උපේක්ෂාව අනිත්‍යයෙන් විනිවිද දකිමු
ගිහි ජීවිතය පුරාවට වැඩියෙන්ම අත්විඳින්නේ දුක සහ වේදනාවන්. මේ හැම දුක් වේදනාවක් තුළම, පටිච්ඡසමුප්පන්නව ගලාගෙන පැමිණෙන, සංස්කාර පච්ඡයා විඤ්ඤාන කියන ධමර්තාවය, මුසුවී තිබෙන බව අපට පේනවා. අතීත භවයන්හිදී පටිච්ඡසමුප්පන්නව කරගත් අකුසල් විපාකයන්, දුක් වේදනාවන් හැටියට ජීවිතය ඉදිරියට පැමිණෙනකොට, දුක් වේදනාවට හේතුව ධර්මානුකූලව හඳුනාගෙන තිබුනාම, ඉදිරියට පැමිනෙන හැම දුක් වේදනාවක්ම, උපේක්ෂාව කියන තැනට ගන්න දක්ෂ වෙන්න ඕනි.
ජීවිතයේ අත්වින්ද සැප වේදනාවන් උපේක්ෂාව කියන තැනට ගන්න ගොඩාක් දෙනා අපොහොසත්. එම නිසාම සැප වේදනාවන් තුළට නැවත නැවත කිඳාබසිමින්, එම සැම වේදනාවක්ම අසීමිතව අත්විඳීම තුළින්, දුක් වේදනාවන් බවට පත්කොට ගෙන අන්න ඒ දුක් වේදනාවන් දෙවැනුව උපේක්ෂාව කියන තැනට ගන්න ඔබට වැටහෙන්නට ඕනි..
ගිහි ජීවිතයේදී සැම දුක් වේදනාවක්ම අකුසල් විපාකයක් වශයෙන් හඳුනාගෙන, සෑම දුක් වේදනාවක්ම ඉදිරියේ උපේක්ෂාව කියන තැනට පැමිනෙන්න අපි දක්ශ වෙන්න ඕනි.
අපි අත්විඳින සැපවේදනාවන්, ඒවා කෙරෙහි ඇති තෘෂ්ණාව නිසාම, ධර්මානුකූලව දකින්න ශක්තිය අපට නැති වෙනවා. සැප වේදනාවන් කෙරෙහි අපේ බැඳීම වැඩී . මෙම තත්ත්වය අපි ජයග්‍රහණය කරන්න ඕනි.සැම සැප වේදනාවක්ම නැවත නැවත අත්විඳීම තුළින්, ඇතිවෙන නීරසභාවය මතුකොටගෙන, සැප වේදනාවද දුක් වේදනාවක් බවට පත්කොටගෙන, එම දුක් වේදනාව අවසානයේ උපේක්ෂා විඳීමක් බවට පත්කොටගත්න ඕනි.. යම් පිංවතෙක් සැප වේදනාවත්, දුක් වේදනාවත් මුල් වටයේදීම අනිත්‍ය වශයෙන් දැකීමට යනවා නම්, එය ටිකක් අසීරු කාරණයක් වෙන්න පුළුවන්. එම නිසා ඔබ සෑම සැප වේදනාවක්ම, දුක් වේදනාවක්ම තම තමන්ගේ දක්ෂභාවයත්, උපක්‍රමශීලීභාවයත් උපයෝගිකොටගෙන, මුලදී ම උපේක්ෂා විඳීම් බවට පත්කොට ගතහොත්, එය ඔබට පහසුවක් වෙනවා… වේදනාවේ අනිත්‍යභාවය දැකීමට ඒක උදව්වක් වෙනවා..ඒ වගේමයි ඔබ යම් සැපවේදනාවක්, දුක්වේදනාවක් අත්විඳීමේදී, එම විඳීම ධර්ම මනසිකාරයක් තුළ සිටිමින් අත්විඳීමට දක්ෂ නම්, එතැනදීත් ඔබට ශක්තිය ලැබෙනවා, එම සැප දුක් වේදනාවන්, උපේක්ෂා විඳීමක් බවට පත්කොටගන්න.
දිනක් එක් යුවලක් කුටියට පැමිණ, භික්ෂුවට දානයක් පූජාකොට කුටියෙන් පිටත් වෙනකොට එම කාන්තාව ප්‍රකාශ කරනවා ‘දැන් නම් මළත් කමක් නැහැ’ යි කියලා.
දානය නමැති සැප වේදනාවට බැඳී ගියා. මහා සංඝරත්නයට දන් පූජා කරලා, වේදනාව නමැති මාරයාට බැඳිලා නිවසට යනවා.
වරක් භික්ෂුව මුණගැහෙන්න පුද්ගලයෙක් ඇවිල්ලා, එයට ඉඩ ප්‍රස්ථාව නොලැබීම නිසා එම පිංවතා භික්ෂුවට දෝෂාරෝපණය කරමින් ගිහින් තිබෙනවා. මහා සංඝරත්නය මුණගැහෙන්න ඇවිල්ලා, දුක් වේදනාව නමැති මාරයාට බැඳිලා නිවසට යනවා.
දිනක් භික්ෂුව මුණගැහෙන්න පුද්ගලයෙක් ඇවිල්ලා, ඔහු භික්ෂුව මගහැරීම නිසා, මම හෙට උදේට කොහොම හරි ඇවිල්ලා භික්ෂුව මුණගැහෙනවා කියලා ගිහින් තිබෙනවා.
බලන්න මහාසංඝරත්නය මුණගැහෙන්න ඇවිල්ලා, එම පිංවතා උපේක්ෂා වේදනාව කියන මාරයාට බැඳිලා ගෙදරට යනවා.
මෙතැනදී උපේක්ෂා වේදනාව කියන්නේ තෘෂ්ණාවේ මදභාවය වුණත්, උපේක්ෂාව තුළත් මාරයා බැසගෙන සිටිනවාය කියන කාරණය, ඔබ හොඳින් තේරුම්ගත යුතුයි.
ඉහතින් සඳහන් කළ තෙවැනි පුද්ගලයා, ස්වාමීන්වහන්සේ හමුවීම මගහැරුණාය කියලා නොගැටී, නොඇලී ‘හෙට උදේම ඇවිත් හමුවෙනවා’ය කියලා උපේක්ෂා සිතින් ගෙදර ගියා. නමුත් බලාපොරොත්තු සහගතව, හෙට උදෙත් ස්වාමීන්වහන්සේව මුණගැහෙන්න ඇවිත් ස්වාමීන්වහන්සේ මුණ නොගැසුණොත්, අන්න උපේක්ෂ සහගත මාර සිත, ඔබව නැවතත් ගැටීමක්, එසේත් නැතිනම් දුක් වේදනාවකට යොමු කරනවා.
ඇයි ඔබට මෙහෙම වෙන්නේ? ඇලීමත් ගැටීමත් උපේක්ෂාවත් කියන සෑම විඳීමක්ම අනිත්‍ය වශයෙන් දැකීමට ඇති අදක්ෂභාවය නිසාමයි.
වරක් භික්ෂුව ස්වාමීන්වහන්සේ නමක් මුණගැහෙන්න ගිය අවස්ථාවක උන්වහන්සේ මෙහෙම ප්‍රකාශ කළා.
‘ඔබවහන්සේ දැන් ජනප්‍රියයි නේද?’ එයට භික්ෂුව හිනාවෙන් ප්‍රතිචාර දැක් වූවා.
‘ඒ වුණාට ඔබවහන්සේව හුඟක් අය විවේචනය කරනවා නේද?’ එම ප්‍රකාශයටත් භික්ෂුව මුවගට සිනාවක් නගාගත්තා.
‘ඒ වුණාට ඔබවහන්සේ කටයුතු හොඳින් කරගෙන යන්න’ එම ප්‍රකාශයටත් භික්ෂුව සිහින්ව සිනාසුනා.
ඔබට සිතෙන්නට පුළුවන්, ඇයි භික්ෂුව බොහොම සෙමින්, ඉහත අදහස්වලට මුවගට නගාගත් සිනහවකින්ම පමණක් ප්‍රතිචාර දැක්වූවේ කියලා.
භික්ෂුව දන්නවා මේ කථා කරන්නේ ඇලීම, ගැටීම, උපේක්ෂාව කියන තෘෂ්ණාවේ ඵලයක්ය කියලා. ඔබ මුහුණදෙන සෑම සැප, දුක්, උපේක්ෂා විඳීමක් ඉදිරියේම, අනිත්‍යයි කියන දැක්ම ඇති කර ගැනීමට ඔබ දක්ෂනම්, එය වේදනාවේ අනිත්‍යභාවය පුහුණු කිරීමට හොඳ රුකුලක් වෙනවා.
සැපත්, දුකත්, උපේක්ෂාවත් අනිත්‍යයෙන් විනිවිද දකින්න.
ගිහි ජීවිතය විනිවිද දකින්න.
සියලු සංස්කාරයෝ වෙනස් වන්නේය
අවිද්‍යාව යම් තැනක ද, එතැන තෘෂ්ණාවය…
තෘෂ්ණාවේ උපාදානයෝ හඹාගෙන දුවන ලෝකයේ ඔබ නවතින්න
කෙලෙස්වලින් නොගැඹුරු ලෝකය සරලයි
විශ්වාසය හොරු අරගෙන යන සංස්කාර ලෝකය
ඇලෙන, ගැටෙන ලෝකය ගලවා දමන්න ඔබ උත්සාහ ගන්න..
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood