Temples of Sri Lanka

මරණෙදි මට බුදු ගුණ සිහි වේවා!!!

යමෙක් ස්ත්‍රීන් කෙරේ ලොල් වේ ද, සුරාවට ලොල් වේ ද, ලැබෙන ලැබෙන ධනය නිරර්ථක ලෙස විනාශ කරයි ද, එය පිරිහීමට හේතුවන බව බුදුන් වහන්සේ දේශනා කරයි.

බෞද්ධයාගේ නිත්‍ය ශීලය වූ පඤ්ච සීලයෙහි මේ අදහස මනාව ගැබ් වී තිබේ.

වැරැදි ලෙස කම් සැප අනුභව කිරීම සහ සුරාව ආදී මත්ද්‍රව්‍ය කෙරෙහි ගිජුවීම ද, උපයන ධනය නිකරුණේ වැය කිරීම ද පරිහානියේ ලක්ෂණයන් ය.

 

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ඉත්ථි දුත්තෝ සුරා දුන්තෝ – අක්ඛ දුත්තෝච යෝ නරෝ
ලද්ධං ලද්ධං විනාසේති – තං පරා භවතෝ මුඛං

සේහි දාරේහි සන්තුට්ඨෝ වේසියාසු පදිස්සති
දිස්සති පරදාරේසු තං පරා භවතෝ මුඛං

අතීත යොබ්බනෝ පෝසෝ – අනේති තිම්බරුත්ථනිං
තස්සා ඉස්සාන සුපති – තං පරා භවතෝ මුඛං

බුද්ධිමත් ගුණ නුවණින් පිරි ඔබ සැවොම අපේක්ශා කරන්නේ ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ විසින් දේශිත දහම තුළින් ජීවිතයට ගත යුතු ප්‍රයෝජනය ලබාගෙන මෙලොව පරලොව සැපත සතුට හා උතුම් නිර්වාණය සාක්‍ෂාත් කර ගැනීමට යි.

අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය හැමදාමත් හැම තැනකටමත් එකසේ ප්‍රයෝජනවත් වෙනවා.

මිනිස් දිවියක එළැඹෙන සකලවිධ දුක් කරදර කම්කටොලු විසඳා ගැනීමේ පහසුම සරලම ක්‍රමය ඉතා මැනවින් පැහැදිලි කොට වදාළේ බුදුරජාණන් වහන්සේයි. මේ උදාර සේවය බුදුරදුන් පුරා පන්සාලිස් වසක් සිදුකොට වදාළා , උන්වහන්සේ සිදුකොට වදාළ ඒ උත්තරීතර පරාර්ථ සේවය එදා මෙන් අදද සකළ ලෝ වැස්සන්ට සැපතට සැනසුමට නිවී සැනසීමට හේතු වී තිබෙනවා.

ධර්ම ශ්‍රවණය හා දහම් පතපොත පරිශීලනය මිනිසාගේ දෙලොව ශුභ සිද්ධිය සඳහා උපකාරි වන්නක්. තථාගත දහමට සමකළ හැක්කේ ධර්මයම පමණයි. ‘සුනන්තු සග්ග මොක්ඛදං’ යනුවෙන් දේවතාරාධනයෙහි සඳහන් පරිදි ලෞකික ඉහළම සැපය වන දිව්‍යලෝක සැපතත් ලෝකෝත්තර අවේදයිත වූ නිර්වාණ සම්පත්තියක් ලැබිය හැකි පුණ්‍ය කර්මයක් ධර්ම ශ්‍රවණය කිරීමයි. එනිසා ධර්මය ඇසිය යුතුය. ධාරණය කළ යුතුය. ඒ අනුව ක්‍රියා කළ යුතුය.

ධර්මය යනු පුද්ගලයාගේ ලෞකික ලෝකෝත්තර දියුණුවට ඉවහල් වන බුද්ධ වචනය යි. සම්බුද්ධ දේශනය මුල මැද අග පිරිසුදු වුත් නිරවුල් වූත් සැමතින්ම පරිපූර්ණ වූ අර්ථව්‍යඤ්ජයන්ගෙන් පරිපූර්ණ වූවක් ලෙසයි විග්‍රහකොට දක්වා තිබෙන්නේ.’ආදි කල්‍යාණං මඣෙජ කල්‍යාණං පරියෝසාන කල්‍යාණං කේවල පරිපුණ්ණං සත්ථං සබ්බ්‍යංජනං’ යන්නෙන් පැහැදිලි වන්නේ එයයි. මෙකී ධර්මය අපේ ජීවිතයට එකතු කරගත යුතු වන්නේ ඉතාම සංසුන්ව කාය වාග් මනසා යන ත්‍රිවිධ ද්වාරයෙන් සංවරව සිහිනුවණින් යුක්තවයි. කියවිය යුත්තේද පරිශීලනය කළ යුත්තේද තිදොර සංවරයෙන් විවේක බුද්ධියෙන් යුතුවයි.

‘ධම්මකාමෝ භවං හෝති ධම්ම දෙස්සී පරාභවෝ’

යනුවෙන් ..ධර්මයට කැමති වන අය දියුණුවන බවත් ධර්මයට ද්වේශ කරන්නා පිරිහෙන බවත් සූත්‍ර පිටකයේ පරාභව සූත්‍රයෙහි දක්වා වදාළා.

ඉහත සඳහන් කළ ගාථා ධර්ම බුදුරදුන් විසින් දෙවියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් දේශනා කරන ලද්දක්. පරාභවයට හෙවත් පිරිහීමට හේතුවන කරුණු කවරේද යන්න මෙයින් අවධාරණය කළා. සමාජයට ඉතා වැදගත් දේශනයක් ලෙස මෙය අගය කළ හැකියි. දියුණුවට වඩා පිරිහීමට පත්වන කරුණු පිළිබඳ වේගයෙන් හඹායන නූතන ලෝකයේ ජනතාව එකී කණගාටුදායක අනර්ථකාරී ජීවන රටාවෙන් මිදී යහපත් ජීවන දර්ශනයක් ගොඩනගා ගැනීම උදෙසා මෙම කරුණු වෙසෙසින් උපකාරීවන බව සඳහන් කළ යුතුය.

සමාජයට බෙහෙවින් උචිත පරාභව සූත්‍රයේ අටවැනි නව වැනි හා දසවැනි ගාථාවන් ගෙන බලමු.

‘ඉත්ථි දුත්තෝ’ ආදී ගාථාවෙන් බුදුරදුන් පැහැදිලි කරනුයේ යමෙක් ස්ත්‍රීන් කෙරේ ලොල් වේද සුරාවට ලොල් වේද ලැබෙන ලැබෙන ධනය නිරර්ථක ලෙස විනාශ කරයිද එය පිරිහීමට හේතුවන බවයි. බෞද්ධයාගේ නිත්‍ය ශීලය වූ පඤ්ච සීලයෙහි මේ අදහස මනාව ගැබ් වී තිබේ. වැරැදි ලෙස කම් සැප අනුභව කිරීම සහ සුරාව ආදී මත්ද්‍රව්‍ය කෙරෙහි ගිජුවීමද උපයන ධනය නිකරුණේ වැය කිරීම ද පරිහානියේ ලක්ෂණයන් ය. පරස්ත්‍රී ලෝලියෙකු නොවී තම නීත්‍යානුකූ®️ල බිරිද සමග සාමකාමී සෙනෙහෙබර ලෙංගතු ජීවිත පැවැත්මක් ගොඩ නගා ගැනීම කෙතරම් සුන්දරද? කෙතරම් ආදර්ශ සම්පන්න වන්නේද? එබඳු පවුල් සංස්ථාවක් තුළ ආදරය රැකවරණය සාමය සමඟිය දියුණුව අභිවෘද්ධිය නිරතුරුවම ගොඩ නැගෙනු ඇත.

නැතහොත් සැකයේ බිජුවට වපුල කෙතක් වෛරයේ ගිනිදැල් වලින් දවාලන්නා සේ පවුල් සංස්ථාව තුළ අඩ දබර කලකෝලාහල නිර්මාණය වී ජීවිත වලින් වන්දි ගෙවීමට පවා සිදුවන්නේය. අහිංසක දූ දරුවන් කාත් කවුරුත් නොමැතිව හුදෙකලා වනු ඇති.

ප්‍රකෘති බව විකෘති කරන විවිධ මත්ද්‍රව්‍ය භාවිතයට ගිජු වීම කායික හා මානසික සෞඛ්‍යට බරපතල හානියක් වන්නාසේම ආර්ථික පරිහාණියටද හේතුවන්නකි. ගෙදරදොර අසමගිය ගොඩ නැගෙන්නා සේම ආදරය දයාව කරුණාව විශ්වාසය වැනි ගුණ දම් ජීවිත යහනාවෙන් පලායනු ඇත. අන්‍යෝන්‍ය මිතුදම් විනාශ වන අතර සමාජ අවමානයටද ලක් වන්නේය.

ලද දෙයින් නොසතුටුව අධික තෘෂ්ණාවෙන් පසිඳුරන් පිනැවීම කෙරෙහි දැඩි කැමැත්ත ඇති පුද්ගලයාටද දියුණුවිය නොහැකිය. මේ සියල්ල කෙරෙහි උපේක්ෂාවෙන් ක්‍රියා කිරීමෙන් කායික මානසික සතුට සැනසීම සළසාගත හැකිය. නැතහොත් උමතු වූවන්ගෙන් පිරි අයහපත් සමාජයක් නිර්මාණය වන්නාසේම සාමය සමගිය සහෝදරත්වය එකමුතු බව අහිමි ක්‍රෝධයෙන් වෛරයෙන් කෝපයෙන් දැවෙන විෂසහිත හදවත්වලින් යුත් අතෘප්තිකර සමාජයක් ගොඩනැගෙනු ඇත. මෙකී තත්ත්වයන් බැහැර කිරීමෙන් ස්වාර්ථය හා පරාර්ථය සලසා ගන්නා මිනිසුන් පිරි සුන්දර හෙට දිනක් ළඟාකරගත හැක.

පරිහානියේ නව වැන්න ලෙස බුදුරදුන් පෙන්වා වදාළේ වෙසගණන් හා පරඹුවන් වෙත යාමයි. ලාංකේය සමාජ සංස්ථාව ගොඩනැගී ඇත්තේ බෞද්ධ සංස්කෘතිය අනුවයි. එබැවින් යමෙකු පස්කම් සුවයෙහි ගිජුව වෛශ්‍යාවන් හා පරඹුවන් වෙත යාද එය නීතියට සදාචාරයට හා අපේ සංස්කෘතියටද පටහැනිය. මෙබදු සමාජ විරෝධී ක්‍රියාදාමයන්ට යොමුවීමෙන් ආර්ථිකය සමාජය තත්ත්වය ගෞරවය හා කීර්තිය පිරිහෙන්නාසේම දඬුවම් හා තාඩන පීඩනවලටද ලක්වීමට සිදුවේ. විවිධ භයානක සමාජ රෝගයන්ට ගොදුරුව අකාලයේ ජීවිත මිලිනවනු ඇත. තාරුණ්‍ය ඉක්ම වූ යම් පුද්ගලයෙක් යෞවනියක හා විවාහවීම පිරීහීමට පත්වන දසවන කරුණ ලෙස ධර්මයෙහි දැක්වේ. තම දරුවන් සුදුසු කළ ආවාහ විවාහ කරදීම මාපියන්ගේ යුතුකම හා වගකීම බව සිගාලෝවාද සූත්‍රයෙහිදී බුදුරදුන් අවධාරණය කළහ.

අවිඳු අඳුරෙන් වෙලී ගැලී සිටින නිරතුරුව ජාති ජරාව්‍යාධි මරණ ශෝක වැලපීම් දුක් දොම්නස් සෝ සුසුම් රාග, ද්වේශ, මෝහ යන එකොළොස් ගින්නෙන් ගිනිගෙන දැවෙන ඔබ අප නඟන්නේ කවර සිනාවක්ද? ලබනුයේ කවර සැපතක්ද? ධර්මය පිළිසරණ කොට ධර්මය අනුව ජීවිත දෙස බැලිය හැකි උදාර සත්පුරුෂයෙකු වීමට උත්සාහ ගනිමු. උදාරතර සත්පුරුෂ ගුණදම් දියුණුකරගෙන ශ්‍රීමත් ගෞතම බුදු සසුන තුළ චතුරාර්ය සත්‍යාවබෝධය කිරීමට භාග්‍ය උදාවෙනවා.

අප ගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ දේශනයට අනුව;
යම් කාලයක් එනවා මේ අතිවිශාල මහ පොළව කැඩිලා බිඳිලා යන.
යම් කාලයක් එනවා මේ අතිවිශාල මහ සාගරය හිඳිලා යන.
යම් කාලයක් එනවා මහ විශාල මහමේරු පර්වතය පවා කැඩිලා විනාශ වෙලා යන.
නමුත්-
මේ අපේ සසර ගමනේ නම් නිමාවක් පේන්නවත් නැ
ඒ නිසා මැරි මැරි ඉපදි ඉපදි යන මේ සන්සාරයෙන් එතෙර වන්නට නම් අපි හැමතිස්සෙම පින් සිතුවිලි වලින් ඉඳ ගෙන හොඳ වැඩම කරන්න ඕනෙ.

ඒකයි බුදු ගුණම සිහිපත් වෙන මරන මංචකයක කෙලවර, අප උදා කර ගන්නා යහපත….

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X