Temples of Sri Lanka

ලෝකයම එක මිටකට

“අද ලෝකයෙහි යථාර්ථය, අතීතයට වඩා මදක් වෙනස්. අතීතයේ විවිධ ආගම්වලට, සම්ප්‍රදායන්ට අයත් මිනිසුන් ජීවත් වුණේ අඩු වැඩි වශයෙන් හුදෙකලාව.

නිදසුන් ලෙස බෞද්ධයන් වාසය කළේ ආසියාවේ, ඉස්ලාම් ජාතිකයන් මැද පෙරදිග රටවල, ක්‍රිස්තියානි ජාතිකයන් බටහිර රටවල.

මේ නිසා එක් එක් ජාතීන් අතර සබඳකම් පැවතියේ ඉතාමත් අඩුවෙන්. නමුත් වර්තමානය වන විට එම තත්වය බොහෝ වෙනස්.

වර්තමානයේ බොහෝ සංක්‍රමණ සිදු වෙනවා. ආර්ථික කටයුතු, සංචාරක කර්මාන්ත ආදිය නිසා ලෝකය ගෝලීයකරණය වී හමාරයි.

එම නිසා බුදුදහම පිළිබඳ මෙන්ම අන් සම්ප්‍රදායන් ගැනත් තොරතුරු ලෝකය පුරා පැතිරෙනවා. මෙවැනි විවිද සාධක නිසාවෙන් අද අපගේ ලෝක ප්‍රජාව බහු සංස්කෘතික, බහු ආගමික ඒකීය ආයතනයක් බවට පත් වී අවසන්.”

ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ දේශනාවකින් උපුටා ගැනීමකි

You might also like
en English
X
X