Temples of Sri Lanka

ජීවිතේ දිනන්න… මේ විදිහට හිතමු….

හැම මොහොතක්ම අපේ ජීවිත වලට එකතු කරන්නේ අලුත් බලාපොරොත්තු. ඒ අලුත් බලාපොරොත්තු තමයි අපිට ජීවත් වෙන්න පාර කියන්නේ. අපේ ජීවිතය අලුත් කරන ඒ බලාපොරොත්තු ඉටු කරගන්න තමයි අපි අපේ ජීවිතේ හැම මොහොතක්ම කැප කරන්නේ.

 

ඒ නිසා ජීවිතේ ජීවත් කරවන අලුත් බලාපොරොත්තු ඉටු කරගෙන ජීවිතේ දිනන්න වෙර දරන්න ඔබට හැකියාවක් සතුයි.එහෙම ඔබ වෙනුවෙන්ම ඔබට ඔබේ ජීවිතේ දිනන්නම ඇති අවශ්යතාවයට ඔබත් ඔබ එක්ක එකතු වෙලා මේ විදිහට හිතන්න. එතකොට ජීවිතය දිනන්න ඔබ දකින හීනය ඇත්තටම යථාර්තයක් වේවි.

 

01. අවශ්යතාවයට ගැලපෙන හොඳම දේ ගැන හිතන්න
අපිට ගොඩක් වෙලාවට වැරදෙන තැනක් තමයි අපේ අවශ්යතාවයට ගැලපෙන නිවැරදිම දේ අපිට හිතලා මතලා තීරණය කරගන්න බැරි එක.
හරියට හිතලා බලන්නේ නැතුව අවශ්යතාවයට නොගැලපෙන දේවල් තෝර ගත්තම පස්සේ වෙන්නේ ප්රශ්න ගොඩකට මුහුණ දෙන්න. ඒ නිසා ජිවිතේ දිනන්න ඔබට අවශ්යයි නම් හොඳට හිතන්න ඔබේ අවශ්යතාවයට ගැලපෙන හොඳම දේ මොකක්ද කියලා මේ තීරණය හොඳට හිතලා බලලා ගන්න වෙලාවට දහම ඔබ ලඟින්ම ඉන්නවා ඔබට උරදෙන්න.හරියට ඔයා ජීවිතය දිනන්න යන ගමනේදී ඔයාගේ මුලුක කටයුතු වලට ගැලපෙනම ක්රමය ගේන්නෙ ඔයාගෙ අත්දැකීම්..

 

02. ඔබට ලැබෙන කිසිම අවස්ථාවක් මඟ හරින්න හිතන්න එපා
ඔබට ඔබේ ජීවිතය දිනන්න තරම් හිතේ ශක්තියක් තියෙනවා කියා ඔබ නිතර සිහිපත් කල යුතුයි. ඔබේ ජීවිතය දිනන ගමනට දිරි දෙන කිසිම අවස්ථාවක් මඟ හැරගන්න එපා.
ඔබ ඔබේ ආර්මික බව හා මිනිසත් බව සමඟ සම්බන්ධ උනොත් ඔබට ලැබෙන සේවාවන් රැසක් ඔබට අත්පත් කර ගන්න පුලුවන්. මේ හැම දෙයක්ම ඔබට ලැබෙන්නේ ඔබේ ජීවිතය දිනන්න යන ගමන සාර්ථක කරගන්න.

 

03. ඔබට ලැබෙන දේවල් වලින් උපරිම ප්රයෝජන ගන්න හිතන්න
අපි ජිවිතේ දිනන්න උත්සහ කරන ගමනේදී අපිට ඕනේ තරම් අවස්ථාවන් ලැබෙනවා. ඒ ලැබෙන අවස්ථාවන් වලින් උපරිම ප්රයෝජන ලබා ගත්තොත් ජිවිතේ දිනන එක අපි හිතනවටත් වඩා පහසුයි.ඔබ ඔබේ උපන් ආගම සමග බද්ද වන්න.දහම ඔබට ජීවිතය දිනන්න හොඳම අවස්ථාවන් ලබාදෙන තැනක්.
මේ විදිහට ජීවිතේ විසඳගන්න ඔයා ලඟම තියන ගොඩාක් දේ ඔයාට වටිනාකම් දෙන බව සිතන්න.
ඔබට ලබාදෙන මේ අවස්ථාවන් වලින් උපරිම ප්රයෝජන ගන්න ඔබ උත්සහ කරොත් ඔබට ඇත්තටම ජීවිතය දිනන්න පුළුවන්.

 

04. අලුත් දේවල් එක්ක අලුත් වෙන්න හිතන්න
අපි ජිවත් වෙන වට පිටව මොහොතින් මොහොත අලුත් වෙනවා. ජීවිතය දිනන්න උත්සහ කරන ගමනේදී අපිටත් මේ අලුත් දේවල් එක්ක අලුත් වෙන්න වෙනවා. හැමදාම හිටපු විදිහ වෙනස් කරලා smart ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න අලුත් දේවල් අත් දකින්න ඔබේ ගතවෙන හැම මොහොතක්ම සැහැල්ලුවෙන් ගත කරන්න අවශ්ය වට පිටවත් ඔබ ඔබේ නිදහස් මනස සමග අත් පත් කර ගැන්මත් අත්යාවශ්යයි.

 

05. ඔබට ලැබෙන උපරිම වාසිය ගැනත් හිතන්න
ඔබ තෝරාගන්න දේවල් නිසා ඔබට පාඩුවක් වෙනවට වඩා ඔබ නොහිතන විදිහේ වාසි සිදු වෙනවා නම් ඒ නිසා ඔබේ ජීවිතය දිනන ගමනට ලැබෙන්නේ ලොකු ශක්තියක්. ධර්මය කියන්නේම ඔබට ඔබ නොහිතන තරම් සතුටක් වගේම ජීවිතයක් ඔබට ගෙනෙන තැනක්.
ඔබට හැම අතින්ම ජීවිතය දිනන්නට අවශ්ය වටපිටාව සකස් කරගන්න ඔබට ලැබී ඇති මේ අපූර්ව වූ මිනිසත් බව මහා වාසනාවක්.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X