The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 08
යෝ ච වස්සසතං ජන්තු – අග්ගිං පරිචරේ වනේ
ඒකඤ්ච භාවිතත්තානං – මුහුත්තමපි පූජයේ
සා යේව පූජනා සෙය්‍යා – යඤ්චේ වස්සසතං හුතං
ඒකඤ්ච භාවිතත්තානං – මුහුත්තමපි පූජයේ
සා යේව පූජනා සෙය්‍යා – යඤ්චේ වස්සසතං හුතං
යම් පුද්ගලයෙක් මහ වනයක ඉඳගෙන සියක් අවුරුදු මුළුල්ලේ ගිනි පූජාවන් කර කර ඉන්නවට වඩා සිත දියුණු කරගත් එක රහතන් වහන්සේ නමකට මෙහොතක් පුද පූජාවන් කළොත්, අවුරුදු සියයක් මුළුල්ලේ කරන අර ගිනි පූජාවට වඩා මොහොතකට කළ මේ පූජාවයි ශ්‍රේෂ්ඨ වන්නේ.
(වේළුවනාරාමයේදී සැරියුත් තෙරුන්ගේ සොහොයුරෙකු අරභයා වදාළ ගාථාවකි ෴)