Temples of Sri Lanka

The Dhammapada – බුද්ධ වග්ගය -02

යස්ස ජාලීනී විසත්තිකා – තණ්හා නත්ථි කුහිඤ්චි නේතවේ
තංබුද්ධමනන්තගෝචරං – අපදං කේන පදේන නෙස්සථ

තෘෂ්ණාව කියන්නෙ දැලක්. සත්වයාව භවයේ ඔතලා දාන නිසා ඒකට ‘විසත්තිකාව’ කියනවා. ඔහු තුළ තෘෂ්ණාව නැති නිසා, ඒ තැනැත්තාව කිසිම විදිහකින් භවයක් කරා ගෙනයන්ට බෑ. සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ඤාණ විෂය අනන්තයි. උන්වහන්සේගේ ගමන් මග කෙලෙස් රහිතයි. ඉතින් එබඳු කෙනෙක්ව කොයි විදිහටද රවට්වන්ට හදන්නේ.


(බෝධි මූලයේදී මාර දූ වරුන්ට සහ කුරු රට මාගන්දියාගේ පියා අරභයා වදාළ ගාථාවකි ෴)

You might also like
en English▼
X
X