Temples of Sri Lanka

ලෞකික සිත් වලින් නොදැකිය හැකි නිවන

ලෞකික සිත නම් ලෝකයට අයත් සිත් වෙයි.

ලෝකය යනු මෙහි භව නමින් හැඳින්වූ ඉපදීමක් නැති තැනයි.

මනුෂ්ය ලෝකය නම් මිනිසුන් අතර ඉපදීමයි.

 

ප්රේත ලෝකය නම් ප්රේතයින් අතර ඉපදීමයි දිව්ය ලෝක බ්රහ්ම ලෝක යනුද එ සේමයි.
මේ සියලු ලෝකයට අයිති වන සිත් ලෞකික සිත් ලෙස සලකමු මේ සිත්වලින් නිවන දැකිය හැකි නොවේ නිවන මේ සිත් වලට අරමුණු නොවෙයි මේ සිත් තුළට නිවන අරමුණු වන්නේ තණ්හාව මෝහය දෘෂ්ටිය මානය යනාදීයයි. නරක ගති මේ සිත්වල ඇති බැවින් ඝන වලාකුළු වලින් සඳ වැසී තිබෙන විට ඇසට සඳ නොපෙනෙන්නා ක් මෙන් මේ උපමාව ගෙන සලකා බලන්න
වැසි වලාකුළු සහිත රාත්රියක අහසේ මුදුන් වී තිබෙන චන්ද්රයා බලන්නට වෑයම් කරන කෙනෙකුට ඝන වලාකුළු නිසා නිසා සඳ ඇති බවක් නොපෙනෙන්නට ඉඩ ඇත

 

අහසේ සඳ තිබෙන බව ඔහු අසා තිබෙන හෙයින් නැවත නැවතත් බලා එය දැක ගැනීමට උත්සාහ ගනියි මෙසේ බලමින් සිටින විට ඝන වලාකුළු තරමක් තුනීව ගොස් යන්තමින් ඔහුට සඳ දැකීමට හැකියාව ලැබෙයි ඒ සඳ තිබෙන බව දැන් ඔහුට කිසිම සැකයක් නැහැ අහසේ සද නැතැයි යමෙකුට කීවත් දැන් ඔහු එය පිළිගන්නේ නැහැ නැවතත් ඔහු සඳ බලන්නට උත්සාහ කරයි ඔහුගේ උත්සාහයෙන් විශ්වාසයෙන් ප්රතිඵලයක් ලෙස දෙවැනි වර ඔහු දකින්නේ කලින් දුටු තත්ත්වයට වඩා පැහැදිලි වූ සඳක්
මේ ආකාරයට තෙවැනි වර ඔහු සඳ දකින්නේ දෙවැනි වරටත් වඩා පැහැදිලි ආකාරයටයි ඔහු දැන් බොහෝ දුරට ප්රීතිමත්ය සිව්වැනි වාරය සඳ බලා සම්පූර්ණ ප්රීතිය විඳීම ඔහුගේ අදහසයි දැන් වැහි වළාකුළු සඳ තුළින් ඉවත් වෙමින් පවතිනවා ක්රමයෙන් නිල්වන් අහස පිරිසිදුව දක්නට ලැබෙනවා සඳ ඉතාම පැහැදිලි ලෙස බැලීමෙන් දක්නට ලැබෙනවා ඔහු අවසන් වරට සද බලා වළාකුළු සියල්ල දුරුවිය ගිය බව සිතමින් ප්රීතියෙන් උදම් අනනවා
මේ උපමාව මේ ලෙස දැක්වූයේ කරුණු කිහිපයක් නිවන ගැන අවබෝධය කර වීම පිණිසමයි

 

🍂කෙලෙස් බර පුහුදුන් සිතට නිවන පෙනෙන්නේ නැහැ
🍂සෝතාපත්ති මාර්ග සිතට නිවන අරමුණු වන්නේ යන්තමටයි
🍂දෙවැනි තෙවැනි වාර වල නිවන වසාලන කෙලෙස් තව තවත් දුරුවෙනවා
🍂හතරවැනි වාරයේ සිතෙහි ඇති සියලු කෙලෙස් දුරු වෙලා ගිහිල්ලා ඉතාම පැහැදිලි ලෙස නිර්වාණය දකිනවා
🍂ඉන්පසු ඔහුගේ හිතෙහි කෙළෙස් ගති කිසිවක් ඇත්තේ නැහැ
නිවන පළමුවරට වත් දැකිය හැකි වන්නේ ඒ නිවන දැකීමට නොහැකි වන තරමට සිතෙහි පැවති බහුල අන්ධකාරය වැනි මෝහය දුරු ව යෑමෙන් නිවන් මාර්ග සිතෙහි පවත්නා සම්මා දිට්ඨි නම් වූ ප්රඥා ආලෝකය ඇතිවීම තුළින් මේ ප්රඥාලෝකය පහළ වීමට ඔහුට උපකාර වෙන්නේ සත්වයා මිනිසා දෙවියන් අප දකින හැටියට නොව මම මගේ යන හැඟීම් සහිත පංචස්කන්ධයක් ලෙසින් දැකීමයි
මම මාගේ ය යන හැඟීම සහිත රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන ගොඩවල් පහ අප දකින්නේ සත්වයා මිනිසා මව පියා යනාදී ආකාරයට අප එලෙස දකින්නේ මම මගේ යන වැරදි හැඟීම දැඩි ලෙස අප සිත් තුළ ග්රහණය කරගෙන පවතින නිසයි

 

මෙහි මම යන වැරදි දැකීම මිථ්යාදෘෂ්ඨිය මගේ යන දැකීම තණ්හාව මේ තණ්හා දිට්ඨි සහිත පංචස්කන්ධය කියන්නේ පංච උපාදානස්කන්ධ කියන එකයි අප සත්වයා මිනිසා යන ආදී නම් වලින් ව්යවහාර කරන්නේ මේ පංච උපාදානස්කන්ධ නම් වූ ගොඩවල් පහට මේ ගොඩවල් පහළවීමට අපි කියන්න ඉපදීම කියලා මේ ගොඩවල් පහ බිඳීයාමට කියන්නේ මරණය කියලා
මෙසේ ජාති ජරා මරණ ශෝක පරිදේව ආදී සියල්ල ඇති වන්නේ මේ පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්යය කියලා දක්වලා වදාළේ මේ පංච උපාදානස්කන්ධය .

 

නිර්වාන මග අවබෝධයේදී මෙයින් විස්තර වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ නිවන ලබන ප්රතිපදාවයි ආර්ය සතර එකවිට ප්රත්යක්ෂ වශයෙන් අවබෝධ කරන්නේ නිවන අරමුනු කරගෙනමයි. නිවන් දකිත්වා කියන්නේ මෙසේ සෝවාන් ආදී මාර්ග සිත හතරටත් ඵල සිත් හතරටත් අරමුණු වීම වශයෙන් නුවණින් දැකීමයි.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X