The Dhammapada – ධම්මපදය – අප්පමාද වග්ගය – 01
අප්පමාදෝ අමතපදං – පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති – යේ පමත්තා යථා මතා අප‍්‍රමාදීව සීල, සමාධි, ප‍්‍රඥා වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යනවා. කාම සැපයට වසඟ වෙලා ප‍්‍රමාද වෙන තැනැත්තාට ලැබෙන්නෙ ආයෙ ආයෙමත් මරණය විතරයි. අප‍්‍රමාදීව ධර්මයේ හැසිරෙන උදවිය අමරණීය වෙනවා. ප‍්‍රමාද වෙච්ච උදවිය ජීවත් වුණත් මළ කඳන් වගේ තමයි.
(වේළුවනාරාමයේදී කුම්භඝෝෂක අරභයා වදාළ ගාථාවකි ෴)