Temples of Sri Lanka

ජීවිතයට බුදු දහමේ ඇති වැදගත්කම

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ පොසොන් පුන් පොහෝ දිනක ධර්ම දූත පිරිසක් සමග ලංකාවට වැඩම කළ අතර එතැන් පටන් බුදු දහම මෙරට ස්ථාපිත වූයේය. මේ නිසා සම්බුදු තෙමඟුල සමරන වෙසක් පොහෝ දිනය මෙන්ම අපට පොසොන් පොහෝ දිනයේ ද අතිශය වැදගත්කමක් ඇත. මේ බුදු දහම ලංකාවට පැමිණීම නිසා මෙරට විශාල සමාජ පරිවර්තනයක් සිදුවිය. එසේම මෙරට බෞද්ධ ප්‍රබෝධයක් මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් ජනයාගේ ජීවන පැවතුම් උසස් තත්ත්වයට පත්වීමට එය හේතු විය.

එහෙත් එතැන් පටන් අද වන විට විශාල කාල පරාසයක් ගතවී සමාජය අතිශය සංකීර්ණ හා තරගකාරී තත්ත්වයට පත්ව ඇත. ජනමාධ්‍ය පරිශීලනය කරන විට රටේ සිදුවන වංචා දූෂණ, අපරාධ, හොරකම් සහ පාතාල ක්‍රියා වැනි සමාජ විරෝධී ක්‍රියාවන් විශාල වශයෙන් වර්ධනය වී මිනිස් සමාජය දූෂිත තත්ත්වයට පත්ව ඇත. මේ නිසා අප සමාජයේ බොහෝ දෙනෙක් සතුටින් ජීවත් වෙනවා වෙනුවට ජීවත් වන්නේ අසතුටිනි, අසහනයෙනි, ඉමහත් පීඩාවන්ට මුහුණ දෙමිනි.

බුදු දහම මගින් පෙන්වා දී ඇති පරිදි මේ සක්විති රජුගේ ප්‍රධාන කටයුතු හතරකි. ඒවා හැඳින්වෙන්නේ සක්විතිවත් ලෙසය. ඒවා මෙසේ සඳහන් කළ හැකිය.

දැහැමෙන් සෙමෙන් රට පාලනය කිරීම
ජීවිත සුරක්ෂිතතාව තහවුරු කිරීම
ආර්ථික සුරක්ෂිතතාව ඇති කිරීම
විශාරදයන්ගේ උපදෙස් ලබාගැනීම

රජයක් මුහුණ දෙන මේ තත්ත්වය අපට සාමාන්‍ය ජනයාගේ ජීවන මාර්ගයට ද ආදේශ කළ හැකිය. සිඟාලෝවාද සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වාදී ඇත්තේ අප දුක් මහන්සියෙන් උපයාගත් ධනය කොටස් හතරකට බෙදා පරිහරණය කළයුතු බවයි. එනම් ඉන් එක් කොටසක් එදිනෙදා ප්‍රයෝජනයට (පරිභෝජනයට) ගත යුතු අතර, කොටස් දෙකක් තමා කරනු ලබන වෙළහෙළෙඳාම් යනාදි කර්මාන්ත හෝ ව්‍යාපාරයන්හි දියුණුව පිණිස යෙදවිය (ආයෝජනය) යුතුය. ඉතුරු කොටස කරදරයක්, විපතක් පැමිණි විට ප්‍රයෝජනයට ගනු පිණිස (ඉතිරිකිරීම) ආරක්‍ෂිතව තැබිය යුතුය. මේ උපදේශය පුද්ගලයකුගේ ජීවන මාර්ගයට පමණක් නොව ව්‍යාපාර ආයතනයකට මෙන්ම රටකටත් අදාළ වේ. මෙසේ තමන් උපයන ධනය මේ ආකාරයෙන් නිසි කළමනාකරණයකින් පරිහරණය නොකරන්නේ නම් පුද්ගලයකුගේ මෙන්ම පවුලක ජීවන මාර්ගය ද අවුලකට පත්වනු ඇත. උපයන ධනයෙන් වැඩි කොටසක් කාබී විනෝද වීමට යෙදෙව්වොත් වන්නේ ආයෝජනය දුර්වල වී අනාගත ධනෝපායන ශක්තිය දුර්වලවීමයි. එවිට අනාගතයේ ඉතිරිකිරීම, ආයෝජනය කිරීමට තබා එදිනෙදා කෑමට බීමටවත් ආර්ථික ශක්තියක් නොමැති දුර්වල තත්ත්වයකට පත්වනු ඇත. මේ නිසා කිසියම් පවුලක දියුණුවට, සාමකාමී පැවැත්මට එම පවුලේ ආර්ථික තත්ත්වය බෙහෙවින් බලපාන සාධකයකි. නිරන්තරයෙන්ම පවුලේ දියුණුව සඳහා මෙන්ම සතුට රැකගැනීමට නම් පවුලේ ආර්ථික ශක්තිය පිරිහීමට නොදී රැකගත යුතුවේ. ධනය ඉපයීම මෙන්ම එය ආරක්‍ෂා කරගැනීමත් අත්‍යවශ්‍ය දෙයකි. මෙහිදී ගෘහස්ථ ජීවිතයේ ආර්ථික ශක්තිය පිරිහීමට හේතු වන ප්‍රධාන කරුණු 4ක් ද බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. ඒවා නම් නැතිවූ දෙය සොයා නොබැලීම, දිරාපත් වූ දේ පිළිසකර නොකිරීම, ආහාර, ඇඳුම් පැලඳුම් යනාදියට අසීමිතව වියදම් කිරීම සහ සිල්වත් නොවූ ස්ත්‍රියක හෝ පුරුෂයකු පවුලේ ප්‍රධානත්වයට පත්වීම යන කරුණුයි. මෙලෙස බුදු දහමට අනුව පුද්ගලයන්ගේ ජීවන මාර්ගය ආර්ථිකමය වශයෙන් සුරක්‍ෂිත කරගැනීමට අදාළ වන තවත් උපදෙස් රැසක් බුදුන් වහන්සේ විසින් විවිධ සූත්‍රවලදී දේශනා කර තිබේ.

මේ අගනා ධර්මයෙන් මෙසේ අපගේ ජීවන මාර්ගය සාර්ථක කරගැනීමට අවශ්‍ය මඟපෙන්වීම ලබා ගන්නේ නම් ගෘහස්ථ ජීවිතය වඩාත් සාර්ථක කරගත හැකි වනු ඇත.

ඔබ සැමට තෙරුවන් සරණයි..🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X