Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – අරහන්ත වග්ගය – 08

අස්සද්ධෝ අකතඤ්ඤූ ච – සන්ධිච්ඡේදෝ ච යෝ නරෝ
හතාවකාසෝ වන්තාසෝ – ස වේ උත්තමපෝරිසෝ
යම් කෙනෙක් ඇදහීම ඉක්මවා ගිහින්, ප‍්‍රත්‍යක්ෂයට පැමිණුනා නම්, පංච උපාදානස්ඛන්ධයට කෙලෙහි ගුණ සලකන්නේ නැත්නම්, පටිච්ච සමුප්පාදයේ පුරුක් කඩලා දැම්මා නම්, උපදින්ට තියෙන හැම අවස්ථාවක්ම නැති කළා නම්, කෙලෙස් වමනෙ දැම්ම නම්, ඇත්ත වශයෙන්ම ඔහු උතුම් මනුෂ්‍යයෙක්.
(ජේතවනාරාමයේදී සැරියුත් තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X