Temples of Sri Lanka

පින්බර බක් පුන් පොහෝ දිනය අදයි!

බුද්ධත්වයට එළඹ පස්වන වර්ෂයේදී බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ සේක.

එහිදී නාගදීපයේ සටනකට එළඹි චූලෝදර හා මහෝදර නම් නාග ගෝත්‍රික දෙපිරිස දමනය කිරීමට යුධ භූමියට බුදුන් වහන්සේ වැඩම කළ බවත්, ඍද්ධි ප්‍රාතිහාර්‍ය පා නාග ගෝත්‍රිකයන් බිය ගන්වා දමනය කළ බව මහාවංශයේ සඳහන් වේ.

අනතුරුව බුදුන් වහන්සේ එම පිරිසට කාකොලුක, වට්ටක, ලමුකික ආදී සූත්‍ර දේශනා සිදු කළ සේක.

ප්‍රසාදයට පත් නාග ගෝත්‍රිකයන් උන්වහන්සේට මිණි පළඟක් පූජා කළ බව ද සඳහන් ය.

සහෝදරත්වයෙන් එක්වෙමු!

©foundation for buddhist brotherhood

You might also like
en English
X
X