The Dhammapada – ධම්මපදය – යමකවග්ගය – 13
සාරං ච සාරතෝ ඤත්වා – අසාරං ච අසාරතෝ
තේ සාරං අධිගච්ඡඑන්ති – සම්මා සංකප්පගෝචරා
තේ සාරං අධිගච්ඡඑන්ති – සම්මා සංකප්පගෝචරා
සම්මා දිට්ඨිය නිසා, සම්මා සංකප්ප ඇති කරගත්ත උදවිය ඉන්නවා. ඔවුන් සීල, සමාධි, ප‍්‍රඥා ආදී සාරවත් දේ, සාරවත් දේ හැටියටම අවබෝධයෙන් දන්නවා. නිස්සාර දේ නිස්සාර දේ හැටියටත් දන්නවා. ඒ නිසා ඔවුන් සාරවත් වූ නිවන අවබෝධ කරගන්නවා.
(වේළුවනාරාමයේදී සංජය පිරිවැජියා අරභයා වදාළ ගාථාවකි ෴)