The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 05
අත්තා හවේ ජිතං සෙය්‍යෝ – යා චායං ඉතරා පජා
අත්තදන්තස්ස පෝසස්ස – නිච්චං සඤ්ඤතචාරිනෝ
අත්තදන්තස්ස පෝසස්ස – නිච්චං සඤ්ඤතචාරිනෝ
ඇත්ත වශයෙන්ම තමන්ව ජයගැනීමමයි උතුම් වෙන්නේ. අනික් ජනයා මොන දේවල් වලින් ජය ගත්තත්, ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ. තමාව දමනය කරගෙන, නිතරම ඉන්ද්‍රිය සංවරයෙන් සිටින පුද්ගලයාටයි ජයග‍්‍රහණය ලැබෙන්නෙ.
(ජේතවනාරාමයේදී එක්තරා බ‍්‍රාහ්මණයෙක් අරභයා වදාළ ගාථාවකි ෴)