Temples of Sri Lanka

මානසික දුක් පීඩා කාටත් පොදුයි

බුදුරජාණන් වහන්සේ මානසික රෝග ගැන පැහැදිලිව සඳහන් කර තිබෙනවා එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා රහතන් වහන්සේලා හැර අනෙක් සියලුම දෙනා මානසික රෝග පීඩාවලට පත් වෙන බව
එයින් අපට පැහැදිලියි මේ ලෝකයේ ජීවත්වන සියලුම සත්වයා අතර මානසික දුක් පීඩා නැතිව සිටින්නේ රහතන් වහන්සේ පමණක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා සබ්බේ පෘතග්ජනා උන්මත්තකා පෘථග්ජන සියලු දෙනා උමතුයි යනුවෙන්
මිනිසා මානසික වශයෙන් රෝගාතුරවීම නිරතුරුවම සිදුවන දෙයක් සිය දෙනකු ගත්තොත් ඔවුන් සියලු දෙනාම මානසික රෝගීන් මේ මානසික රෝගය නිසාම රාගය ද්වේශය මෝහය හටගන්නවා රෝගවලින් සියලුම දෙනා දුක් පීඩා විඳිනවා මේ සියල්ලම මානසික රෝගීන් වශයෙන් සලකන්න පුළුවන් ඊට හේතුව මේ සියල්ලෝම අපේ ජීවිතවල කෘතිමව ගොඩනැගිලා තියෙන දේවල් එය කෘතිමව ගොඩනැගිල්ල තියන බව අපට සෙවීමට අපහසු අපි කාලයක් පුරා ඒවාට පුරුදු වෙලා තියෙන නිසායි ඒ නිසා ස්වභාවික ව අපේ සිත පිරිසිදු කරන්න පුළුවන් කියලා අපට වටහා ගන්න වත් අවස්ථාවක් නැහැ.

 

අපට ඉතාමත් හොඳින් පැහැදිලියි මානසික දුක් පීඩා විඳින බොහෝ දෙනෙක් මානසික දුක් විඳීම සමථයකට පත් කර ගත නොහැකිවයි ජීවත් වෙන්නේ කියලා ඒ මේ ජීවිතය පිළිබඳව තිබෙන අවබෝධය නොමැතිකම නිසාම යි ජීවිතය පිළිබඳව අවබෝධය ඇති වන විට පමණයි කෙනෙකුට මානසික වශයෙන් ඇතිවන දුක නැති කරගන්න පුලුවන් කියලා හිතෙන්නේ

 

බුද්ධ දේශනාවෙන් පේනවා මානසික පීඩනය නැති කර ගැනීමට තියන එකම පිළියම ජීවිතාවබෝධය කරගන්න එක කියලා
කිසා ගෝතමිය එදා බරපතලම මානසික පීඩාවට පත් වූ තැනැත්තියක් ඇයගේ ප්රකෘති සිහිය නැති අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ ඒ තැනැත්තිය ජීවිතාවබෝධයට යොමු කළා පුද්ගලයකු නොමැරුණු නිවසකින් අබ මිටක් සොයාගෙන යන විට ඇයට වැටහුනා සියලු දෙනාම මරණයට පත් වන සත්ත්වයන් කියලා මේ අවබෝධය තුළින් තමයි ඇය මානසිකව මානසිකව නිරවුල් භාවය ඇතිකර ගත්තේ
එනිසා අපට පැහැදිලියි මානසික රෝගවලින් ස්ථිරවම අපට නිදහස් වන්නට හැකි වන්නේ ජීවිත පිළිබඳ අවබෝධය ලබා ගත්තොත් පමණයි

 

බුදු රජාණන් වහන්සේට පමණයි මානසික රෝග පිළිබඳව ලොකු අවබෝධයක් තිබුණේ ඒ මානසික රෝග නිරවුල් කිරීමට තමයි සිහිය පිහිටුවන්න ධර්මය අවබෝධ කරගන්න යනුවෙන් උන්වහන්සේ නිරන්තරයෙන්ම දේශනාවට ලක් කළේ
බුද්ධ දේශනාවක් තිබෙනවා බුද්ධි අපරිහානී සූත්රය කියලා එහි කියැවෙනවා යම් කිසි කෙනෙකු සප්ත බොජ්ඣංග තමන්ගේ ජීවිතය තුළ වැඩුවා නම් ඒ බුද්ධිය පිරිහෙන්නේ නැහැ කියලා ඒ බුද්ධි අවසානය දක්වාම පවතිනවා කියලා එනිසා මානසික රෝගී නොවී සිටීමට ආර්ය සත්යය අවබෝධය කරා යායුතුයි.
අනෙක් සියලු දෙනා ම මානසික ව වරින් වර රෝග වලට භාජනය වෙලා දුක් පීඩා විඳවනවා…

 

සහෝදරත්වයෙන් එක්වෙමු!

 

© Buddhist Brotherhood
You might also like
en English
X
X