Temples of Sri Lanka

සරු දහමින් සපිරි සමාජය වේ ගුණ පිරි

සිංහල සංස්කෘතිය වසර 2500ක් පුරා සාරධර්ම වැස්සවූ අභිමානවත් පරපුරකට සෙවණ සැලසූවකි. එසෙම අනු බුදු මිහිදු හිමි රැගෙන ආ බුදු දහාමෙන් පෝෂණය වී සැකසුනු දැහැමි සමාජයකි.
යහපත් ක්රියා සාරධර්ම ලෙස සලකමු. යහපත් ක්රියාවක් සමාජගත කරන පුද්ගලයා බිහි වන්නෙ පවුල තුලින්.එසේනම් මුලින්ම පවුල තුලින් සමාජයට පා තබන දරුවා යහපත් කර ගන්නට යත්න දැරිය යුතුයි. එහි වගකිම බොහොමයක් පැවරෙන්නෙ දෙමාපියන් වෙතයි .
යහපත් අධ්යාපනයක් ලබා දි ගුණ ගරුක දැහැමි අයෙකු බවට පත් කිරිම දෙමාපියන් සතු වගකිමක්.
දෙමාපියන් දරුවන් පාසල, දහම් අධ්යාපනය වෙත භාර කරන්නෙ ඒ සදහාය.දරුවාගේ සියලු දෑ සොයා බලමින් නිරතුරු විමසිල්ලෙන් සිටිමින් ඔහුට යහපත් අධ්යාපනයක් සේම ගුණධර්ම ලබා දිමට අපි වගවී සිටින්නෙමු.
ලොව දරුවාට විවෘතව පවතින මෙවන් යුගයක තාක්ෂණය විදුලි වේගයෙන් මිනිසා අභිවමින් සිටියි. අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සෙ සැරිසරන දහස් සංඛ්යාවක් දරුවන් මඟ වරද්දා ගන්නට එකම හේතුවත් සාරධර්මයේ ඌනතාවයක් ලෙස හැඟේ.
පොත පත දැනුම මනා සේගොඩනගන ගුරු භවතාද ඉන් එහා ගිය සාරවත්ව්දහමක් දරුවා තුල වර්ධනය කරන්නට පෙළබෙන්නේ නම් ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ යන්න.සනාථ වනවා ඇත.
තම විෂය⁣ට ඇති දෑ සාර්ථක කර ගැනීමට උත්සුක වන්නා සේම ඒ ඔස්සෙම යමින් දරුවන්ගෙ ඔනෑ එපා කම් සොයා බලමින් මිතුරු වෙමින් සූක්ෂම ලෙස දරුවන් මෙහෙය විය යුතුය.

 

දරුවන් සමග යහළු යෙහෙළියන් සේ ඇසුරු කිරීම තුළ අදහස් හුවමාරු කර ගනිමින් දරුවන්ට ලං වීමට ඇති හැකියාව තුළ සියලු සුහද කම් ඔස්සේ සාරධර්ම ගොඩනැගීමට පහසුවක් වනු ඇත.
ඒ අතරම සාමකාමී පවුලක සෙවණ දරුවන්ට ලැබිය යුතුය. මව පියා යහපත් ගුණ ධර්ම සුරකින අය නම් දරුවාට එය වහනය වනු ඇත. සාමකාමී ධර්මික පවුල් පසුබිමකින් සමාජයට පා තබන්නෙ එවැනි මයහපත් දරුවෙකි .
සාරධර්ම සපිරි සමාජයකට ඉතා වැදගත් තවත් කරුණක් නම් පන්සිල් සුරකින සමාජයක් බිහිකිරීමයි. අර්මාර්ථයෙන් වැසි ගොස් ඇති වත්මන් සමාජ තත්වයක් හිමි මෙවන් යුගයක කිසිවෙක් කිසිවෙකුට උපකාර නොකරන, දුක සැප බෙදා හදා නොගන්නා, අවමන් කිරිමට අවස්ථා සොයන , කරදරයකදි මග හැර යන මිනිසුන් අවට වටපිටාවේ බොහොමයකි.

 

මෙවන් සමාජයක අනාගතයේ පුබුදුවන මල් කැකුළු පටන් මුහුකුරා ගිය වැඩිහිටි සමාජය තෙක් මුලු මහත් පිරිසම , දිනෙන් දින විනාශ මුඛය කරා එළඹෙයි.සාරධර්ම නගා සිටුවමින් එහි ඇති වටිනා ම හරය පැහැදිලි කර දීමට මේ කාලයයි.
පරපුරක් සතුටු වන සුවහසකට සෙත සැලසෙන බබළවන රටක අනාගත මහිමය දකින්නට විකසිත වන මල් කැකුළු සරුසාර කළ යුතුයි.

 

ඒ සරුසාර බව රඳා පවතින්නේ වැඩිහිටි ගුණදහම් වල සරුසාර කමේ ප්රතිඵලයක් වශයෙනුයි..
අතීතයේ අඩුලුහුඩු තැන්වල හිඩැස් වර්තමානය තුළ දක්නට ලැබෙනවා සේම, වර්තමාන මල් කැකුළු වල විකසිත වන ආනාගතය සුවපත් කරන්නට හැකියාව ඇත්නම් අනාගත පරපුරේ ශක්යතාවය එයින් මනාවට ප්රතිඵලදායක කරගත හැකි වනු ඇත.

 

මේ ගුණදහම් වගා කිරීම සඳහා මල් කැකුළුවෙත සුවදායි පරිසරයක් දායාද කරමු.යහගුණ යහ දහම් පිරී සුපහන් සිත් පුබුදුවාලන හැඟීමෙන් දරුවන් ඔප කරමු…
පිරිපුන් සමාජයක්.. යහපත් රටක් …අනාගතයේ උදාවීම එවිට නවතාලිය නොහැකි වේවි..
තෙරුවන් සරණ සැමට..

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X