Temples of Sri Lanka

සුපසන් මාපිය සෙනෙහස……..

මවු පදවිය යනු මෙලොව ඇති උතුම්ම පදවිය යි. ලෝකය වෙත සුන්දර මිනිසකු බිහි කිරීමේ වගකීම දැඩි ලෙස පැවරී ඇත්තේ අම්මාටයි. ඉතා සංයමයකින් හා වගකීමෙන් කළ යුතු කාර්යක් එය. මේ සම්බන්ධයෙන් බුදු රජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී කරුණු කාරනා පෙන්වා දී තිබෙනවා.
බුදු දහමට අනුව මවු පදවිය කවර ආකාරයකින් විග්රහ වේද යන්න බලමු.
මව ජනෙත්ති , සුභද්ර , තෝසෙත්ති ,පෝසෙත්ති, යනුවෙන් අවස්ථා කිහිපයක් යටතේ හඳුන්වනවා.
ජනෙත්ති කියන්නේ හොඳ දරු උපතක් දායාද කිරීමයි..
දරුවා මෙලොවට බිහි කිරීමට පෙර ඇය තමන්ගේ සුපුරුදු ජීවන රටාව පවා වෙනස් කරනවා. දරුවන්ට හිතකර ආහාරපාන ගැනීම මෙන්ම ගේදොර පරිසරය පිරිසිදු කිරීම හා බාහිර පරිසරය පවා වෙනස් කිරීමට යොමුවෙනවා.
කාන්තාවන් බොහොමයක් මවු පදවිය සඳහා සූදානම් වෙන්නේ විශාල කැප කිරීම් කරමින්.
සුභද්ර යනු සෙනෙහස දැක්වීමයි. මවක් තම දරුවන්ට සෙනෙහස නොඅඩුව ලබාදීම තුලින් දරුවන් නොමඟ යන අවස්ථා බොහෝ දුරට වළක්වා ගත හැකියි .
තෝසෙත්ති නමින් ව්යවහාර වන්නේ දරුවන් සතුටු කිරිමයි. නැලවිලි ගී , ප්රිය වචන, ළමා මනසට දැනුම ප්රිය උපදවන පරිසරය , සුදුසු ඇඳුම් -පැළඳුම් ආදිය මෙන් ම උණුසුම් වැළද ගැනීමෙන් දරුවන් සතුටු කළ හැකියි. පෝසෙත්ති යනු මෙලොව එළිය දුටු දරුවා හොඳින් පෝෂණය කිරීමයි.
වත්මනට වඩා වෙනස් වුණු අතීත කතාව තුළ මවුවරුන් තම දරුවන්ගේ සියලු කටයුතු නිසියාකාර ලෙස සිදු කෙළේ තමන් විසින්මයි.
දහමට අනුව මවු කුස පිළිසිඳ සිටින දරුවන්ට ආභාෂය ලැබෙන්නේ මවගේ සිතුම් පැතුම් පමණක් නොවේ…
භවයක සමුගැනීමෙන් භවයක ආරම්භය ට පත්වන පුද්ගලයෙකුගේ කුසල අකුසල සිතුම් හා චර්යාවන් සංසාර ගමනට ප්රබල ලෙස බලපෑම් කරනවා.
මේ සඳහා හොඳම නිදසුන සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේගේ දීර්ඝ සසර පිළිබඳ තොරතුරු අනාවරණය කරන පන්සිය පනස් ජාතක පොත් වහන්සේයි.
මෙයින් පෙනී යන්නේ භවයෙන් භවය යහපත් ජීවන රටාවකට පුරුදු පුහුණු විය යුතු බවයි.
මිනිසාට එක් එක් ආත්ම භාවයන් වල දී මවුපියන්ගෙන්, විවිධ ක්රමවේද හා සමාජ තල මගින් හොඳ හෝ නරක පුරුදු හිමිවෙනවා.
අපගේ මෙම පුද්ගල පැවැත්මට අදාල සියල්ල සැකසෙන්නේ ධර්මතාවයෙන්..
ඇස, කණ, නාසය, දිව, ස්පර්ශ පිනවමින් පංච උපාදානස්කන්ධ සිත් මිනිස් සිතෙහි පහල වෙනවා.
වර්තමානයට වඩා අතීතයේදී මවුවරුන් දැහැමි දිවි පෙවෙතක් ගත කළ බව
අතීතය පිරික්සන විට ලැබෙන සත්ය කරුණක්.
දඹදිව විසූ බෝසත් කුමරුගේ මවුපියන් වු ශුද්ධෝදන රජතුමා හා මහමායා දේවිය ප්රමුඛ පිරිස බ්රාහ්මණ ශීලය සමාදන් වු බව සදහන් වෙනවා.
අසිත තවුසාණන් සිටියේද මේ යුගයේයි.
ශ්රී ලාංකිකයින්ද අතීතයේ සිටම පන්සලේ බණ මඩුවට එකතු වී පිරිස සමඟ ජාතක පොත් හා ධර්මය අසා සැනසීමට පුරුදුව සිටියා… එමෙන්ම සිංහල සිරිත් විරිත් යනුවෙන් හඳුනා ගත හැකි සංස්කෘතික ලක්ෂණ පවත්වා ගෙන ඒමද සිංහල බෞද්ධයින් විසින් සිදුවුණා .
මෙහි විශේෂත්වය සදාචාරාත්මක, අන්යෝන්ය සහයෝගයෙන් සාමුහික ජීවිත ගත කිරීමයි.
උපතේ සිට මරණය දක්වා ඒ ඒ අවස්ථාව අනුව ශ්රි ලාංකිකයන් යහපත් සිරිත් විරිත් අනුගමනය කරනවා. ඒ අතරින් මවුපියන්. වැඩිහිටියන් නමස්කාර කිරීම හා උත්සව අවස්ථාවලදි බුලත් අතක් දී වරද ක්ෂමා කර ගැනීම උතුම් සිංහල සිරිතක්.
වර්තමානයේදි නූතන බටහිර ගති පැවතුම් අනුකරණය කරමින් අපගේ පැරණි සිරිත් විරිත් ගැරහීමට ලක්වන අවස්ථා බොහෝවිට දක්නට තිබෙනවා.
මවක් දරුවකු මෙලොවට බිහි කිරිමට ප්රථම සංඝයා වහන්සේලා ප්රමුඛව අංගුලිමාල පිරිත ඇතුලු මහ පිරිත් දේශනා කර ගැනීම අතීතයේදි පැවැති සිරිතක්.
අංගුලිමාල තෙරුන්ට බුදු රජාණන් වහන්සේ දෙසූ උතුම් පිරිත “ඔබ හට සුවය පතා දේශනා කරන බවත් සසුනෙහි දෙවන වර උපත ලද අංගුලිමාල වන මා පැවිදි දිවියෙහි දි කිසිදු සතෙකු ගේ පණ නැසුවේ නැති බැවින් ඒ සත්ය බලයෙන් ඔබ ගැබට සෙතක් වේවායි “යනුවෙන් පැහැදිලි කර තිබෙනවා.
අතීතයේදි මිනිසා සරල බව, චාම් බව, නිහතමානි හොඳ ගතිගුණ තමා තුළ ඇති කර ගනිමින් යහපත් ජීවිත ගත කර ලස්සන ජීවිතය ආලෝකමත් කර ගනු ලැබුවා. ව්ශේෂයෙඉන් එදා ගැබ් ගත් කාන්තාවන් ධර්මානුකූලව ජීවිත ගත කළා.. මේ හේතුවෙන් බිහි වු දරුවන් සදාචාර සම්පන්න හොඳ දරුවන් වුණා . එයට ප්රධානතම හේතුව මවගේ සිතුම් පැතුම් යහපත්වීමයි.
වර්තමානයේදි කාර්ය බහුල ජිවිත ගත කිරීම නිසාම, වර්තමානයේදි අතීත ජිවන රටාවෙන් බැහැර වී ඇති බව හා සාරධර්ම බොහෝ දුරට පිරිහී තිබෙන බව දක්නට ලැබෙනවා.
මෙයට ප්රධානතම හේතුව වන්නේ සෑම පුද්ගලයකුම ධර්මයට වඩා ධනයට මුල් තැන දීමයි. එපමණක් නොවේ.. ගර්භනී කාන්තාවන් මත්පානය අසභ්ය දර්ශන , බාහිර ආටෝපය සඳහා ආලේප භාවිතය , නුසුදුසු ඇදුම් යන සියල්ල භාවිතයට ගන්නා තත්ත්වයක් ද දක්නට තිබෙනවා. එහි බලපෑම කුසෙහි සිටින දරුවන්ට බලපාන බව ඔවුන්ට අමතක වෙලා. එපමණක් නොව තමා විසින්ම ඇති කර ගන්නා විකෘතිතාවලින් පෙලෙමින් සමාජයේ අන් අය ද ඒවාට හවුල් කර ගන්නවා.
සාමාන්යයෙන් කාන්තාවක් ගැබ් ගැනීමෙන් පසු කළලය මාස තුනක්-නවයක් අතර කාලය තුළදි මවගේ සිතුම් පැතුම්වලට පමණක් නොව බාහිර පරිසරයට ජ්සංවේදිතාවය දක්වනවා.
දරුවන් උදෙසා සෑම අතින්ම යුතුකම් කිරිම වත්මන් සමාජය තුළ අවශ්යම කරුණක් .
එසේ නොවුණු හොත් පසු තැවීමට සිදුවන බවත් සඳහන් වෙනවා.“ මාතා යථා නියං පුත්තං –ආයුෂා ඒක පුත්ත මනු රක්ඛේ” මේ ආකාරයෙන් “කරණීය මෙත්ත සුත්රෙයහි සඳහන් එම පාඨයෙන් මවක් තමන්ගේ දරුවා දිවි පුදා යම් සේ රකියිද යනුවෙන් දේශනා කර තිබෙනවා.
වර්තමාන දරුවන්ගේ ජිවන රටාව අරුම පුදුම තත්ත්වයකට පත්ව ඇත .
බොහෝ මවුපියන් දරුවන්ට ආදරය කරනවා. නමුත් දරුවන් දිරිමත් කරන්නේ අන් අය අභිබවමින් ඉගෙන ගැනිමට,උසස් රැකියාවක් කිරිමට , සමාජයේ ඉහළට යාමට, තරග වැදීම , දේපළ රැස් කිරිම වැනි දේවල්වලටයි.
එකමුතුබව, ඉවසීම, කරුණාව, කළගුණ සැලකීම, අවංක බව ආදි සාරධර්ම දරුවන් තුළ ඇති කරන මවුපියන්ද සිටිනවා.
සමහර අය දරුවන් කැමැති වුවත් නැතත් මවුපියන්ගේ අභිමතාර්ථය පමණක් උදෙසා බලහත්කාරයෙන් විවිධ විෂය ධාරාවන් සඳහා යොමු කරන අන්දම දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් ඇතැම් විට දරුවා තුළ ඇති දක්ෂතා යටපත් වන අවස්ථා තිබෙනවා .
තවත් සමහර මවුපියන් ගේ අදහස වි තිබෙන්නේ දරුවාට දිය යුතු උතුම්ම දායාදය විෂය අධ්යාපනය පමණක් බවයි .ඒ නිසා අයිතිවාසිකම්, පෝෂණය, සාරධර්ම, මෙත් සිතුවිලි, සාමුහිකත්වය, ආදරය, කරුණාව ,දයාව සියලු දැ පසෙකලා දහම් පාසල් අධ්යාපනයද පවා අමතක කොට අමතර පංති කරා ළමයින් යොමු කරනවා. මේ හේතුවෙන් ළමයින් මානසික පීඩනය. ආතතිය හා විවිධ ආබාධයන්ට ගොදුරු අවස්ථා අසන්නට ලැබෙනවා.
එමෙන්ම තාක්ෂණ දියුණුවත් සමඟ අවබෝධයකින් තොරව සියල්ල වැළඳ ගැනීම නොකර අවදිභාවයකින් නොසිටිය හොත් එයම ඔහුගේ විනාශයට මඟ සැලසෙන කාරණයක් විය හැකියි.
එසේම අධ්යාපනයට සුදුසු රැකියාවක් නොලැබුණහොත්, ඔවුන් අතරින් සිදුවන විනාශකාරි ක්රියාව දැනුවත්ව හෝ නොදැනුවත්ව සමාජයෙන් පළිගැනීමක් නොවන්නට නම් මවුපියන් ඔවුන් පසුපසින් ම සිටිය යුතුයි .. අනුකරණ පසුපස නොයා යහපත් ජීවිතයක් ගොඩනඟා ගන්නා ආකාර සොයා බැලීම සඳහා දෙමාපියන් දරුවන් පසුපසින්ම සිටීම ඉතාමත් වැදගත් …
වර්තමානයේ ප්රධාන තැනක් ගන්නේ කාමය , ධනය , බලය, යන කාරණායි. සමාජයේ සෑම අංශයක්ම කාමාශාව පදනම් කර ගෙන තිබෙන නිසා ධර්ම දේශනාවන්වලට සවන් යොමු කිරීමට ආශාවක් වැඩිහිටියකුවත් නොසිතෙන තරම් .
සමහර කාම ආශාවන්වලදි හැඟීම් අති විශාල ශක්තියක් බවට ප්රබල වන අවස්ථාවන් තිබෙනවා.
ඒවායෙහි අවසානය මිනිසෙකුගේ අවසානය දක්වා මනස ගමන් කර ඇති අවස්ථා අසන්නට දක්නට ලැබෙනවා.
මෙම ඇතිවන හැඟීම් දුකක්ද , සතුටක්ද, යන්න එය සිත්වල ඇති නිර්මාණයක් . මේ බව අවබෝධ කර ගැනීමෙන් ආකල්ප හා චර්යාවන් වෙනස් කර ගත හැකියි.
එමෙන්ම යෞවනයේ ඇතිවන තරුණ මදයෙන් මත් නොවී ධාර්මික ජීවිතයක් ගත කිරිමට ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.
සැමවිටම තමා කරන ක්රියාවන් සිතට හැඟෙන සිතුවිලි මෙනෙහි කර එහි ආදීනව දකින්නේ නම් මනස නිරෝගි කර ගැනීමට හැකියාව ලැබෙනවා. සාමුහික පොදු සේවාවන්වල නිරතවීමෙන්ද සිත සැහැල්ලු කර ගැනීමේ හැකියාව තිබෙනවා. දන්සල් ලේ දන්දිම, වන්දනා චාරිකා හා වෙසක් පොසොන් උත්සව සංවිධානය ආදියෙන් සාර්ථක තරුණ ජිවිතයක් ගත කිරීමට අවස්ථාව සලසා ගත හැකියි. දරුවකු සාර්ථක මගකට ගැනිමට ඔවදනට වඩා ආදර්ශය උතුම් බව බුදු රජාණන් වහන්සේ පෙන්වා දි තිබෙනවා.
තම දරුවන්ට ආදර්ශමත් වන මවුපියන් විසින් අනුගමනය කළ හා නොකළ යුතු පිළිවෙත් රාශියක් තිබෙනවා.
වෙල් ඉපනැල්ලේ කෙළිදොලෙන් සෙල්ලම් කරමින් සතුටින් සමගියෙන් අධ්යාපනය ඉහළට හැදෑරු මවුපියන් එදා පැවැති ඒ සුන්දර අතීතය අමතක කරලා .
එයට හේතුව වර්තමානයේ බොහෝ දෙනා යන්ත්ර සූත්ර මෙන් කාලය ගත කිරීම හා අවිවේකී බවයි .
එමෙන් ම ධනය, දේපළ, කීර්තිය. ප්රසංශා, නිලබල වෙනුවෙන් ජීවිතය සමග පොර බදින තත්ත්වයක් මතින් වර්තමානය පෝෂණය වෙලා .
මේ හේතුවෙන් සිත තුළ තෘෂ්ණාව. වෛරය, ක්රෝධය, ඊර්ෂ්යාව, මාන්නය වගා වෙලා .
ඇතැම් අය තමන් සතු දෙයකින් කිසිම දිනක තෘප්තිමත් වෙන්නේ නැහැ. ආත්මාර්තකාමි ලෙස ජීවත්වෙනවා. ධනය කියන්නේ සතුට නොවේ. මිනිසකුගේ නොසිඳෙන ආශාවල් සම්පූර්ණ කළ හැක්කේ කලාතුරකින්. එහෙත් මිය යන දිනක වස්තුව නැදෑ හිත මිතුරන් දමා යාමට සිදුවෙනවා. ඔබ කැටිව එන්නේ කළ හොඳ නරක පමණයි.
කළ හොඳ පමණයි මෙලොව රැදෙන්නේ…..
අපට ලැබී තිබෙන මෙම වටිනා මිනිසත් බව ලැබුණේ පෙර භවයේදි කළ හොඳ කර්ම නිසායි. කුසල් නිසයි …සිත දියුණු කළ හැකි එකම සත්ත්වයා මිනිසා නිසාවෙන්,මේ ලැබු මිනිසත් බව අපතේ යාමට ඉඩ නොදී ඒ වෙනුවෙන් ඇප කැප වීම කැපවීම මිනිසත් බව ලැබූ අපටම උරුම වූවක්.
තමා කවුද යන්න අවබෝධ කර ගැනීමෙන් අවංක හා නිහතමානි විය හැකියි. ප්රථමයෙන් අපගේ මනුෂ්ය ජීවිතය තුලදි බුදු රජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්රද්ධාව ඇති කර ධර්මය කෙරෙහි යොමු විය යුතුයි. මෙසේ ධර්මය අසන්නට ලැබෙන්නේ සීමිත කොටසකටයි.
ඒ පිරිසෙන් කොටසකටයි ධර්මයේ හැසිරෙන්නට වාසනාව තිබන්නේ . එයිනුත් ධර්මය තේරුම් ගන්න අවබෝධ කර ගන්න වාසනාව ලැබෙන්නේ සුඵ පිරිසකටයි.ඒ නිසා මේ ධර්ම මාර්ගය කෙරෙහි සිත පහදවා ගන්නට පින අවශ්යයි.ඒ නිසා ද්වේශය ,මෝහය, තෘෂ්ණවෙන්, උපාදානයෙන් මිදි අවබෝධයෙන් ඇලීම් ගැටීම් අත්හැර ධර්ම මාර්ගයේ ගමන් කළ යුතුයි .
නිස්සරණය දන්නේ නැහැ. ඒනිසා ඒ අය සරාගි ලෝකය තුල ජීවත් වෙනවා. එමෙන්ම මිනිසා යමක් වැරදුණු විට බියද, යමක් හරිගිය විට සතුට නැතිවේ යැයි කණගාටුවක් ද ඇතිකර ගැනීමට පුරුදු පුහුණු වෙලා තිබෙනවා .
මේ හේතුවෙන් දියවැඩියාව, අධික රුධිර පීඩනය, සමේ රෝග, ඇදුම වැනි රෝග උත්සන්න වන අවස්ථාත් අපට දක්නට ලැබී තිබෙනවා .
වෙනස් වන දේවල් තමාගේ යැයි බදා ගැනීම නිසා ඇතිවන බිය ශෝකය සදහා..
“තණ්හාව නිසා ශෝකය බිය ඇතිවෙයි. තණ්හාව නැතිවිට ශෝකයත් බියත් ඇත්තේම නැත “ යනුවෙනි. තවද සමහර විට අපට ලාභ, ප්රසංශා ,කීර්තිය හා සැප ලැබෙයි. සමහර විට අලාභ. නින්දා, අපකීර්තිය, දුක ලැබෙයි.මේ ලෝකය දුක මත පිහිටා ඇතැයි බුදු රජාණන් වහන්සේ වදාලේ එබැවින්…ලෙස ධර්මයේ සඳහන් වෙනවා .
තවද කල්යාණ මිත්ර සේවනයේ ලාභයත්, පාප මිත්ර සේවනයේ ආදීනවයත්, ධම්ම පදයේ ගාථාවලින් මනාවට හෙළිදරව් කර තිබෙනවා.
ලාභයත්, පාප මිත්ර සේවනයේ ආදීනවයත්, ධම්ම පදයේ ගාථාවලින් තවදුරටත් පහදනවා.
නොකඩවා මතුවන අනර්ථකාරී සිතුවිලි නිසා එක් රැස්වන අසහනයෙන් මිදී..භාවනාව දියුණු කර ගන්න .ඉන් ප්රඥාවත් ශාරිරික හා මානසික සුවයත් ඔබට ලැබෙනවා ඒකාන්තයි .
මේ සදහා සතර සතිපට්ඨාන භාවනාව වැඩීම ඔබේ දිවි මගෙහි වාසනාවේ සුවහසක් මල් පිපෙන්නට වරම් එළිපෙහෙළි කර දේවි ….
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X