරකම් වල සම්මිශ්‍රණයකි!! ( බුද්ධාගමත් ඇතුලුව) මෙහිදී කිසිම අයුරකින් අපි ආගමක් හෝ යම් සම්ප්රදායක් විනාස කිරීමට හෝ පහත් කොට තැකීම නොකල යුතුයි..කල යුත්තේ ආගම තුල සැඟවී ඇති පරමාර්ථ සත්‍යය තේරුම් ගැනීමයි.
එනම් සම්මතය තුලින් පරමාර්ථය දැකීමයි (මෙයත් තමා විසින් කරගත යුතු දෙයකි)
තමා කියන හැඟීම හටගන්නා ආකාරය තමයි
“භව පච්චයා ජාති – භවය මෙසේ නැවත නැවත ඉපදීම නිසා ජාතිය හෙවත් සත්වයා හටගනී ”
කියල කිව්වෙ. සංඛාර /සසර/ හේතු ඵල දහම… ඔය ඔක්කොම හටගන්නෙ තමන් හටගත්තට පස්සෙ. තමා/ජීවය/ආත්මය/මම මුල්කරගෙන මේක විසඳන්න බෑ. වාහනය තල්ලු කරන්න නම් එලියට බහින්නම වෙනව.
නැත්තන් ඇතුලෙම කැරකි කැරකි ඉන්න වෙනව.
හේතුඵල දහම චක්‍රකාර ධර්මයක් ලෙස ගෙන මේක විසඳන්න බෑ. එකතැනම කැරකෙන්න වෙනව. මේ ධර්මය කෙනෙකුට පේන දෙයක් නෙවෙයි. කෙනා කියන මුලාව ආපු හැටියි දකින්න ඕන.
(මේක බුද්ධ ආගමට සම්බන්ධ නැත. බුද්ධ දර්ශනය ගැනයි මේ කිව්වෙ.
විශේශයෙන් සඳහන් කලයුතු වන්නේ බුදු දහම භක්තියෙන් අදහන ආගමක් වී ඇති බවයි! ඒ සඳහාත් අර කලින් සඳහන් කල ආකාරයේ මිනිසුන්ගේ මැදිහත්වීම පැහැදිලිවම සිදු වී තිබීම නිසා තමයි පිරිසිදු බුදු දහම අද වනවිට නිවනක් නැති තවත් එක් ආගමක් බවට පත් වී තිබෙන්නේ!!
බෙලි කැපීම අනුමත කරන්නේ නැහැ කෙසේවත්..හැබැයි එහෙම බෙලි නොකැපුව පමණින්, විව්ධ යාග හෝම නොකල පමණින්, සත්ව හින්සනය නොකල පමණින් මිනිසුන්ට නිබ්බාණ වීමටත් නොහැකියි!! පරම අවිහින්සාවාදියෙක් වූ මහාවීර ජයින තුමා එහෙනම් නිවන් දකින්න ඕනි!!
මේ දෙකම අන්ත දෙකක්!! එනම් වර්තමාන මොහොත තුල අප විසින් අල්ලා ගන්නා අන්ත දෙකක්..
නමුත් සිදුවන දේහි ඔය කිසිම දෙයක් තියෙනවාද?? එය සිදු වන ආකාරයට සිදු වෙයි!! අපි නේද කලබල වෙලා ඒ සඳහා විවිධ අර්ථකථන දෙන්න යන්නෙ??
අපි මේ අරන් තියෙන්නේ ඵලයකට අදාල දේවල්..එහි හොඳ හෝ නරක, එහි ඇති දුක්බර බව, අසාධාරණ බව, අසුන්දර බව, එහි ඇති හින්සාකාරී බව යනාදී වශයෙන් නොයෙකුත් දේවල් වගේම ඒවා හොඳ යහපත්, පැවැත්මට අවශ්‍ය, උතුම් වූ දෙයක් ආදී වගේ දේවලුත් ගොඩ නගාගෙන තියෙන්නේ කවුද??
නමුත් ඔය දේ සිදු වීමට බලපාන හේතුව ගැන විමසන්නේ නැහැ!!
මම මෙහෙම අහන්නම්,,
බෙල්ලක් කපා දැම්මත් කාටද කියන්න පුලුවන් ඔය බෙල්ල කැපීමෙන් මිය යන කෙනාට හෝ සත්වයෙකුට හොඳක්ද නරකක්ද වෙන්නෙ කියලා???
සෑම මිනිහෙකුගේම උද්දි මට්ටම්, දැනුම් මට්ටම් එක නෑ.. මේ අපි කතා කරන දේවල් තේරෙන්නෙ ඉතාමත් සුලු පිරිසකට විතරයි….. කොටින්ම බුදුන් දේශනා කල දර්මය තේරුනෙත් ඉතාමත් සුලු කොටසකට විතරයි එදත්,,,,,
නමුත් ආගම් වලට ඕනෙ තරම් පිරිස් එදත් හිටිය, අදත් ඉන්නව හෙටත් ඉන්නව…
නමුත් කවුරු හරි පුද්ගලයෙක් කාට හරි වැඳල යැදල පතල , තාවකාලිකව හෝ සතුටක් සැනසීමක් ලබනවානම් ඒකට අපට විරුද්ද වෙන්න බෑ…..
ඒත් ඒ අසරණයින් රවටාගෙන ව්‍යාපාර කරනවාට නම් තරයේ විරුද්ද විය හැකියි.
පොදුවේ ගත්තම , ඉස්ලාම්, කතෝලික , හින්දු , ජෛන , බෞද්ධ ඔය ඔක්කොම ආගම්.. ඔක්කොම එකයි..
නමුත් බුද්ද ධර්මය වෙනම පිරිසිදුව පවතිනවා කියන එක මතක තියාගන්න ඕනෙ.
පැවැත්ම පවත්වාගැනීම එකක්( හොඳින් හෝ නරකින්) හැබැයි පැවැත්ම නැවැත්මට ආගමක හිරවෙලා නම් බැහැ කොහෙත්ම!!!
ගමනක් යනකොට අපේ ගමනට අවහිර බාධා වෙන ගස් ගල් මුල් ඉවත් කරමින්, වලවල් වල නොවැටී අපේ මාර්ගයේ ඇති කුණු ඉවත් කර පිරිසිදුව ආරක්ශිතව ගමන යනවා මිසක් පාරෙ දෙපැත්තෙ තියෙන ඔක්කොම ගස් ගල් අයින් කරන්න,පාරෙ දෙපස ඇති වලවල් ගැටිති වහන්න ඉවත් කරන්න යන්න උවමනා වෙන්නෙ නැහැ!! ඒව තියෙන විදිහට තිබුණ දෙන්!! අපි දැනගත යුතුයි අපේ මාර්ගය ගැන මනා දක්මකින් යුතුව යන්න
විශේශයෙන් සඳහන් කලේ බුදු දහම භක්තියෙන් අදහන ආගමක් වී ඇති බවයි!!
“භව පච්චයා ජාති – භවය මෙසේ නැවත නැවත ඉපදීම නිසා ජාතිය හෙවත් සත්වයා හටගනී ”
කියල කිව්වෙ.භවය”” කියා ඒක වචනයකින් මෙය අර්ථ දැක්වීම වැරදි..හොඳට බලන්න “”බව පච්චයා ජාති””” මිසක් “භවය පච්චයා ජාති නොවෙයි””” මෙහිදී “”බව” ලෙස විග්රහ කර ඇත්තේ “”සංබව”” යි..එනම් රාග බව ද්වේශ බව හා මෝහ බව”” යන තුන් ආකාරයේ වූ බිහි කිරීමේ ශක්තියයි.. එහෙම නොවේ නම් බුදුන් දේශනා කරන්නේ නැහැ ///රාගඛයෝ නිබ්බානං, ද්වෙෂඛයෝ නිබ්බානං, මෝහඛයෝ නිබ්බානං කියලා???? මොකද මේ තුනම එකවර හිතෙන් කපා ඉවත් කල යුතු කෙලෙස් බැමි තුන නිසා..පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගැනීමට(යම් තරමකට හෝ) “”සංදේශනාවක්” ඇසීම නම් කලයුතු වෙනවා…
එහෙම සත්වයා හටගන්නවා නම් සත්වයා මැරෙනකොට..නිවන් දකින්නත් පුලුවන් වෙන්නත් ඕනි නේද?? එහෙම නම් සම්මතයෙන් උපදිනවා කියන දේ වෙනුවට ඊට එහා ගිය දෙයක් පිලිබඳ ඉගැන්වීමක් තිබිය යුතුයි මේ බුදු දහම තුල..
එහෙම සත්වයා හටගන්නවා නම් සත්වයා මැරෙනකොට..නිවන් දකින්නත් පුලුවන් වෙන්නත් ඕනි නේද??//
ඔබ සත්ත්වයා කියන්නෙ මම සත්ත්වයා කියන තැන නෙමෙයි. පටිච්චසමුප්පාදය තුල ඇත්තේ ක්ෂනයක් විසතර කිරීමයි. සත්ත්ව පුද්ගල ආත්ම යන සන්කල්පය ක්ෂනය තුල ඇතිවෙන ආකාරයයි. එසේ ඇතිවන භවයන් පිලිවෙලට තිබූ විට ජාති නොහොත් සත්ත්වයා ඇතිවෙනව.
ඔබ කියන්නේ වාහනේ තල්ලු කරන්න නම් එලියට බහින්න වෙනවා.එහෙනම් කවුද වාහනේ එලියට බැහැලා තල්ලු කල යුත්තේ?? ”තමුන්ම නේද ” ?? එහෙනම් වාහනේ තල්ලු කල යුත්තේ ”තමුන්” හෙවත්”මම” නේද ????
දැන් වාහනයේ මම නැහැ..හැබැයි වාහනේ තල්ලු කරන්නේ ”මම” නේද ??
ඔබගේ තර්කය අනුව, ”මම” කියා කෙනෙක් නැහැ කියන්න පුළුවන් ..හැබැයි එය පරමාර්තයි..නමුත් සම්මතයෙන් ”මම” කියා කෙනෙක් සිටින්නේ නැතුව කොහොමද ’මම නිවන් දකින්නේ ?? ” ඒක ගැනත් අමතක නොකළ යුතුයි..මොකද බුදු දහම ආත්ම වාදයක් හෝ අනාත්ම වාදයක් හෝ නොවෙයි… එයයි අපි බොහොම සියුම් ලෙස තේරුම් ගත යුතු වන්නේ..මගේ,මට කියා අල්ලා ගෙන උපාදානය කරගෙන පවත්වාගෙන යා හැකි කිසි දෙයක් නැහැ..එය හරි. නමුත් ”මම” කියා කෙනෙකුත් ”සම්මතයෙන්” ගොඩනගා ගෙන තිබන නිසයි ”මම නිවන් දැකිය යුතු වන්නේ” එම නිසයි ”සම්මතය තුලින් පරමාර්ථය දැකිය යුතු වන්නේ”
අපි තවමත් සිදු කරන්නේ ”ඵලය” සමග පොර බදන එක..ඒ නිසයි මම/තමන්/මගේ ආත්මය/මගේ නොවන දේ/ මම නොවන/ අනුන් ලෙස නොයෙකුත් වැරදි මැනීම් කරන්නේ..!!! බුදු දහම හේතුව සහ ඵලය යන දෙකම එක ලෙස මෙනෙහි කරමින්, සියලුම ණය ගනුදෙනු වලින් මිදී සදහටම නිදහස් වීමට මග පෙන්වන දහමකි..
සම්මතයේ ඉඳල මම අපි කියල කතා කරනව. බුද්ධ දර්ශනය පරමර්ථ වශයෙන් ගත්තොත් මම අපි නෑ. පටිච්චසමුප්පාදය විතරයි (හේතුඵලය කියලත් කියනව )
මම අපි නොහොත් සත්ත්වයා ඇතිවෙන නැතිවෙන තැන දැක්ක කෙනෙකුට ආයිත් නිවනක් වෙනම අවශ්‍ය වෙන්නෙ නෑ. නිවන අවශ්‍ය වෙන්නෙ සම්මතය නඩත්තු කරන අයට.
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood