The Dhammapada – ධම්මපදය – අත්ත වග්ගය – 07
සුකරානි අසාධූනි – අත්තනෝ අහිතානි ච
යං වේ හිතඤ්ච සාධුං ච – තං වේ පරමදුක්කරං
යං වේ හිතඤ්ච සාධුං ච – තං වේ පරමදුක්කරං
තමන්ට අයහපත පිණිස පවතින පව් කරන එක හරි ලේසි වැඩක්. නමුත් යම් දෙයක් තමන්ට හිතසුව පිණිස තියෙනවා නම්, තමන්ගේ යහපත පිණිස තියෙනවා නම්, එවැනි දේ කිරීම අතිශයින්ම දුෂ්කරයි.
(වේළුවනාරාමයේදී දෙව්දත්ගේ සංඝභේදය අරභයා වදාළ ගාථාවකි ෴)