The Dhammapada – ධම්මපදය – අත්ත වග්ගය – 09
අත්තනා’ව කතං පාපං – අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං – අත්තනා’ව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං – නාඤ්ඤමඤ්ඤෝ විසෝධයේ
අත්තනා අකතං පාපං – අත්තනා’ව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං – නාඤ්ඤමඤ්ඤෝ විසෝධයේ
තමා විසින් කරපු පාපයෙන්මයි තමා කිලුටු වෙන්නේ. තමා විසින් පව් නොකිරීමෙන්මයි තමා පිරිසිදු වෙන්නේ. පිරිසිදු වීමත්, කිලුටු වීමත් යන දෙක තමන්ම බලාගත යුතු දෙයක්. තවත් කෙනෙකුට තවත් කෙනෙක්ව පිරිසිදු කරන්ට බෑ.
(ජේතවනයේදී චූලකාළ උපාසක අරභයා වදාළ ගාථාවකි ෴)