Temples of Sri Lanka

පින් කිරීමෙන් සැප පැමිණේ

සැවැත් නුවර එක් ධනවත් බමුණකු සිටියා හෙතෙම දැඩි මා සුරකු බැවින් ඔහුගේ ධනය කිසිදු දෙයකට වැය නොකර ඉතිරි වුණා.ඔහු කිසිදු දිනක පින් කටයුතුවලට හෝ සමාජ සේවා කටයුතුවලට සතයක් වත් වැය කළේ නැති නිසාම අදින්නපුබ්බක නමින් ප්රකට වුණා
කොතෙකුත් ධනය තිබුණ ද ඔහුගේ ආහාර පාන බෙහෙවින්ම කටුක උනා.අල්ප ද වුනා.ඔහුට සිටියේ එක දරුවකු පමණයි.පුතුගේ කණ පැළඳ වීම සඳහා පරණ ආභරණයක් සෑදිය යුතු වුවත් ඊට කැටයම් යෙදීමට රන්කරුවා ට මුදල් විය යුතු නිසා තමා ම එය ආභරණය සාදා පුතුට පැළඳුවා. කැටයම් නොමැති කර්ණාභරණ පැළැඳි නිසාම මේ පුතා මට්ටකුණ්ඩලී නමින් ප්රකට වුණා.මෙම මසුරු බමුණාට තම එකම පුතු ගේ නැණස පෑදීමට වත් අවශ්යතාවයක් නැති නොවුනේ ඒ සඳහා ඔහුගේ ධනය වැය වන නිසයි ඒ නිසා පුතුට සිප්සතර හැදෑරීමක් ද නොවුණා

 

අධ්යාපනයක් නොලැබුවත් මට්ට කුන්ඩලි පින්වත් ගුණ වන්තයෙකු උනා පවින් වැළකී ගුණදහම් ඇතිව ඔහු වැඩුනා.තම පියාගේ බලවත් මසුරුකම නිසා අවශ්ය ආහාරපාන ඇඳුම් පැළඳුම් නිසි ලෙස නොලැබී ගියා.මහත් ධනස්කන්ධයක් නිසා මේ මසුරු බමුණාගේ කයට වත් හිතට වත් සැපතක් ලැබුණේ නෑ නිසි පෝෂණයක් නොමැති නිසාම බමුණාගේ පුත් රෝගී වූ වා. පුතු කෙරෙහි වූ සෙනෙහසට වඩා මසුරු කම වැඩි වූ බමුණා රෝගයට පිළියම් යෙදුවේ නැහැ .එනිසා රෝගය උත්සන්න වෙලා පුතු මරණ මංචකයට පත්වීම වැළැක්විය නොහැකි කාරණයක් බවට පත්වුණා.
තම පුතුගේ රෝගය උත්සන්න වී ඇති බව හැඟුණු මහළු බමුණා කල්පනා කළේ ලෙඩ බැලීමට හෝ පුතු මළ කල්හි අවමගුලට එන පිරිස තමාගේ ධනය සම්භාරය දකිති කියයි ගෙතුළ සිට පුතු නිවස තුළ නො රඳවා නිවසෙහි බරාඳියටගෙන ගිය ඔහු එහි ලැගුම් සැලසුවේ ඒ නිසාමයි

 

මෙම මට්ට කුණ්ඩලිගේ දුක්ඛිත තත්ත්වය දිවැසින් දුටු ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔහු කෙරෙහි කුළුණු සිතින් එහි වැඩි සේක.
බුදුරජාණන් වහන්සේ දුටු මට්ඨකුන්ඩලී බලවත් ලෙස සිත පහදා ගත්තා පහන් සිතින් කළුරිය කළ මට්ටකුණ්ඩලී ඒ පිනෙන් දෙව්ලොව උපන්නා පහන් සිතින් කෙරෙන කුසල් පුද්ගලයා පසුපස ඇවිත් සැප සලසා දෙන බව මට්ටකුන්ඩලී කතාව නිමිති කොට ගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා

 

මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන
භාසති වා කරෝති වා
තෝ නං සුඛමන්වේති
ඡායාව අනපායිනී

 

සිතේ ඇතිවන කුසල් ආදී යහපත් චෛතසික ධර්මයන් සතම පෙරටු කොට ගෙන ඇත .සිතින්ම උපදී. සිතම ශ්රේෂ්ඨ කොටගෙන පවතී. මේ නිසා යම් කෙනෙකු හොඳ යහපත් පහන් සිතින් යමක් කියයි නම් ….කරයි නම්…. සිරුර හැර නොයන සෙවණැල්ල සේ සැපය ඔහු පසුපස ලුහුබඳී.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X