Temples of Sri Lanka

නින්දා – ප්‍රශංසා සම සිතින් දරා ගමු

ලෝකයෙහි තනිකරම නින්දා ලැබූ පුද්ගලයකු හෝ තනිකරම ප්‍රශංසා ලැබූ පුද්ගලයකු හෝ කිසි කලෙකත් පහළ වන්නේ නැහැ.

නින්දා ප්‍රශංසා යනු අෂ්ට ලෝක ධර්මය ට අයත් දෙයක් …

 

 

එය ලෝකයේ සෑම කල්හිම පවතිනවා. කෙලෙසුන්ගෙන් මිදුණු උතුමන් පමණක් එම ධර්මතාවයනට නොසැලෙන සිතින් යුතුව මුහුණ දෙනවා. තාදී ගුණය යනු එයයි.

නින්දා ප්‍රශංසා කෙරේ සන්සුන් සිතින් යුතුව ඒවාට මුහුණ දෙන ආකාරය ලෝකයට පවසන්නේ බුදුවරයන් වහන්සේලා… වාද විවාද කරමින් එකිනෙකාට වචන නැමැති ආයුධවලින් පහර දෙන්නේ ලාභ සත්කාර නින්දා ප්‍රශංසා ආදී දේ මුල් කොට ගෙනයි.

එහෙත් ඒවාට මැදිහත් නොවී සත්‍ය දකින්නට බුදුරජාණන් වහන්සේ මෙසේ මඟ පෙන්වන්නේ සැබෑම කරුණාවෙන්.

මේ උතුම් ධර්ම අවවාදය අපට මුණගැහෙන්නෙ ද දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයෙන්…

පින්වත් මහණෙනි පිටස්තර උදවිය මට වුණත් අපහාස කරනවා නම් , ධර්මයට වුණත් අපහාස කරනවා නම්, සංඝයාට වුණත් අපහාස කරනවා නම්, ඒ කියුම් ගැන ඔබ විසින් තරහ බැද ගැනීම නොකළ යුතුයි. අමනාපය ඇති නොකර ගත යුතුයි. සිතේ නොකැමැත්තක් ඇති නොකර ගත යුතුයි.

පින්වත් මහණෙනි පිටස්තර උදවිය මට දොස් කියන විට, ධර්මයට දොස් කියන විට, සංඝයාට දොස් කියන විට, ඒ ගැන ඔබ කෝප වෙනවා නම් සතුටු වෙනවා නම් එයින් ඔබටමයි අන්තරායක් වන්නේ..

පින්වත් මහණෙනි පිටස්තර උදවිය මට දොස් කියන විට ධර්මයට දොස් කියන විට සංඝයාට දොස් කියන විට ඒ ගැන ඔබ කෝප වෙනවා නම් සතුටු වෙනවා නම් පිටස්තර උදවිය කියන දේවල් යහපත්ව කියනවද අයහපත් කියනවද යන්න ඔබ තේරුම් ගන්නේ කොහොමද…

එය නොවේමය…

පිටස්තර උදවිය මට දොස් කියන විට, ධර්මයට දොස් කියන විට, සංඝයාට දොස් කියන විට, ඒ ගැන ඔබ විසින් කළ යුත්තේ මේ කාරණයෙන් ඕක නම් නැති දෙයක් මයි.. මේ කාරණයෙන් ඕක නම් අසත්‍යක් මයි.. ඔය කියන දෝෂය අප තුළ නැති දෙයක්.. ඔය දෝෂය අප අතර දකින්නට නැහැ.. කියලා අසත්‍යය සත්‍ය වශයෙන් තේරුම් ගෙන ලිහා ඉවත් කිරීමයි…

 

මා ගැන වුණත් පිටස්තර උදවිය ගුණ වර්ණනා කරනවා නම්, ධර්මය ගැන වුණත් ගුණ වර්ණනා කරනවා නම්, සංඝයා ගැන වුණත් ගුණ වර්ණනා කරනවා නම්, ඒ ගැන ඔබ අමුතුවෙන් සතුටු විය යුතු නැහැ… සොම්නස් විය යුතු නැහැ. සිතෙහි උද්දාමයට පත්විය යුතු නැහැ පින්වත් මහණෙනි මා ගැන වුණත් පිටස්තර උදවිය ගුණ වර්ණනා කරනවිට සංඝයා ගැන වුණත් ගුණ වර්ණනා කරන විට ඒ ගැන ඔබ අමුතු සතුටක් ඇති කරගන්නට ගියොත් සිත සතුටු කරගෙන උද්දාම වෙන්නට ගියොත් ඒකෙන් අන්තරායක් වන්නේ ඔබටමයි ..

 

 

පිටස්තර උදවිය ගුණ වර්ණනා කරන විට ධර්මය ගැන වුණත් ගුණ වර්ණනා කරනවිට සංඝයා ගැන වුණත් ගුණ වර්ණනා කරනවිට ඒ ගැන ඔබ විසින් කළ යුත්තේ මේ කාරණයෙන් ඕක නම් ඇති දෙයක්මයි.. මේ කාරණයෙන් ඕක නම් සත්‍යයක් මයි..ඔය කියන ගුණය අප තුළ තියෙනවා.. ඔය ගුණය අප අතර දක්නට ලැබෙනවා… කියලා සත්‍ය සත්‍ය වශයෙන් මෙනෙහි කිරීමයි

 

 

බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් ගතවී ගියත් අදටත් අපගේ ශාස්තෘවරයාණන් වූ ඒ භාග්‍යවතුන් වහන්සේ අපව මේ අනතුරුවලින් බේරා දෙන අන්දම කෙතරම් අසිරිමත් ද? අපට කියාදෙන පාඩම කෙතරම් අසිරිමත් ද? සොඳුරු ද? පිවිතුරු ධර්මය කෙතරම් ගාම්භීර ද? යන වග ඔබට පසක් වනු ඇත..

 

                                                              සහෝදරත්වයෙන් එක්වෙමු!

                                                     ©️ Buddhist Brotherhood

You might also like
en English
X
X