The Dhammapada- ධම්මපදය – අරහන්ත වග්ගය – 09
ගාමේ වා යදි වා රඤ්ඤේ – නින්නේ වා යදි වා ථලේ
යත්ථා’රහන්තෝ විහරන්ති – තං භූමිං රාමණෙය්‍යකං
යත්ථා’රහන්තෝ විහරන්ති – තං භූමිං රාමණෙය්‍යකං
ගමක වේවා, වනාන්තරයක වේවා, නිම්නයක වේවා. කඳු ගැටයක වේවා, රහතන් වහන්සේලා යම් තැනක වැඩඉන්නවා නම්, ඒ බිම ඇත්තෙන්ම සුන්දරයි.
(ජේතවනාරාමයේදී ඛදිරවනීය රේවත තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)