Temples of Sri Lanka

සිල් සුවඳින් නැහැ වෙන උතුම් දුරුතු පොහෝ දිනක් වේවා

ජනවාරි මාසය කැලැන්ඩර මාසවලින් ගතහොත් පළමු මාසයයි. ශ්රී ලංකාවාසීන්ට විශේෂිත වූ දුරුතු පුන් පොහොය උදා කරන මාසය මෙම මාසයයි.

 

බුදුරජාණන් වහන්සේ ප්රථම වරට ලක්දිවට වැඩම කළේ දුරුතු පුන් පොහෝදා කයි .එදින මහියංගනයෙ හි පිහිටි මහානාග නම් වූ උයනක යක්ෂ ගෝත්රිකයන් දෙපිරිසක් අතර මහත් වූ අරගලයක් හට ගෙන තිබුණු අතර බුදුන් වහන්සේ එහි වැඩම කොට ඔවුන් බිය ගන්වා ගිරි නම් දිවයින වෙතට පලා යැවූ බව සඳහන් වී තිබෙනවා.
එදින එහි පැමිණි සුමන නම් දෙවියන් පූජාවට සුදුසු දෙයක් ඉල්ලූ අවස්ථාවේ කේශධාතූන් ලබාදුන් අතර එම ධාතූන් තැන්පත් කරමින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ හිම ස්ථූපයක් කරවූ බව ඉතිහාසගත කරුණු වල සඳහන් වෙනවා
බුදුරජාණන් වහන්සේගේ මහා ප්රඥාව ලෝක සත්වයාට දේශනා කිරීමේ මුල්ම පියවර තබන ලද්දේත් අදවන් වූ උතුම් දුරුතු පුන් පුන් පොහෝ දිනකයි

 

තුන්බෑ ජටිලයන් වූ උරුවෙල කාශ්යප, නදී කාශ්යප ,සහ ගයා කාශ්යප ඇතුළු දහසක් පමණ දෙනාට සදහම් මාර්ගය පහදා දෙමින් ධර්මය පහදා දුන්නේ ද මෙම පුන් පොහෝදායි.
බුදුන් වහන්සේ විසින් දහම් දේශනා කොට අරහත් භාවයට පත් තුන් තුන්බෑ ජටිල තෙරුන් සහ ඔවුන්ගේ පිරිවර සමග මගධය වෙත වැඩම කළ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුට දහම් දෙසා රජු සහ එම නුවර වැසියන් තෙරුවන් සරණ ගිය බෞද්ධයින් බවට පත් කළේ ද අද වන් වූ උතුම් පුන් පොහෝ දිනකයි

 

බිම්බිසාර රජු විසින් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද මෙම පොහොය දිනයේදීය
උතුම් වූ කැලණි රජ මහා විහාරයේ පෙරහර උත්සවය පවත්වන්නේ ද දුරුතු මාසයේයි.
සිදු වූ තවත් වැදගත් සිදුවීම අතර,

 

                                   🔶බුදුන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම
                                   🔶සැරියුත් මුගලන් දෑගසව්වන් තනතුර ලැබීම
                                    🔶ඕවාද ප්රාතිමෝක්ෂය දේශනා කිරීම
යන සිදුවීම් ද අද දිනට වූ විශේෂ සිදුවීම් ලෙස සඳහන් කළ හැකිය.

 

තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් සියලුම දෙනාහට තෙරුවන් සරණ ලැබේවා!
උතුම් වූ නිර්වාණ අවබෝධය ම ලැබේවා!
බෞද්ධ සහෝදරත්වයේ ප්රාර්ථනය….

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X