The Dhammapada – ධම්මපදය – චිත්ත වග්ගය -07
අනවස්සුතචිත්තස්ස – අනන්වාහතචේතසෝ
පුඤ්ඤපාපපහීනස්ස – නත්ථි ජාගරතෝ භයං
රාගයෙන් තෙත් නොවන සිතක් ඇති කෙනාට, ද්වේෂයෙන් ගුටි නොකන සිතක් ඇති කෙනාට, පින් පව් දෙකම නැතිකර දැමූ කෙනාට, නොනිදා භාවනා කරන කෙනාට කිසි බයක් නෑ.
(සැවැත් නුවරදී චිත්තහත්ථ තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)