Temples of Sri Lanka

ප්‍රියයන්ගෙන් වෙන්වීමේ හා අප්‍රියයන් හා බැඳීමේ දුක

දුක කායිකව හා මානසිකව යන දෙකොට්ඨාශයම පවතිනව
සමහර අයට කායික දුක වේදනා ඉවසිය නොහැකිව සිහිය විකල් වී පවා යනවා. සමහරු වස විෂ පානය කරලා සියදිවි හානි කරගන්නවා. කායික දුක නිසා ජරා දුක නිසා එසේ ජීවිත හානි වැඩියි.
මෙයාකාරයෙන් දුක් ඵල දෙනව.මිනිසා මුහුණ දෙන දුක හරියටම කුමක්ද කියලා අපට කීමට අපහසුයි. ඒත් ඒ අතරේ බරපතළ දුකක් තමයි ප්රිය විප්රයෝග දුක සහ අප්රිය සම්ප්රයෝග දුක. ප්රිය විප්රයෝග දුක කියන්නේ ප්රියයන්ගෙන් වෙන්වීමේ දුක.

 

මුන්ඩරාජ සූත්රය කියලා අංගුත්තර නිකායේ දේශනාවේ තිබෙනවා. එහි මුන්ඩ කියලා රජ කෙනෙක් හිටිය. මේ රජතුමාගේ බිසවට රජු අසීමිතව ආදරය කළා. ඒ අතරේ මේ බිසව මියගිය මියගිය රජතුමා මේ බිසව දෙනක තබා කෑම බීම නොකා නොබී බිසව නැගිටිනකන් බලා සිටියා
රජතුමාගේ සිහිය විකෘති වුණා ඇමතිවරුන් රජතුමාගේ තත්ත්වය දැනගෙන නාරද කියලා රහතන් වහන්සේ නමක් වැඩම කරවූවා. උන්වහන්සේ රජතුමාට දේශනා කළා බලාපොරොත්තු තබා ගත නොහැකි කාරණා පහක් පිළිබඳ …
ඒවා තමයි …

 

ජරාවට පත්වන ජීවිතය ජරාවට පත් වන්නේ නැහැ කියලා අපේක්ෂාවෙන් පසුවන්නේ එපා කියලා
රෝග පීඩාවට පත්වන ජීවිතය රෝග පීඩාවට පත් නොවී තියෙන්නෙ නැහැයි කියලා අපේක්ෂා තබා ගන්න එපා කියලා
මරණයට භාජනය වන ජීවිතය මරණයට පත්වන්න එපා කියලා අපේක්ෂාවක් තබා ගන්න එපා කියලා
අනිත්ය වන දේ අනිත්යවන්න එපා කියලා අපේක්ෂාවන් තබාගන්නට එපා කියල
ගෙවීගෙන යන ජීවිතය ගෙවී යන්න එපා කියලා අපේක්ෂා තබන්නට එපා කියලා

 

ඉහතින් කී ව මේ කරුණු රහතන් වහන්සේ විසින් රජතුමාට පැහැදිලි කරලා දෙන කොට රජතුමාට අවබෝධ වුණා මේ ලෝක ස්වභාවය පිළිබඳව.
තමන් ආශා කළ දේ නැති වෙලා ගියේ ලෝකයේ අනිත්ය දෙයක් නිසා බව. ඊට පසු රජතුමා දේවිය ආදාහනය කරලා පිරිසිදු වෙලා නැවත රටේ පාලන කටයුතු කරගෙන ගියා.
මේකෙන් අපට පැහැදිලි වන්නේ මේ ප්රිය විප්රයෝග දුක නිසා සමහරුන්ට කළ යුතු දේ සහ නොකළ යුතු දේ පවා තෝරා බේරාගත නොහැකි තත්ත්වයකට පත්වෙනවා. ඒ විශාල කම්පනය නිසයි.
අප්රිය සම්ප්රයෝගය එසේමයි. තමන් අකමැති දේවල් වලට මුහුණ දෙන්න සිදු උනහම අකමැති පුද්ගලයන් ආශ්රයට ලැබුනහම එය ඉතා දුකක්.

 

උදාහරණයක් ලෙස ගත්තොත්…සේවිකාවක් වශයෙන් පුද්ගලයකු විදේශගත වෙනවා යැයි සිතමු එහිදී දින දෙකක් තුනක් යනවිට අකමැති පිරිසකුත් අපට මුණගැහෙනවා. අප්රිය දේවල් වලින් එකතු වී ඉන්න අමාරු වෙනවා. සමහර කාන්තාවන් උඩු මහලේ සිට බිමට පැනපු අවස්ථා තිබෙනවා අප්රිය. සම්ප්රයෝග දුක උහුලා ගන්න බැරිවයි ඒ විදිහට පත් වන්නේ.
මිනිස්සුන්ට ඔරොත්තු දිය නොහැකි දෙයට මුහුණ දීමට සිදුවන කොට දරාගැනීමේ ශක්තිය පුරදු කළ යුතු වෙනවා.
දරාගැනීමේ ශක්තිය කියන්නේ ජීවිතය පිළිබඳව ඇති යථා අවබෝධය. තමන්ට වුවමනා ආකාරයට කිසිවක් ලැබිය නොහැකි බව අවබෝධ කරගන්නට ඕන ජීවිතයේ ස්වභාවය අප මැනවින් හඳුනාගත යුතුයි.

 

බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පාපු අවස්ථාවේ දී උන්වහන්සේ සිවුරත් පාත්රයත් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගෙනැවිත් කියනවා ස්වාමිනි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා කියා. එතන සිටින ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කියා සිටියා ස්වාමීනි මගේ ලෝකය අඳුරු වෙලා ගියා. මට කිසිවක් සිතාගැනීමට නොහැකි වුණා. දිසාවක් පවා හඳුනා ගැනීමට අපහසු වුණා මගේ පපුව හිර වුනා කියලා.
ඒ වන විට ආනන්ද හිමියන් සෝතාපන්න වූ භික්ෂූන් වහන්සේ නමක්. නමුත් ප්රිය විප්රයෝග දුක දැනුන හැටි බලන්න. එවිට බුදුරජාණන් වහන්සේ ශ්රාවකයන් තුළ සිහිය උපදවන ආකාරය පුදුම ලෙස මේ ආකාරයෙන් විග්රහ කරනවා…උන්වහන්සේ වදාළා ආනන්ද සාරිපුත්ත රහතන් වහන්සේ ඔබේ සීලය සමාධි ප්රඥා වත් රැගෙන ද පිරිනිවන් පෑවේ කියලා
ආනන්ද ඔබට මතක නැති ද ප්රිය මනාප දෙයින් වෙන් වීමේ ස්වභාවය …අපි උරුම කරගත් දෙයක් කියලා සිහි කළ යුතුයි, යනුවෙන් දේශනා කළා

 

මෙයින් පැහැදිලි වෙන්නේ ප්රිය විප්පයෝග දුකින් මිදීමට තිබෙන එකම දේ ප්රියමනාප දේවලින් වෙනස්වීමේ දක්ෂතාවයක් තමන්ට තිබෙනවා කියලා තමන් තුළ ඇතිවන අවබෝධය මයි. එනිසා ජීවිතාවබෝධය කින් තොරව මේවාට මුහුණ දිය හැකි යැයි සිතිය නොහැකියි.ධර්මය අවබෝධය ලබා වහ වහා මේ දුක් වේදනාවලින් මිදීමට අප උත්සාහ කළ යුත්තේ ඒ නිසා ම යි.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X