Temples of Sri Lanka

හෙට ලොවකට බුදු නෙත පහළ කළ ප්‍රවේශය….

මිනිසුන්ගේ ආයුෂ කෙමෙන් කෙමෙන් අඩුවේගෙන යයි.මේ කාලයේ මිනිසුන්ගේ සාමාන්‍ය වයස ආයුෂ අවුරුදු 65යි,70යි. ඒක වේගයෙන් අඩුවේගෙන අඩුවේගෙන ගිහිල්ලා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ට බහිනවා.

අවුරුදු 10 බැස්සාම ඒ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 5 වෙනකොට දෙමව්පියෝ දරුවන්ට මගුල් හොයනවා.එතකොට මිනිසුන්ට අවුරුදු 5යි.කසාද බැඳලා ජීවත් වෙන්න තියෙන්නේ අවුරුදු 5යි.ඒ කාලෙදී ගිතෙල්,වෙඬරු,තලතෙල්,මී,හකුරු,ලුණු යන මේවායේ රසය නැත. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10 වෙනකොට මිනිසුන්ගේ ප්‍රණීත භෝජනය වෙන්නේ ගොරහැඬි කෑම.

ඒ කාලෙට මිනිස්සු දස කුසල් කියන්නේ මොනවාද කියලා දන්නේ නෑ.ප්‍රණඝාතය කියන්නේ අකුසලයක් කියලා දන්නේ නෑ.සොරකම කියන්නේ අකුසලයක් කියලා පිළිගන්නේ නෑ.වැරදි කාම සේවනය කියන්නේ අකුසලයක් කියලා පිළිගන්නේ නෑ.බොරු කීම විනෝදයක් ලෙස සලකනවා.කේලාම් කීම,පරුෂ වචන කීම අකුසලයක් ලෙස පිළිගන්නේ නෑ.

මේ විදිහට කාලයක් ගියාට පස්සේ දස කුසල් නැතුව යනවා.ඊට පස්සේ මවට,පියාට සලකන්නේ නැතුව යනවා.ගුරුවරයාට ගරු කරන්නේ නෑ.ශ්‍රමණ බ්‍රහ්මණවරුන්ට ගරු කරන්නේ නෑ.වැඩිහිටියන්ට ගරු කරන්නේ නෑ.ඔවුන්ට සලකන්නේ නෑ.ඉස්සරහට තියෙන්නේ මේ වාගේ යුගයක්.එම නිසා මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේදී ඔබ චතුරාර්ය සත්‍ය ධර්මයේ සිත පිහි‍ටුවාගෙන ශ්‍රද්ධා,සීල,ශ්‍රැත,ත්‍යාග,ප්‍රඥා කියන සේඛ බල වර්ධනය කරගෙන මෙතැනින් පැනගන්න උත්සාහ කරන්න.

ආයෙමත් ඔබ ඉපදුණොත් ඉපදෙන්නේ මේ පරිහානිකර යුගයේ කොටස්කාරයෙක් වශයෙන්.මිනිසුන්ගේ ගුණධර්ම වේගයෙන් පරිහානියට පත් වෙලා යනවා.අවුරුදු 10 වෙනකොට මිනිස්සු මේ මගේ අම්මා…මේ මගේ තාත්තා…මේ මගේ අයියා…මේ මගේ අක්කා…මේ මගේ මල්ලී…මේ මගේ නංගී…කියලා ගණන් ගන්නේ නෑ.ආයුෂ අවුරුදු 10 වෙනකොට හිතෙන හිතෙන කෙනා සමඟ ජීවත් වෙන්න හදනවා.අපි සංසාරයේ හිටියොත් මුහුණ දෙන්න තියෙන අනාගත ලෝකය තමයි මේ.

මේ ශාසනය වේගයෙන් පිරිහී යනවා.මේ ධර්ම කථාව බොහෝම සුළු කාලයයි තිබෙන්නේ.අපේ වාසනාවකට අපට මේ ධර්මය මුණ ගැසුණා.ඉතින් ඒ නිසා අපට සසර දුකින් මිදෙන්න ගෞතම ශාසනයේ යම් කිසි පිහිටක් තියෙනවා.අනාගතයේ මිනිසුන්ට ධර්ම මාර්ගයක් නෑ.ඒ නිසා අනාගතයේදී මනුෂ්‍ය ලෝකය තුළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කියලා අදහසක් තියෙනවානම් ඒ අදහස අත්හරින්න.ඒක කළ නොහැකි දෙයක්.ඒක කරනවානම් කරගන්න තියෙන්නේ මේ ජීවිතයේදී විතරයි.

මේ ජීවිතයේදී ශ්‍රද්ධා,සීල ශ්‍රත,ත්‍යාග,ප්‍රඥා දියුණු කරගෙන සතර සතිපට්ඨානය ඉගෙන ගෙන ඒකත් ටික ටික පුරුදු කරගෙන ඊළඟට දෙවියන් අතරට යන්න ලෑස්ති වෙන්න ඕන.ඉස්සරහට නම් මේ මනුෂ්‍ය ලෝකය තුළ ඒක බලාපොරොත්තු වෙන්න එපා.අනාගත ලෝකය අපි හිතනවාට වඩා විෂම,දරුණු එකක්.අනාගතය ගැන ඔබ සැලසුම් කරනවා නම් මනුස්ස ලෝකය සැලසුම් කරන්න එපා.එම නිසා ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්,තමා තමාව පිළිසරණ කරගෙන,තමා ධර්මය පිළිසරණ කරගෙන,සතර සතිපට්ඨානය තුළ සිහිය පිහි‍ටුවාගෙන,සිත දියුණු කරගෙන,සිත පිහි‍ටුවාගෙන ඔබට ද මේ ගෞතම බුද්ධ ශාසනයේ දී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා!

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X