The Dhammapada – ධම්මපදය – අත්ත වග්ගය – 10
අත්තදත්ථං පරත්ථේන – බහුනා’පි න හාපයේ
අත්තදත්ථමභිඤ්ඤාය – සදත්ථපසුතෝ සියා
අත්තදත්ථමභිඤ්ඤාය – සදත්ථපසුතෝ සියා
අනුන්ගේ යහපත උදෙසා විතරක් බොහෝ වෙහෙස මහන්සි වෙන්ට ගිහින්, තමන්ගේ යහපත නැතිකරගන්ට හොඳ නෑ. තමන්ගේ යහපත මොකක්ද කියලා අවබෝධ කරගෙන, සැබෑම යහපත වන අරහත්වයට පත්වීමටමයි හිතට ගන්ට ඕනෙ.
(ජේතවනාරාමයේදී අත්තදත්ථ තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)