පිරිසුදු සිතක් ප්‍රාර්තනා කරමු…
බුදු ගුණ,ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධෝ වශයෙන් මෙනෙහි කරද්දී බලන්න. ලෝභ, ද්වේශ, මෝහ, ක්ලේෂයන් සිතට එයිද? දස ක්ලේෂ සිතට එයිද? එන්නේ නැහැ. එසේනම්, සිත ගත නිවා සනසාලනු පිණිස සිත දියුණු කිරීමේ සමාධි අවස්ථාවෙන් ඉදිරියට යන්න. අහසින් යන තත්ත්වයටම සිත දියුණු කරන්න පුළුවන්.
අභිඤ්ඤාපාදක කරගෙන පුරාණ ඍෂිවරු , මහරහතන් වහන්සේලා, අභිඥාලාභී උතුමෝ අහසින් ගමන් කළේ භාවනාවෙන් සිතේ දියුණුවෙන් අභිඥාපාදකවයි. එය උත්තරීතර අවස්ථාවක්. එසේනම්, කොයි කවුරුත් තමාගේ සිත දියුණු කර ගැනීම සඳහා යම්කිසි අරමුණක් සිතට ගැනීම භාවනාවයි. භාවනාව යනු සිත දියුණු කිරීමයි. සිතේ වැඩීමයි. කෙලෙසුන් යහපත් වීමයි. භාවනා කරන්න අවශ්‍යයයි, සිතුවත් විශාල පිනක්.
විනාඩියක් භාවනා කළොත් එය විශාල පිනක්. එසේනම්, ඊට වැඩි සංඛ්‍යාවකට ලැබෙන පින සීමා කරන්න බැහැ. කොයි කාට වුවත් තමන්ගේ ගුණ දියුණු කරගැනීමට විශේෂ පින්කම් පහක් බුදු දහමෙහි දැක්වෙයි. ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම සජ්ඣායනා කිරීම, ධර්මය මෙනෙහි කිරීම, භාවනා කිරීම ආදී උත්තරීතර පින්කම් පහ විමුක්තිදායක පින්කම් වශයෙන් හැඳීන්වෙයි. මේවා ඍජුවම නිවනට පමුණුවන ක්‍රම පහක්. මේ මඟින් සිදුවන්නේ කෙලෙසුන්ගේ සංසිඳීමයි. චිත්ත සමාධියයි. නුවණ දියුණු වීමයි. මේ ක්‍රම අනුගමනය කිරීම බුද්ධ ශාසනයේ ඔබ අප කවුරුත් කළ යුතුයි. කායික සුවය, මානසික සුවය සිතාගෙන පාරමී ගුණ දියුණු වේවා යන අදහසින් අප පුළුවන් තරම් භාවනා පිළිවෙත් මඟින් සිත දියුණු කළ යුතුයි. කෙනෙක් මිය ගියවිට, දෙයක් විනාශ වූවිට, ඇඬීම – වැළපීම ස්වභාවිකයි. සිතේ දියුණුවෙන් එය බොහෝ දුරට අඩුකර ගන්න පුළුවන්. බුදු දහමට අනුව බණ ඇසීමෙන්, භාවනා ක්‍රම දියුණු කළ යුතුයි. එසේ දියුණු කරගත් පින්වතුන්ට බලවත් ශක්තියක් ගොඩනංවා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ දහම දේශනා කළේ ශාසනයේ අපමණ දියුණුව පිණිසයි. එය එක් අයකුට, දෙදෙනකුට සීමා වූයේ නැහැ. සූවිසි අසංඛ්‍යෙයක් පිරිස මේ ශාසනයේ පිහිටෙන් නිවන් සුව ලැබුවා. සුළු සංඛ්‍යාවක්ද බලන්න? මේ සැවොම දන් දුන්නා. සිල් රැක්කා, බණ භාවනා මඟින් නීවරණ පහ යටපත් කර එය සම්පූර්ණයෙන් නිදහස් කරන්නට යෙදුණා. මේ නිසා මාර්ගඵල අවස්ථාවට පත්වුණා.
රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ෂ ආදී පංච කාමයන් පිළිබඳ ඇති වන්නාවූ තෘෂ්ණාව කාම ආශාවයි. මනුලොවට, දෙව්ලොවට, බඹලොවට හෝ තමන් සිටින තැනට තිබෙන ආශාව භවාශ්‍රවයයි. විවිධාකාර මිසදිටුකම් දිට්ඨාශ්‍රවයයි. මෝඩකම්, අවිද්‍යාව, චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම අවිද්‍යාශ්‍රවයයි. මෙසේ සතර වැදෑරුම් ආශ්‍රවයෝ සන්සිඳුවා ගත්විට ඒ සිත හඳුන්වන්නේ අනාශ්‍රව අවස්ථාවයි. රහතන් වහන්සේ ඍජුවම අනාශ්‍රව ලෙස හඳුන්වනවා. එය වෙනස් වන්නේම නැහැ. අන්‍යයන් පිනක් දහමක් කරද්දී කාමාශ්‍රව , දිට්ඨ ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රවය, පහව ගියානම් ඒ සිතට අනාශ්‍රවයි. නැවත අපි ක්ලේෂ ගැන සඳහන් කරමු. අනාශ්‍රව භවයෙන් ඉවත් වුණා. ආශ්‍රව බවට පත් වුණා . පල්වීම, නරක්වීම, දුගඳ හැමීම අර්ථය ආශ්රවයි. එය සම්පූර්ණයෙන් නැති කිරීම අනාශ්‍රවයි. ඒ නිසා බුදු දහම අනාශ්‍රව ධර්ම ඇති කරන දහමක්. කෙලෙස් වඩන, සසර දිගුකරන , අපායට ඇද දමන දහමක් නොවෙයි. අපායෙන් අත්මුදන , දෙව්ලොවට, බඹ ලොවට පමුණුවන, දිව්‍ය මාර්ග සම්පත් ඉක්මවායන නිවනට පමුණුවන සුවිශේෂී දහමක්. තථාගත ධර්මයෙන් මෙසේ කියනු ලබන ආශ්‍රවයන්ගේ සංසිඳුවීම පැහැදිලි වන්නේ සෝවාන් මාර්ග ඥානය, සකෘදාගාමී මාර්ග ඥානය , අනාගාමී මාර්ග ඥානය , අර්හත් මාර්ග ඥානය වූ අවස්ථා හතරයි. විවිධාකාර ක්‍රම අනුව බෝධි පාක්ෂික ධර්මතා තිස් අටක් තිබෙයි. මේවා සත්තිස් බෝධි පාක්ෂික ධර්මයි. බෝධි පාක්ෂික ධර්ම දියුණු කරගැනීමට අමුතුවෙන් වෙහෙසෙන්න දෙයක් නැහැ. සිත හොඳනම් පහළ වෙනවා. සිතේ තිබෙන තරහ, ක්‍රෝධ, මාන නැත්නම් ඒ සිත ප්‍රභාෂ්වරයි . පින්කමක සිත පිහිටුවොත් බෝධිපාක්ෂික ධර්ම තිස්හතම ලැබෙනවා. භාවනා කරන මොහොතේ චිත්ත වීතියක් ගණනේ බෝධි පාක්ෂික ධර්ම තිස්හතම පහළ වෙනවා. අභිධර්ම පිටකයේ පෙන්වාදෙන පරොපර්යාස ධර්ම හැත්තෑපහක්, චිත්ත සමාධිය පමුණුවන ධර්ම හැටපහක් වශයෙන් ධර්මයෝ එක සිතක පහළ වෙද්දී කොපමණ සිත කලබල වෙන්න ඕනද? කුසල් සිතක ධර්ම හැටපහක් පහළ වෙනවානම් ඒ හැටපහ බොහොම ප්‍රභාෂ්වරයි. පුණ්‍ය කර්මය බලවත් . ඒ පිනෙන් සිත බලවත් වී සිතේ ශක්තිය වැඩෙනවා.
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood