Temples of Sri Lanka

නූතන මිනිසා ස්වභාව ධර්මයේ හඬට ඇහුම්කන් නොදේ

භෞතික සම්පත් හා ලාභ පිළිබඳ බලාපොරොත්තු නිසා නූතන මිනිසා ස්වභාව ධර්මයේ හඬට ඇහුම්කන් නොදේ.
ඔහුගේ අනාගත ජීවිතයේ සතුට ගැන සිතිවිලිවලින් ඔහුගේ මනස කෙතරම් පවතී ද යත් ඔහු තමාගේ ශරීරයේ අවශ්යතාවයන් ගැන සිතීම පවා මඟ හැර ඇති අතර වර්තමානයේ වැදගත්කම සම්පූර්ණයෙන්ම අමතක කර ඇත.
නූතන මනුෂ්ය සංහතියේම අස්වාභාවික හැසිරීමට හේතුව අපගේ මනුෂ්ය ජීවිතය හා අවසාන අරමුණ පිළිබඳව ඇති වැරදි ආකල්පයන් ය.
…වර්තමාන සමාජයේ ඇති සියලුම පසු තැවුල් බිය හා අනාරක්ෂාවට හේතුව එයයි….
යමෙක් සත්ය ලෙසට සාමයට ඇලුම් කරයි නම් ඔහු අන්යයන්ගේ නිදහසට බාධා නොකළ යුතුය. අනුන්ට බාධා කරමින් හා රවටමින් තම සතුට බලාපොරොත්තු වීම වැරදි ක්රමයකි.
🌺🌺🌺🌺🌺🌺🌺🌺
“ඔබට යම් මනුෂ්ය කොටසක් නිරතුරුව රැවටිය හැක. සියලුම මිනිසුන් යම්කිසි කාලයක් රැවටිය හැක. නමුත් සියලුම මිනිසුන් නිරතුරුවම රැවටිය නොහැකිය”
– ඒබ්රහම් ලින්කන් –
🌼🌼🌼🌼🌼🌼🌼🌼
🖤 මිනිසා කෲර සහ අධම මන්ම නිරතුරුව ම ස්වභාව ධර්මය සහ විශ්වයේ නීතීන්ට විරුද්ධව කටයුතු කරයි නම් ඔහුගේ ක්රියාව වචන සහ සිතුවිලි මගින් මුළු පරිසරය ම අපවිත්ර කරයි.
🖤 එහි ප්රතිඵලයක් ලෙස සොභාදහම මිනිසාගේ යහපත් ජීවිතයකට අවශ්ය දේ නිපදවීමෙන් වළකී. ඒ වෙනුවට මිනිසාට නොයෙකුත් රෝග වසංගත හා විවිධ වූ විපත්වලට මුහුණ දීමට සිදුවෙයි .සහ ඒවා ස්වභාවිකවම නිර්මාණයද වේ.
💚💛💜️❤️🧡
☘️ මිනිසා ස්වභාව ධර්මයේ නීති රීති වලට එකඟ ව ජීවත් වන්නේ නම් එය යහපත් දිවි පෙවෙත ක ට මූලික අඩිතාලම ය.
☘️ ඔහුගේ යහපත් ක්රියා මගින් පරිසරය පිරිසිදු කරයි. අන්යයන් කෙරෙහි මෛත්රී සහගත හැඟීම් මඟින් කරුණාව පහළ කරයි නම් මෙහි ප්රතිඵලයක් ලෙස මිනිසාගේ සතුට සැනසුම ලබා ගැනීම සඳහා ඔහුට පරිසරය වෙනස් කළ හැක.
ඔබ බෙහෙවින් කාර්යබහුල තැනැත්තෙක් විය හැකියි.
👉නමුත් දිනකට විනාඩි කිහිපයක් භාවනාවේ හා වටිනා පොත පත කියවීමට යෙදවීමට අමතක කරන්න එපා..
💚 මේ පුරුද්ද මඟින් ඔබට විශාල සහනයක් ගෙන දෙන අතර දුක් කම්කටොලු අමතක කිරීමේ හැකියාවක් සහ මානසික සංවර්ධනයක් ඇති කරනු ඇත.
💜️ අද සමාජය දෙස බලන කල තරුණ පරපුර විවිධ ඇබ්බැහිවීම් වලට ගොදුරු වී ඇති සෙයක් දක්නට ඇත.
💚 මේ ඇබ්බැහිවීම යහපත් පුරුද්දක් මත රඳවා තබා ගැනීමට හැකියාවක් ඇත්නම් තරුණ ඔබේ ජයග්රහණය ඔබ ලඟම දැවටෙනු ඇත.
👉 ඔබ ඔබම ගැන සිතිය යුතු කාලයක් එළඹ ඇත. ඔබ ඔබ ගැනම සිතමින් කටයුතු කළ යුතු කාලයක් කාලය එළඹ ඇත.
🧡 ඔබගේ වටිනා ජීවිතය රැකගැනීම සහ වටිනා ජීවිතය ඉදිරියට තල්ලු කර ගැනීමට ශක්තිය ධෛර්ය ඇත්තේ ඔබ සතුව මයි.
🧡 දහසක් දෙනා දහසක් අදහස් ප්රකාශ කළත් ඔබ නිරන්තරයෙන් ගැවසෙන්නේ ඔබේ සිත සහ ඔබේ අදහස් සමඟයි.
🧡 වැඩිවියට පත් තරුණ ඔබ වැඩිහිටි කියමන් කොතෙකුත් සවන් දුන්නද ක්රියාවට නගන්නේ ඔබටම ආවේණික වූ ඔබගේ අදහස් ය.
🙏 මේ අදහස් පිරිසුදු කරගන්න.
🙏 ඔබ ක්රියාවට නං වන්නාවූ ඔබගේම අදහස් තුළ ඔබටම වල කැපීම අවම කරගන්න.
🙏 කියවීම මිනිසා උසස් මනසක් ඇති පුද්ගලයෙකු බවට පත් කරයි.
🙏 ඔබගේ ආත්ම ගත අදහස් ක්රියාවට නංවා ලීම සඳහා පොතපත ද කියවීම තුලින් ලබාගන්නා වූ දැනුම ඔබගේ ක්රියාවන් කෙරෙහි යහපත් බලපෑමක් එල්ල කිරීමට උදව් දෙන්නා වූ අවස්ථාවන් ලං කර ගන්න.
💛💜️🧡️💚❤
යහපත් හෙටක් සඳහා සහෝදරත්වයෙන් පෙරමඟ කරා යන ගමනේ තරුණ ඔබ වෙනුවෙන් ගෙනා පණිවිඩයකි…
© Buddhist Brotherhood
You might also like
en English
X
X