ඇයි..? හිතට රාග,ද්වේශ,මෝහ. සිතිවිලි ඇති වන්නේ..?
ඇයි..? හිතට රාග,ද්වේශ,මෝහ. සිතිවිලි ඇති වන්නේ…
ඒකටහේතුව, ඉස්සෙල්ලත් අපි රාගයෙන් කටයුතු කරල පුරුදුයි.
චතුසුවහාරේසු. පළවෙනි එක මොකද්ද චතුසුවහාරේසු. අපි සංසාර පුරුදු 4ක් තියනව. ඇහැට ප්‍රිය දේ දැකල ඒකට ඇලිල පුරුදුයි. ඇහැට අප්‍රිය දේ දැකල, ඒකට ගැටිල පුරුදුයි. මේ පුරුද්ද තමන් ගාව තියනවද නැද්ද, මේ පුරුද්දටද මන් මේ මුලා වුනේ, මේක තමයි හේතු ඵල ධර්මය. එතකොට තමන් තුලින් තියන නිර්මාණය වන උපදින අලුත් හේතුවට, හේතුව, පරන හේතුවක්. ඒ හේතුව, තමන්ට මිසක් වෙන කාටවත් කියන්න අයින් කරන්න පුලුවන්ද නෑනෙ. දැන් මගේ හිතේ මේ ඇහෙන් රූපයක් දැකල මේකට ඇලිල පුරුද්දක් තියනව. ඒකෙන් ආශ්වාදයක් විදල පුරුද්දක් තියනව. ඒකයි හේතුව. එතකොට රාගයට හේතුව මොකද්ද රාගයයි. ඒකනෙ කිව්වෙ යායං තන්හා පොනෝභවිඛා තත්‍ර තත්‍රාභිනන්දනී. ඔය කිව්වෙ ඕක, වෙන මොකක්වත් නෙවේ. ඒ නිසා දැන් තමන්ගෙ හිතේ තියන අර මුල් ආසය නිසයි මේ අනුසය උපදින්නෙ. ඒක තේරුම් ගන්න ඕන.
(ස්වාමින්වහන්ස දැන් මාර්ගඵලයකට, මාර්ගයට පත් වෙනව නම් යම් කිසි කෙනෙකුට කොහොමද මේ හේතු ඵල දහම තේරුම් ගත්තොත් මේක හේතුව නිසා මේක වෙනව මෙතන මම නෙවේයි මේක යම් ධර්මතාවයක් නේද මෙතන තියෙන්නෙ)
නෑ, තේරුම් ගැනීම එකක්. තේරුම් අර ගත්තට පස්සෙ, සං දැක්කට පස්සේ, කරන්න ඕන වැඩ තව තියනවනෙ. අපි දැන් දකිනව මේක වරදක් බව. වරද බව දැක්කට වැඩක් නෑ. වරදෙන් මිදී නිදහස් වෙන්න ක්‍රමයක් තියනව. වරද නිවැරදි කරල, නිවැරදි බවට පත් වෙන ක්‍රමයකුත් තියනව. ඒකත් අර සංතාන විතක්ක සූත්‍රේ පියවර හතරක් කිව්වෙ, ඒ පියවර හතරම අපි අනුගමනය කරන්න ඕන.
දැන් තරහක් එන බවත් දන්නව. තරහ වැරදි බවත් දන්නව. හැබැයි අපි තරහ අයින් කරගත්තෙ නැත්නම්, මෛත්‍රී කරේ නැත්නම්, අනිච්ච, දුක්ඛ, අනත්ත, මෙනෙහි කරල ඒ තරහ තමන්ගෙ හිතින් කපල අයින් කරේ නැත්නම්, වැරදියි.
(එතකොට මේ තරහ ඇති වුනේ මම කියන සංකල්පය නිසා නෙවෙයිද?)
නෑ, මම කියන සංකල්පය ඇති වුනේ තරහ නිසා මිසක්, තරහ නිසා නෙවේ. ඒක තමා අර තරහ නිසා රාගය, ද්වේශය, මෝහය, නිසා තමයි, නිච්ච, සුඛ, අත්ත, තමයි මේ මමත්වය ඇති වුනේ.
(එතකොට ස්වාමීන් වහන්ස මම කියන සංකල්පය මමත්වයෙන් තොරව දකින්න ඇත්නම් මේක හේතු පල දහමක් හැටියට)
දැන් මෙහෙමයි මේ මම කියන එක සංමතයෙන් පාවිච්චි කල යුතුයි. හරිද, මම කියන එක. හැබැයි පරමාර්ථයක් හැටියට මම නෑ, හැබැයි සංමතයක් හැටියට මම , මම නිවන් දකින්න එපෑය. මගේ හිතේ උපදින, දැන් මේ මම කියන එක සංමතයක් හැටියට නෑ කියන්නයි, නේතන් මම නේතෝ හමස්මි නේතෝ මේ අත්තාති, ඒතන් මම ඒසෝමේ හමස්මි ඒසෝමේ අත්තාති. ඕකේ ද්වතාවක් තියන දැන් මම කියල පුද්ගලයෙක් දැන් මෙතන ඉන්නවනෙ මේ හුගක් පිරිසක්, දැන් අර මෙතෙන්ට ආව පුද්ගලයොද මේ ඉන්නෙ? නෑ! එහෙම නම්, හැබැයි මෙතෙන්ට ආව පුද්ගලයො හිතනවනෙ සංමත වශයෙන් ගෙදර යන්නෙත් කවුද තමන්. හැබැයි තමන් අර ආපු පුද්ගලය දැන් අඩුගානෙ පැයකින් දෙකකින්වත් වයසට ගිහිල්ල නැද්ද? සිතුවිලි වෙනස් වුනාද නැද්ද? මේ ධර්මය දේශනාව නිසා ගත හිත ඔක්කොම වෙනස් වුන් නැද්ද? ඔය ඉදගෙන පැය දෙකක් තුනක් හිටිය නිසා ගතත් හිතත් දෙකම වෙනස් වෙලා. ඒක නිසා අර ඉන්න පුද්ගලය නෙවේ, අලුත් රූප කලාප ඔක්කෝම අලුත් සිතුවිලි, අලුත් චේතනා, ඔක්කෝම මනසිකාර, ඔක්කේම වෙනස් වුනා. ඉතින් ඒක නිසා ඒ ආපු මම නෙවෙයි. හැබැයි සංමතයෙන් ඒ ආපු මමමයි ගෙදර යන්නෙ.
ඉතින් ඒක නිසා මේකෙ මේ ද්වතාවය තේරුම් ගත්ත ගමන් අපිට පුලුවන් කම තියනව දැන් මේ මම නැති කරල හරියන්නෑ, මම ඒක නිසා බුද්ධ ධර්මය ආත්මවාදයකුත් නෙවේ, අනාත්ම වාදයකුත් නෙවේ, සාස්වෘත වාදෙකුත් නෙවේ, උච්චේද වාදෙකුත් නෙවේ. හේතු ඵල. දැන් මේ හේතුවක් තියනව හේතුව වෙනස් කරගැනීම නිසා ඵලය වෙනස් කරගන්න පුලුවන්, වෙනස් වනව . මේක තේරුම් ගත්තොත් පටිච්ච සංඋප්පාද ධර්මය තේරුම් ගැනීම ඔය මම අල්ලගෙන හෝ මම නෑ, මම ඉන්නව කියන, එක අල්ලගෙන කටයුතු කලොත් වරදිනව. ඒක තමා චචක්ක සූත්‍රේ අවසානෙ කිව්වෙ, අත්තාතී වෝ වදෙයිය න අත්තාති න වදෙයිය කියල. සාවජ්ජ කියල බුදු හාමුදුරුවො පැහැදිලිව විග්‍රහ කලා. ඉතින් ඒක නිසා මේ මම වේ, මම නොවේ කියන එක අන්ත 2ක් මිසක් ඒකෙන් නිවන් දකින්න බෑ. ඒක නෙවෙයි ඕනා මේ මමත්වයට හේතුව මොකද්ද රාගය, ද්වේශය, මෝහය. මේ මමත්වය නැති වෙන්න හේතුව මොකද්ද, රාගයෙන් තොර, ද්වේශයෙන් තොර, මෝහයෙන් තොර. ඊට පස්සෙ උපාදානය කරගන්නෑ. උපාදානය කරගත්තොත් තමා මෙහෙම වෙන්නේ .
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood