Temples of Sri Lanka

හොඳ සහ නරක

සදාචාර සම්පන්න පුද්ගලයෙක් හොඳ කෙනෙකියි කියනු ලැබේ. එසේ ම ප්රණීත ආහාරයක් හොඳ එකකැ යි කියමු. ප්රයෝජනවත් විය හැකි ලී කොට කැබැල්ලකට හොඳ දර කොටයකියි කියනු ඇසිය හැකි ය. අනෙක් අතට එක් කෙනෙකුට හොඳ විය හැකි දෙයක් තවත් බොහෝ දෙනෙකුට හොඳ නොවන්නට ද පුළුවන. එක් කෝණයකින් සිට බලන විට හොඳ විය හැකි දෙයක්, තවත් කෝණයකින් සිට බලන විට එසේ නොවිය හැකි ය.
එක්තරා පරිසරයක, දිසාවක හෝ සමාජයක හොඳ යැයි සම්මත හැසිරීමක් වෙනත් එවන් තැනකදී නරක යැයි පිළිගැනෙන්නට පුළුවන.

 

මේ උදාහරණ වලින් පෙනෙන්නේ ප්රස්තුත කරණය විෂයයෙහි කිසියම් අසමකුලිතතාවක් ඇති බවයි. එබැවින් හොඳ යන වචනය විවිධ දෘෂ්ටි කෝණයෙන් සලකා බැලීම මැනවයි සිතේ. එනම් සුඛාත්මවාදී, සෞන්දර්යවාදී, ආර්ථික ආදී විසිනි. මේ වෙනසට හේතුව වටිනාකම් හෙවත් ඇගැයීම් පිළිබඳ සංකල්පයයි. හොඳ හා නරක යන වචන විවිධ ඇගැයීම් ක්රම තුළ භාවිත කළ හැකි ය. එවිට ඒවා බොහෝ පුළුල් අර්ථයෙන් සැරිසරයි.
කර්ම නියාමය පිළිබඳ සංවාදයේ දී, කුසල හා අකුසල හෝ දක්ෂතා හා අදක්ෂතා යන පාරිභාෂික පදවල බෙහෙවින් නියත තේරුම් ඇත.
බෞද්ධ ආචාර විද්යාවට අනුව කුසල හා අකුසල යනු කම්ම නියාමයේ ගතිලක්ෂණ වෙයි. ඒවා පොදුවේ හොඳ හා නරක යන වචන වෙනුවට යොදනු ලැබේ. කම්ම නියාමයේ ක්රියාකාරීත්වය අනෙකුත් නියාමයනටත් අනිවාර්ය සබඳතාවක් දක්වයි. එකල්හි කම්ම නියාමය නියතයෙන් පුද්ගලයාගේ ආධ්යාත්මික ජීවිතයට අදාළ පරිදි චිත්ත නියාමය සමඟ අන්යෝන්ය විසින් බලපායි. ඒ අතර එකී බලපෑම බාහිර විසින් සමාජානුයෝගයට ද සහසම්බන්ධතාවක් දක්වයි.

 

ඇතැම් විට කුසල සහ අකුසල, හොඳ හා නරක ලෙස පරිවර්තනය කරනු ලබතත්, එය සාවද්ය මෙහෙයැවීමක් නිසා විය හැකි ය. කුසල යනුවෙන් හැඳින්වෙන දේවල් හැම විටම හොඳ ලෙස තීරණය කළ නොහැකි වන අතර ඇතැම් ඒවා අකුසල ද විය හැකි ය. එසේ ම ඒවා පොදුවේ ගත් කළ නරක ලෙසත් තීරණය කළ නොහැකි ය. උදාහරණයක් ලෙස දෝමනස්සය, කනස්සල්ල, ආලස්යය සහ චිත්ත වෛකල්යය අකුසල පාක්ෂික වූවත්, පොදු වහරට අනුව ගත් කළ නරක ලෙස සැලකීමේ නැඹුරුවක් නොපෙනේ. එකී චිත්තාකල්පයෙන් සලකන විට, කායික හා මානසික සන්සුන් බව වැනි ඇතැම් කුසල පාක්ෂික ‘ආචාරයකට’ good යන්නෙන් දැක්වෙන පොදු තේරුම් ගැනීමට පහසුවෙන් එළඹෙන්නට නොහැකි වනු ඇත.

 

කුසල සහ අකුසල යනු සිතෙහි හටගන්නා උත්තේජනීය ස්වභාවයකි. එහි ප්රතිඵල විසින් සිත තුළ මූලික ආවේගික තත්ත්වයක් ජනනය කරනු ලැබේ. ඒ ආවේගයෝ එහි සිට බාහිර ක්රියාකාරකම් හා කායික ඉන්ද්රියයන් මෙහෙයවති. එබැවින් කුසල හා අකුසලයන්ගේ අභිලාෂය වන්නේ මූලික පදනමක් ලෙස සිට සිතෙහි ස්වභාවය, අන්තර්ගතය හා සංසිද්ධි අවධාරණය කිරීමයි. කුසල යන්න පොදු වහරින් බුද්ධිමත්, දක්ෂ, තෘප්තිමත්, පලදායක්, හොඳ හෝ දුර්විපාකයෙන් තොර යනුවෙන් සලකනු හැකි ය. අකුසල යනු එයට ප්රතිවිරුද්ධ අබුද්ධික, අදක්ෂ ආදී විසින් අර්ථ ගැන්විය හැකි ය. යම් තැනක හොඳහිත වේ ද, එකල්හි සිත ස්වාභාවිකව ම තෘප්තිමත්ය, ආනන්දජනක ය, පැහැදිලි ය.

 

මෙය මනසේ ගතිලක්ෂණ හා නිපුණත්වයට අනුබල දෙන, එයට සුවදායක තත්ත්වයකි. එබැවින් හොඳහිත හෙවත් පහන්සිත පරිත්යාගශීලීය, කුසලපාක්ෂිකය ය. සති හෙවත් මනාසිහිය, මනස කවර ආකාරයේ ප්රයත්නයක හෝ කාරියක නිරතව සිටියත්, එහිලා සාවධාන වන්නට බලමිනි. එය අකුසල පාක්ෂික චේතනා නැඟී සිටීම වැළැක්වීමට දිරිගැන්වීමකි. එයින් වඩාත් කාර්ය සාධක ලෙස ක්රියා කිරීමට මනස දිරිගැන්වෙයි. එබැවින් සති හෙවත් මනාසිහිය කුසලය වෙයි.

 

අකුසල ස්වභාවයට උදාහරණ ලෙස මෛථුන කාමය, වෛරය, ක්රෝධය, උදාසීනත්වය, අසහනය, කනස්සල්ල, කුපිතය, ඊර්ෂ්යාව, අසීමිත ධනතණ්හාව ආදිය ගැනේ. ඊර්ෂ්යාව මනසේ විරෝධාකල්ප ජනනය කරයි. එසේ ම පීඩාකාරී වන අතර පැහැදිලි ලෙස ම මනසෙහි ස්වභාවය සහ සෞඛ්යයට හානි පමුණුවයි. ඒ නිසා එය අකුසල වෙයි. කෝපය සිත නොසන්සුන් කරයි. එය කෙතරම් දරුණු ද යත්, ඉතා කඩිනමින් කායික සෞඛ්යයටත් බලපායි. ඒ අනුව එය පැහැදිලිව ම අකුසල වෙයි. මෛථුන කාමය මනස නොසන්සුන් කරයි, පීඩාවට පත් කරයි. එය ද අකුසල පාක්ෂික ය. කුසල සහ අකුසල යන වචන පිළිබඳ අර්ථය පැහැදිලි කර ගැනීමෙන් පසු, අපි හොඳ සහ නරක කර්ම හෝ කුසල කර්ම යහ අකුසල කර්ම ගැන තේරුම් ගන්නට සූදානම් වෙමු. මෙතෙක් නිරවුල්ව සඳහන් කර ඇති හෙයින් කර්මයෙහි ඛ්දවත හෙවත් මූල සාධකය අපේක්ෂාව දක්ෂතාවයි. අකුසල තත්ත්වය අන්තර්ගතය වන අපේක්ෂාව අදක්ෂතාවයි. දක්ෂතාව හෝ අදක්ෂතාව පිළිබඳ අපේක්ෂා කය, වචනය හෝ සිත මඟින් ක්රියාත්මක වන කල්හි ඒවා පිළිවෙළින් කායික, වාචික හා මානසික කුසල කර්ම හෝ අකුසල කර්ම වනු ඇත. විශ්වාසය හෝ පරිත්යාගශීලීත්වය, සදාචාරාත්මක පාරිශුද්ධිය හෝ භාවනාව අතරතුර ලැබෙන ආධ්යාත්මික අත්දැකීම ආදී සියල්ල පවා කුසල පාක්ෂික තත්ත්වයෝ ය. මේ තත්ත්වය විසින් මමංකාරය, අහීමානය, මානාධිකත්වය හෝ එවන් ඕනෑ ම අකුසල පාක්ෂික මානසික හැඟීමක් නැඟී සිටින්නට පුළුවන. එබැවින් මමංකාරය හෙවත් අහංකාරය, අභිමානය ආදිය අකුසල තත්ත්වයකි. මේ වාතාවරණය “අකුසලය සඳහා හේතුවක් වන කුසල පාක්ෂික ක්රියාවක්” ලෙස හඳුනා ගනු ලැබේ.

 

භාවනා පුහුණුවේ දී සිත කෙමෙන් අකුසල පාක්ෂික ඇලීමකට මෙහෙයැවෙන උපරිතලයේ සමාධිගත කුසල පාක්ෂික පියවරකට එළඹෙන්නට ද පුළුවන. කුසල පාක්ෂිකව අනුන් කෙරෙහි පත්වන හොඳ හිත සහ කරුණාව පිළිබඳ චේතනාවේ වර්ධනය තුළ, තමන් පිරය කරන වස්තුවක් හමුවේ අකුසල පාක්ෂික කාම තෘෂ්ණාවක් ජනනය කිරීමේ අහඹු තත්ත්වයක් ඇති වන්නටත් හැකි ය.
තවද කම්ම නියාමය, මනෝවිද්යාත්මක න්යාය සහ සමාජානුයෝගය යන දෙක සමඟ බෙහෙවින් කුලුපඟ සබඳතාවක් ඇති බව සඳහන් කර ඇත. මේ සමානත්වය පවා පහසුවෙන් ම වැරදි අවබෝධයකට තුඩු දෙන්නට පුළුවන. කම්ම නියාමයේ අත්යාසන්නයෙන් චිත්ත නියාමයට සහසම්බන්ධිත ය. සැබවින් ම ඒ දෙක අතර කිසිදු වෙනසක් නැති තරම් වෙයි. එහෙත් ඒ අතර පැහැදිලි බෙදුම් රේඛාවක් ඇතිවා සේ ය. එනම් අපේක්ෂාවයි. කම්ම නියාමයේ සාරාර්ථය සහ අභිපේරරන ශක්තිය වන්නේ ද මේ අපේක්ෂාවයි. බීජ, උතු, ධම්ම හා චිත්ත යන අනෙක් නියාමයන් අතර කම්ම නියාමයට විශිෂ්ට අවකාශයක් සැලසිය යුත්තේ එබැවිනි.

 

අනෙක් අතට චිත්ත නියාමය අනපේක්ෂිත අරමුණු ඇතුළු සියලු මානසික ක්රියාකාරකම් පාලනය කරයි. මානුෂික අපේක්ෂාවනට, අනෙක් නියාමයන්ගෙන් ඉටුකර ගත නොහැකි ස්වකීය ම සහ සුවිශිෂ්ට වූ භූමිකාවක් හෙවත් කාර්ය භාරයක් කම්ම නියාමය මඟින් ඉටු කර ගන්නට ඇත. එනම් මානව සංහතිය ස්වාභාවික ලෝකය (සොබාදහම) තුළ තමන් ස්වාධීන යැයි ඇති වන මුළාවෙන් නිදහස් කර ගැනීමයි. අපේක්ෂාව, තමන් කාර්යාශක්ත වීමට නම්, චිත්ත නියාමයේ යාන්ත්රිකත්වය කෙරෙහි විශ්වාසය තැබිය යුතු ය.
කර්ම උත්පාදක කාර්යාවලිය සක්රීය විය යුත්තේ චිත්ත නියාමයේ ආවේණික ගුණාංග ඇසුරේ ය. මෝටර් බෝට්ටුවක් පදවන්නකු උපමාවට ගතහොත්, මිනිසා සම්බන්ධයෙන් රියැදුරා වන්නේ අපේක්ෂාවයි. ඇයි ද යත්, කර්ම නියාමයේ විෂය පරිමාව වන්නේ අපේක්ෂාව වන හෙයිනි. කුමක් හෙයින් ද යත්, සමස්ත බෝට්ටු ඇන්ජිම චිත්ත නියාමයේ ක්රියාකාරීත්වය වන මානසික සාධක වලට සමාන වන නිසා ය.

 

රියැදුරාගේ රඳා පැවැත්ම ඇත්තේ බෝට්ටු ඇන්ජිම මත ය. කෙසේ වෙතත්, බෝට්ටුව මෙහෙයැවීමට ඇන්ජිම මෙන්, කවර අතකට හෝ ජීවිතය සහ කය හැසිරවීමට රියැදුරා හෙවත් අපේක්ෂාව පිළිබඳ අභිමතය මුළුමනින්ම මනස සතුවෙයි. රියැදුරාගේ පැවැත්මත්, බෝට්ටුවේ භාවිතයත් අන්යෝන්ය වන අතර, එසේ ම බෝට්ටුව සහ ඇන්ජිම් යන දෙකේ ම ආරක්ෂාව පිළිබඳ වගකීමක් රියැදුරා සතු ය. එපරිදි කර්ම නියාමයේ පැවැත්මත්, චිත්ත නියාමයේ භාවිතයත් විසින් සිත හා කය ඇතුළුව ජීවිතයේ සර්ව ශුභසාධනය සඳහා වූ පූර්ණ වගකීම පවරා ගනු ලැබේ.

 

කෙසේ වෙතත්, කම්ම නියාමය හා චිත්ත නියාමය අතර අන්යෝන්ය සබඳතාව විෂයයෙහි සැලකිය යුතු අවුලක් නැත. ඇයිද යත්, මූලික වශයෙන් සාමාන්ය පෘථග්ජනයා විසින් මේවා කෙරෙහි එතරම් ගණන් ගැනීමක් නොකරන හෙයිනි. එහෙත් තරයේ ම ගැටුමක් ඇති වන ප්රශ්නයක් වන්නේ, කම්ම නියාමය සහ සමාජ අනුයෝගය අතර පවතින බන්ධූත්වයයි.
මේ ගැටුම හොඳ සහ නරක පිළිබඳ ස්වභාවයට බහු අර්ථකත්වයක් ජනනය කරයි. අපට නිතර අසන්නට ලැබෙන්නක් නම්, හොඳ සහ නරක පිළිබඳ ව්යවහාරය හුදෙක් මිනිස් හෝ සමාජ මතිමතාන්තරයක් බව බොහෝ දෙනා විසින් කියනු ලැබීම යි.
හොඳ සහ නරක මානව ප්රමුඛතාව සහ සමාජ ප්රතිඥාව පිළිබඳ ප්රතිපත්තියකියි කීම එක්තරා දුරකට සත්යයකි. එසේ වූවත් සමාජ ප්රමුඛතාවේ හොඳ සහ නරක කවර හැටියකින් හෝ කම්ම නියාමයේ ක්රියාකාරීත්වයට බලපාන්නේ හෝ එහ නිෂ්ප්රභ කරන්නේ නැත. ඒ සමඟ ගැටුමක් ඇති කර ගන්නේත් නැත. හොඳ සහ නරක කම්ම නියාමයේ ගුණාංග හෙවත් ගතිලක්ෂණ ලෙස හඳුනා ගත යුතු ය.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!

 

© Buddhist Brotherhood
You might also like
en English
X
X