The Dhammapada – ධම්මපදය – යමකවග්ගය – 03
බුදුරජාණන් වහන්සේගේ මහා පරිණිර්වානයෙන් අනතුරුව තෙමසක් ඇවෑමෙන් රජගහනුවර ගිජුකුළු පව්ව පාමුළ දී පළමු ධර්ම සංගායනාව පැවැත්විණි. මහා කාශ්‍යප මහරහතුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුතු පන්සිය නමක් වූ සංගීතිකාරක මහරහතන් වහන්සේලා දේශිත ශ්‍රී සද්ධර්මය පිටක තුනකට බෙදන ලදී. එනම් සූත්‍ර, විනය සහ අභිධම්ම වශයෙනි. මෙහිදී සූත්‍ර පිටකයට ග්‍රන්ථ 5ක් ඇතුලත් විය. දීඝ නිකාය, මජ්ජිම නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය, ඛුද්දක නිකාය යනුවෙනි. මෙහිදී ඛුද්දක නිකායට පොත් 15ක් ඇතුළත් වූ අතර ධම්මපදය ඉන් එකකි.
අක්කොච්ඡි මං අවධි මං – අජිනි මං අහාසි මේ
යේ තං උපනය්හන්ති – වේරං තේසං න සම්මති
යේ තං උපනය්හන්ති – වේරං තේසං න සම්මති
“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා” කිය කියා හිතන්ට ගිහින්, යම් කෙනෙක් ක්‍රෝධයෙන් බැඳිල ගියොත්, ඒ උදවියගේ වෛරය නම් සංසිඳෙන්නේ නෑ.
(ජේතවනාරාමයේදී ථුල්ලතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)