Temples of Sri Lanka

යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියමේ පසු විපරම

මන්ද බුද්ධික වී ඉපදෙන්නේ ඇයි…..

මන්ද බුද්ධිකභාවයට පත් වෙන්නෙ ගිහි ජීවිතයේ ජ්‍යොතිෂ්‍යයන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කරන අය. යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කරනවා කියන්නේ මෝහයයි උගන්වන්නේ. හේතුඵල ධර්මයන් දකින්නේ නැහැ. සංස්කාරයන්ගේ ස්වභාවය දකින්නේ නැහැ.

දැන් වර්තමානයේ කවුරු හරි යන්ත‍්‍ර මන්ත‍්‍ර හදි හූනියම් කරනවා නම් එයා අනිවාර්යෙන්ම ඊළඟ ජීවිතයේ මන්ද බුද්ධික මනුෂ්‍යයෙක් වෙන්න බලාපොරොත්තු වෙන්න ඕන. අනාගතයේ දී මන්ද බුද්ධික උපත් ලෝකයේ වේගයෙන් වැඩි වෙනවා. වෛද්‍ය තාක්ෂණය කොච්චර දියුණු වුණත්,ලෝකයේ වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණු වුණත්,ඒ වෛද්‍ය විද්‍යාවෙන් කොච්චර වටිනා බෙහෙත් හොයා ගත්තත්, කවදාවත් මේ සංස්කාරයන් යටත් කරන්න වෛද්‍ය විද්‍යාවට බැහැ. මේ ලෝකය නිරෝගී කරන්න වෛද්‍ය විද්‍යාවට බැහැ. ඒ ගොල්ලො කොච්චර දියුණු වුණත් බැහැ.

මොකද ඒ ගොල්ලො කොච්චර දියුණු බෙහෙත් නිපදෙව්වත් ඊට වඩා භයානක විෂබීජයක් මනුෂ්‍යයා තුළිත් සකස් වෙනවා. මේ විෂබීජ සකස් කරන්නෙ කව්ද දුස්සීලභාවය විසින්. ඒඞ්ස් කියන රෝගය සකස් කළේ කවුද? දුස්සීලභාවයමයි. ඔය අනිත් කොලෙස්ටරෝල් වේවා, දියවැඩියාව වේවා, ඔය වකුගඩු රෝග වේවා, ඔය සියල්ලම දුස්සීලභාවයම නිසා සකස් කර ගන්නා වූ රෝග.

කාමයන් කෙරෙහි තියෙන කැමැත්ත නිසාම. ඒ නිසා කවදාකවත් වෛද්‍ය විද්‍යාව දියුණු වුණා කියලා මේවට ප‍්‍රතිකාර හොයන්න බැහැ. මොකද ඊට වඩා ශක්තිමත් විෂ බීජයක් මනුෂ්‍යයා තුළින් මතුවෙනවා. මනුෂ්‍යයා තුළින් මතු කරලා දෙන්නෙ කව්ද?

දුස්සීලභාවය විසින්. ඒ නිසා ලෝකය නිරෝගී කරන්න ඕනෙ නම් බෙහෙත් හොයලා වැඩක් නැහැ. ලෝකය නිරෝගී කරන්න ඕන නම් පන්සිල් පද පහ තුළ ජනතාව ශක්තිමත් වෙන්න ඕනෙ. එතනින් තමයි ලෝකයා නිරෝගී වෙන්නෙ.

අතිපූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ ලිපියක් ඇසුරින්…..

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X