The Dhammapada – ධම්මපදය – අත්ත වග්ගය – 06
යස්ස අච්චන්ත දුස්සීල්‍යං – මාලුවා සාලමිවෝතතං
කරෝති සෝ තථත්තානං – යථා නං ඉච්ඡතී දිසෝ
කරෝති සෝ තථත්තානං – යථා නං ඉච්ඡතී දිසෝ
සල් ගහක් වටා එතෙන ලොකු කොළ තියෙන මාළුවා වැල නිසා අන්තිමේදී ඒ සල් ගහ කඩාගෙන වැටෙනවා. ඒ වගේම මුළුමනින්ම දුස්සීල ජීවිතයක් ගෙවන කෙනා, හතුරෙක් තවත් හතුරෙකුට අපරාධයක් කරන්ට කැමති වෙනව වගේ, තමාගේ දුස්සීල භාවයෙන්ම හානි කරගන්නවා.
(වේළුවනාරාමයේදී දේවදත්ත අරභයා වදාළ ගාථාවකි ෴)