Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 12

න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති
ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ

කිරි නම් ඉක්මනට මිදෙනවා තමයි. නමුත් ඒ විදිහට කෙනෙක් කරපු පාප කර්මය ඉක්මනට විපාක දෙන්නෙ නෑ. අළු යට සැඟවෙලා තියෙන ගිනි පුපුරු වගේ තිබිල, නියම වෙලාවට ඒ පාපී පුද්ගලයාව පුච්චමින් පස්සෙන් ලුහුබඳිනවා.

(වේළුවනයේදී  ප්‍රේතයෙක් අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X