සහෝදරත්වයේ කරුණා ධාරාව බියගමට
බෞද්ධ සහෝදරත්ව පදනම විසින් දියත් කරන්නට යෙදෙන, මිනිස්කම පෙරදැරි කරගත්, ‘කරුණා ධාරා’ ව්‍යාපෘතියේ පළමු අදියර පසුගිය ජනවාරි පළමුවැනිදා පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.

එහි මුල්ම පියවර වූයේ විශ්වීය කරුණවේ මුද්‍රාව ශුද්ධෝත්තම 14වැනි දලයි ලාමා වහන්සේට දීර්ඝායුෂ සහ ශුභාශිංසන පැතීමත්, ලොව සියලු ධර්ම දූතයන් වහන්සේලාට චිරජීවනයත්, රටවාසී සහ ලෝකවාසී සියලුම සත්වයන් හට එළඹි නව වසරට සෙත් පැතීමත් අරමුණු කරගත් සෙත් පිරිත් සජ්ඣායනයයි. ඒ සඳහා භික්ෂූන් වහන්සේලා දස නමක් වැඩම කළ අතර පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයෙහි නිර්මිත දහසක් බුදුවරු වැඩසිටින කුටියෙහි පිරිත් සජ්ඣායනය සිදු කෙරුණි.

