Temples of Sri Lanka

ලොව ප්‍රථම හා එකම පාලි හා සංස්කෘත අන්තර්ජාතික සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයෙ හි යෝජිත බුදුමැදුර සඳහා මුල්ගල තැබේ

 

ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා වහන්සේ විසින් ආචාර්ය දමෙන්ද පෝරගේ මහතාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව එතුමා විසින් ඉදිකරන්නට යෙදෙන ලොව ප්‍රථම හා එකම පාලි හා සංස්කෘත අන්තර්ජාතික සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ හි යෝජිත බුදු මැදුර සඳහා මුල්ගල තැබීමේ පූණ්‍යෝත්සවය පසුගිය පෙබරවාරි මස 24 වැනි දින සෙනසුරාදා උදෑසන 7.30 සිට 9 දක්වා හෙයියන්තුඩුවේ පිහිටි එම පරිශ්‍රයෙ හි දි මහත් උත්කර්ෂයෙන් පවත්වන්නට යෙදුණි.

මෙම ඓතිහාසික පුණ්‍යෝත්සවය සඳහා අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි සභාපති අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝද සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංස හිමි ප්‍රධාන කොටගත් සංඝරත්නය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, පාලි හා සංස්කෘත අන්තර්ජාතික සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ පාලි හා සංස්කෘත හා භාෂා අධ්‍යනය පීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය කේ. බී ජයවර්ධන මහතා, කෘෂි ඉංජිනේරූ ආචාර්ය අශෝක රන්වල මහතා, සූප්‍රීම් ටීවි සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ආධිත්‍ය රේ මහතා, ට්‍රයිකෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ශ්‍යාමලී කන්නන්ගර මැතිණිය ඇතුලු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් ද එම මධ්‍යස්ථානයේ නිර්මාතෘ ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා සහ එහි අධ්‍යයන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂිකා ආචාර්ය ශර්මිලා මිල්රෝයි මැතිණිය ද සම්මානිත රංගන ශිල්පී දෙව්නක පෝරගේ මහතා, ප්‍රවීණ සංගීත නිර්මාපක ශෙනාල් මද්දුමගේ මහතා සහ සංගීතවේදීනී හෂිනි වෑදණ්ඩ මෙනෙවිය ඇතුලු කලාකරුවන් රැසක් ද එම මධ්‍යස්ථානයේ හි කාර්ය මණ්ඩලය ද ආදී විශාල පිරිසක් සහභාගී වූහ.

ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ බුදු මැදුර සඳහා මුල්ගල තබන ලදී. එමෙන්ම විශේෂ පහන් දැල්වීමක් ද ආරාධිත අමුත්තන් සිදු කරන ලදී. අනතුරුව අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංස මහනායක හිමි විසින් අනුශාසනාවක් සිදු කරන ලදි. එහිදී උන්වහන්සේ මෙවන් මධ්‍යස්ථානයක් සෑදීමට මුල් වූ ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා පිළිබඳ ප්‍රශංසනාත්මක වදනින් සිහිපත් කළේය.

 

මෙය පාලි හා සංස්කෘත සම්ප්‍රදායන් අතර සම්බන්ධයක් ඇති කරන ලංකාවේ මෙන්ම ලෝකයේ ද පළමු හා එකම මධ්‍යස්ථානයයි. එමෙන්ම ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ ඉල්ලීම අනුව මෙම මධ්‍යස්ථානය ඉදිකරන්නට ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා ගත් වෙහෙස, කළ අප්‍රමාණ කැප කිරීම පිළිබඳව ද උන්වහන්සේ මහත් ප්‍රසාදයෙන් සිහිපත් කළේ ය. එමෙන්ම එහි දී එතුමාට විශාල දිරියක් වන ආචාර්ය ශර්මිලා මිල් රෝයි මහත්මිය පිළිබඳව ද උන්වහන්සේ සිහිපත් කළේ ය. මෙවන් විශාල මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ දී එල්ල වන සියලු අභියෝග මැඩගෙන ශ්‍රමය හා ධනය මනාව කළමණාකරනය කරගෙන මධ්‍යස්ථානයෙහි සියලු කාර්යන්වලට ඇප කැප වන්නේ එතුමියයි. එමෙන්ම මෙවන් මධ්‍යස්ථානයක් තුළින් ජාත්‍යන්තරව පාලි හා සංස්කෘත සම්ප්‍රදායන් අතර තිබෙන පරතරය අවම කොට එම සම්ප්‍රදායන් අතර අවබෝධයක්, සමගියක් නිර්මාණය කරයි. එමඟින් අනාගතයෙහි එක්සත් බෞද්ධ ලෝකයක් නිර්මාණය වනු ඇත. එමෙන්ම මෙවන් එක්සත් බෞද්ධ ලෝකයක් නිර්මාණය කිරීම සඳහා ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා ගන්නා උත්සහය පිළිබඳ උන්වහන්සේ වැඩි දුරටත් සිහිපත් කරන ලදි. අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මහා ලේකම් ධූරය ද දරන එතුමා ජාත්‍යන්තරව සංවිධානය කරන භික්ෂු හුවමාරු වැඩසටහන්, අන්තර්ජාතික බෞද්ධ සමළු ආදීය පිළිබඳ ද උන්වහන්සේ සිහිපත් කළේ ය.

අනතුරුව මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා කෙටි විද්වත් දේශනයක් සිදු කරන ලදී. එහිදි වත්මන් සමාජයට මෙවන් පාලි හා සංස්කෘත අන්තර්ජාතික සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයක් අවශ්‍ය වන්නේ ඇයි ද යන්න එතුමා මනාව පැහැදිලි කරන ලදි. ඒ අනුව වර්තමානයේ පුද්ගලයන් පාලි හා සංස්කෘත භාෂා පිළිබඳ දරන මතය වන්නේ ඒවා ”මල භාෂා” හෙවත් භාවිතයෙන් ව්‍යුක්ත වූ භාෂාවන් වන බවයි. එම නිසා ඒවා පිළිබඳ අධ්‍යයනය හෝ භාවිතය අනවශ්‍ය බවයි. නමුත් එම භාෂා පිළිබඳ අධ්‍යයනයෙහි ඇති වැදගත්කම බහුතරය නොදනියි. එම භාෂා හා සම්ප්‍රදායන් පිළිබඳ විද්වතුන් ඒවායෙහි ඇති අවශ්‍යතාවය මනාව දනියි. එහෙයින් පාලි හා සංස්කෘත භාෂා හා සම්ප්‍රදායන් අධ්‍යයනයන්ගෙන් තොරව සාර්ථක ඉදිරි ගමනක් යා නොහැකි බව එතුමා ප්‍රකාශ කරන ලදි. එමෙන්ම ලෝක සාමය ඇති කිරීම සඳහා වන මෙම උතුම් කර්තව්‍ය සඳහා තමන් කැප වන බව ද ඒ සඳහා සහය දීමට තවත් බොහෝ විද්වතුන් පිරිසක් බලාපොරොත්තුවෙන් සිටින බවද එතුමා වැඩිදුරටත් සදහන් කරන ලදි.

අනතුරුව ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා විසින් ස්තූති කතාව සිදු කරන ලදි. මෙවන් ඓතිහාසික, වැදගත් හා උතුම් කාර්යයක් සඳහ සහසම්බන්ධ වූ සියලූ පාර්ශව වලට ද වැඩමවා වදාළ මහා සංඝරතනය ඇතුලු සියලු ආරාධිත අමුත්තන්ට ද එතුමා සිය ස්තූතිය පුද කළේ ය.

එමෙන්ම එම පරිශ්‍රයෙ හි වැඩමවා වදාළ මහා සංඝරත්නය සඳහා උදෑසන දානය ද ආරාධිත අමුත්තන් සඳහා තේ පැන් සංග්‍රහයක් ද සංවිධානය කර තිබුණි.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X