The Dhammapada – ධම්මපදය – පණ්ඩිත වග්ගය – 04
ධම්මපීතී සුඛං සේති – විප්පසන්නේන චේතසා
අරියප්පවේදිතේ ධම්මේ – සදා රමති පණ්ඩිතෝ
අරියප්පවේදිතේ ධම්මේ – සදා රමති පණ්ඩිතෝ
ධර්මාවබෝධයෙන් සිත් සතන් පහන් කරගත් නුවණැති පින්වතුන්, ධර්ම ප‍්‍රීතියෙන් යුක්තව සැප සේ කල් ගෙවනවා. ඒ නුවණැති සත්පුරුෂයා, බුද්ධාදී ආර්යයන් වහන්සේලා වදාළ ශ‍්‍රී සද්ධර්මයට හැමදාම ඇළුම් කරනවා.
(ජේතවනාරාමයේදී මහාකප්පින තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)