Temples of Sri Lanka

දානය මහත් ඵල යි

බුදුදහමේ තරම් පැහැදිලිව වෙන කිසිම ආගමක දානය පිළිබඳ විස්තර වන්නේ නැහැ

ඒ බව බුදුන් වහන්සේ පැහැදිලිවම වදාළා.සමහර ආගම් වල දීම පිළිබඳව සඳහන් වෙනවා.නමුත් එහි තිබෙන්නේ නීතියක් එහි සිත පහදවා ගෙන දීමක් නෑ.සිත පහදවා ගෙන දීම ආනිසංස දැනගෙන දීම තුළ දානය කියන වචනය තෝරන්න පහසුයි.දානයට පුරුදු නොවූ සමාජයක තත්ත්වය ඉතාම කනගාටුදායකයි.

 

බෞද්ධ අපි කීප ආකාරයකට දන් දෙනවා දුගී මගී යාචකයන් සඳහා අප සතු දේ දන් දෙනවා එහිදී කිසිසේත් ම අප ඔහුගේ ආගම කුමක්ද ජාතිය කුමක්ද සොයන්නේ නැහැ වැඩිහිටි නිවාස වලට ළමා නිවාස වලට දන් දීමේදී කිසිවක් නොසොයාම අප දන් දෙනවා ඒ අයගේ අසරණ තත්ත්වයෙන් මුදවා ගැනීමේ අරමුණින් තමයි අප ඒ සඳහා දානයට යොමු වන්නේ
බෞද්ධයා තරම් දන් දන්දීමේ කැමැත්තක් දක්වන වෙනත් ජනතාවක් ලෝකයේ නැති තරම් ඇස් දන්දීම ලෝකයාට හඳුන්වා දුන්නේ බෞද්ධ අන්යාගමික රටවල අය ඇස් දන් දෙන්නේ නැහැ.බෞද්ධ රටවලින් තමයි ඇස් අරගෙන ගිහින් ඔවුන්ට බද්ධ කරන්නේ
ලෝකයේ කිසිම රටක නැති විදිහට අපේ රටේ මිනිසුන් තව කෙනෙක් උදෙසා ලේ දන් දෙනවා ඉතාමත් ආශ්චර්ය දන්දීම් තවත් අපේ රටේ තිබෙනවා මේ රටේ බොහෝ දෙනකු මේ සියලුම දන්දීම් කරන්නේ තාවකාලික ජීවිතය ප්රයෝජනයක් ගත යුතුයි කියන අදහසින්
ඒ වගේම තමන්ට කිසියම් පිනක් සිදුකර ගැනීමත් උදෙසායි බුද්ධ ධර්මය තුළ දී අපි ආමිස දානය පිළිබඳව කතා කරනවා ඉඩකඩම් ගේ දොර යානවාහන දේපල දන්දීම ඒ වගේ සතුන් නිදහස් කිරීමත් බොහෝ සිදුවන දෙයක්
එය අභය දානය ලෙස හඳුන්වනවා

 

මීට අමතරව බොහෝ දෙනා කැමති දානයක් තියෙනවා ඒ තමයි ධර්ම දානය මිනිස්සු දහස් ගණන් ලක්ෂ ගණන් වියදම් කරලා දහම් පොත් මුද්රණය කරලා ධර්ම දානය දෙනවා මෙයින් අපට පැහැදිලි දානය ඉතාම පුළුල් ලෙස සිද්ධවන්නේ බෞද්ධ සමාජයක් තුළ… දාන විවිධාකාරයෙන් බෙදෙනවා කෙනෙකුට දාන වේලක් දීමේදී ඉතාමත් පිරිසිදුව ප්රණීත ව ලබාදීමත් ඉතා වැදගත් එයත් මහත් ඵල ගෙන දෙන පුණ්යකර්මයක්…..

 

සහෝදරත්වයෙන් එක්වෙමු!

 

© Buddhist Brotherhood
You might also like
en English
X
X