The Dhammapada – ධම්මපදය – පණ්ඩිත වග්ගය – 14
යේසං සම්බෝධිඅංගේසු – සම්මා චිත්තං සුභාවිතං
ආදානපටිනිස්සග්ගේ – අනුපාදාය යේ රතා
ඛීණාසවා ජුතීමන්තෝ – තේ ලෝකේ පරිනිබ්බුතා.
ආදානපටිනිස්සග්ගේ – අනුපාදාය යේ රතා
ඛීණාසවා ජුතීමන්තෝ – තේ ලෝකේ පරිනිබ්බුතා.
යම් කෙනෙකුගේ සිත බොජ්ඣංග ධර්ම තුළ ඉතා හොඳින් දියුණු වෙලා තියෙනවා නම්, සියළු බැඳීම් දුරුකරලා, උපාදාන රහිත වූ අමා නිවනේම ඇලී තියෙනවා නම්, ආස්රවයන් ක්ෂය කරපු ඒ රහතන් වහන්සේලා නුවණින් බබලනවා. උන්වහන්සේලා තමයි මේ ලෝකෙ පිරිනිවන් පාන්නේ.
(ජේතවනාරාමයේදී පන්සියයක් භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)
සාදු! සාදු!! සාදු!!!