The Dhammapada – ධම්මපදය – පණ්ඩිත වග්ගය – 08
සබ්බත්ථ වේ සප්පුරිසා චජන්ති – න කාමකාමා ලපයන්ති සන්තෝ
සුඛේන ඵුට්ඨා අථ වා දුඛේන – නොච්චාවචං පණ්ඩිතා දස්සයන්ති
සත්පුරුෂ උතුමන් හැම දෙයක් ගැනම ඇති ආශාව දුරුකර ගන්නවා. තමන් කැමති දේවල් ලබාගන්න ආසාවෙන්, ඒ ශාන්ත මුනිවරු චාටු බස් දොඩන්නෙ නෑ. ඒ නිසා සැපක් ලැබුණත්, දුකක් ලැබුණත් නුවණැති උතුමන් ඒ සැප දුකට අනුව උස් පහත් වෙන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී හිඟන්නන්ට දොස් නැගූ භික්ෂූන් වහන්සේලා අරභයා වදාළ ගාථාවකි ෴)