Temples of Sri Lanka

චිත්‍රවත් රටා මවන තෛපොංගල් දිනය සමරමු….

අස්වැන්න නෙලීමේ උත්සවය”යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි.

 

 

තෛපොංගල් උත්සවය ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල සමරනු ලබන ‘මකර සන්ක්‍රාන්ති’ සමග බැදීමක් පවතී. පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ “උතුරා යාම නොහොත් පිටාර ගැලීමයි”. මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස මොවුහු සලකති.

 

 

 

තෛපොංගල් උත්සවය තවත් නව වසරක් සඳහා සූර්යය භ්‍රමණයේ ආරම්භය සනිටුහන් කරයි. දමිළ, හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සුර්යයාට පුජා කිරීම සුර්ය මංගල දිනයේ දී කරනු ලැබේ.මෙම උත්සවය දමිළ ජනයා සදහා පමණක්ම වෙන්වුවක් නොවේ. මහා භාරතයේ සදහන් වන පරිදි එය මුලු ඉන්දියානු ජනතාවටම පොදු චාරිත්රෙයකි. භිෂ්මා තම මිනිස් ජීවිතය වතහැරීම සුර්යයා උතුරු දිසාවට හැරීමේ දී සිදු වු බවත්, එම සිදුවීම ‘උත්තරායන’ නමින් හදුන්වයි. තෛපොංගල් උත්සවය මගින් තවත් අලුත් වසරක් සඳහා සූර්ය භ්‍රමනය සිදුවන අතර මෙදින ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල වලට…එනම්, ආන්දර් ප්‍රදේශවල, අස්සාම්, බෙන්ගාලය, බිහාර්, ගුජරාට්, හිමාචල් ප්‍රදේශ, කර්නටකා, කෙරලා, ඔරිසා, මහරාෂ්ත්රම, නෙපාලය, පුන්ජාබය, රාජස්තානය, තමිල්නඩු සහ උත්තර් ප්‍රදේශයන්ට පාරම්පරික නිවඩු දිනයක් වේ.

 

 

 

තෛපොංගල් උත්සවයේදී ඉතාමත් මිහිරි පොංගල් බත් පිස සූර්ය දෙවියන්ට පූජා කෙරේ.

දමිළ, හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සුර්යයාට පුජා කිරීම මෙම දිනයේ දී කරනු ලබන අතර මෙම උත්සවය දමිළ ජනයා සදහා පමණක්ම වෙන්වුවක් නොවන බව පුරාණ ආගමික ග්‍රන්ථයන්හි සඳහන් වේ
ඒ අනුව මහා භාරතයේ සදහන් වන පරිදි එය මුලු ඉන්දියානු ජනතාවටම පොදු උත්සවයක් ලෙස හැදින්වේ.

 

 

 

එමෙන්ම සූර්යයා දකුණු කෙළවරේ සිට උතුරු දෙසට ගමන් කිරීමේ ආරම්භය සනිටුහන් කෙරෙන මෙම කාලය උත්තරායනය ලෙස හඳුන්වන අතර එය සුබ කාලයක් ලෙස සැලකේ.

ලොව පුරා හින්දු ආගමික ජනතාව විසින් ඉතාමත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබන තෛපොංගල් දිනය අදයි.

අස්වැන්න නෙලීමේ උත්සවය යන අර්ථය දෙන මෙම තෛපොංගල් උත්සවය ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද ප්‍රාන්ත ගණනාවක සමරනු ලබයි.

සාමාන්‍යයෙන් දකුණු ඉන්දියාවේ ජනතාව දින හතරකදී මෙම උත්සවය සමරයි.

එම දින කිහිපය

 

 

✨️පෝගී පොංගල්,

✨️සූර්ය පොංගල්

✨️ මාඩු පොංගල්

✨️ කාණුම් පොංගල්

ලෙස නම් කොට තිබේ. ශ්‍රී ලාංකික හින්දු ජනතාව දින දෙකක් තෛපොංගල් සැමරීම සිදු කරයි.

 

 

දැන් අප තෛපොංගල් දින කිහිපය පිළිබඳ විමසා බලමු.

 

 

 

පෝගී යනු තෛපොංගල් දින හතරේ පළමු දිනය වන අතර එහිදී තෛපොංගල් දිනට පෙර දිනයයි. උත්සවයට සූදානම් වීම සඳහා නිවෙස් තීන්ත ආලේප කර සෝදා, නව තිර රෙදි එල්ලා, නිවස පිරිසිදු කිරීම සිදු කෙරේ. එමෙන්ම කෙසෙල් සහ අඹ කොළවලින් සැරසිලි, මල් මාලා, කෙසෙල් ගස්, කෝලම් සහ රංගෝලි රටා ආදී පසුදින පූජාව සඳහා සියලු කටයුතු මෙදින සූදානම් කරනු ලැබේ.
තෛපොංගල් උත්සව දින
තෛපොංගල් දිනයේදී කාන්තාවන් පහන් වීමට පෙර නැඟිට නිවස ඉදිරිපිට නව කෝලම් / රංගෝලි අඳියි. ඉන්පසු පවුලේ අය ඔවුන්ගේ හොඳම ඇඳුමින් සැරසී පොංගල් අනුභව කිරීමට සූදානම් වෙති. මෙය එළිමහනේ උයනේ, මළුවක හෝ ආලින්දයේ සිදු කළ යුතුය.
පොංගල් පිසීම සඳහා වර්ණවත් ලෙස සරසන ලද මැටි බඳුනක් භාවිතා කරනු ඇත. බත්, කිරි, මුං (මුං) හකුරු, කුළුබඩු, කජු, මුද්දරප්පලම් සහ වෙනත් අමුද්‍රව්‍ය මෙම පැණි රස මිශ්‍රණය සකස් කිරීම සඳහා යොදා ගනී.
බත තැම්බීමේදී සංගු නමින් හැඳින්වෙන නළාව වාදනය කිරීම සිදු කරයි.
පළමු පූජාව සූර්යයාට හෝ සූර්ය දෙවියන්ට පූජා කරන අතර අඹ, කෙසෙල් වැනි පලතුරු සමග පොංගල් බත්
පිරිනමනු ලැබේ.
ඉන්පසු පවුලේ සාමාජිකයන් පිඟාන සඳහා කෙසෙල් කොළ භාවිතා කර අනුභව කරන අතර ඔවුන්ගේ පොංගල් ඥාතීන්, මිතුරන් සහ අසල්වැසියන් සමඟ බෙදා ගනී.

 

 

මාඩු පොංගල් සමරනු ලබන්නේ තෛපොංගල් දිනට පසු දින ය. මෙම දිනයේ ගොවීන් තම ගවයන්ට කෘතඥතාව පළ කරමින් ගෞරව කරති. (මාඩු යනු දෙමළ බසින් ගොනා යන්නයි) ගවයන් නාවා අං ඔප දමා මල්, දිලිසෙන ආභරණ වලින් සැරසීම සිදු කරයි. ගවයින්ගේ නළලෙහි කුම්කුම් යොදයි. පසුව එම ගවයන්ට පොංගල්, පලතුරු, හකුරු සහ මී පැණි යන ආහාර වර්ග ලබා දෙනු ලබයි
මෙලෙස ගොවිතැන හා අත්‍යන්තයෙන් ම බැඳුණු ගවයා සඳහා කරන සත්කාරයෙන් පොංගල් උත්සවය අවසන් කෙරේ.
ඉන්දියාවේ මාඩු උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස සිදු කරනු ලබයි. ශක්තිමත් ගවයකුගේ ගෙලෙහි මුදල් පසුම්බියක් එල්ලා ම කුලප්පු කොට මුදාහරිනු ලැබේ. ඌ අල්ලා මෙල්ල කර මුදල් පසුම්බිය ලබා ගන්නා තැනැත්තා වීරයකු ලෙස පිළිගනු ලැබේ. ඉන්දියාවේ අලංග නල්ලූර් නම් ප්‍රදේශය මේ ක්‍රීඩාවට ප්‍රසිද්ධ ය.

 

 

තෛපොංගල් උත්සවයේ සිව්වන සහ අවසාන දිනය මෙයයි. වැඩිහිටියන් තරුණයින්ට ආශීර්වාද කරන අතර මිනිසුන් එකිනෙකා හමුවීමට හා තෑගි හුවමාරු කර ගනී. ගම්බද ප්‍රදේශවලට අමතරව නාගරික ප්‍රදේශවල මෙම දිනයේදී ජනතාව තම පවුලේ සාමාජිකයින් සමග මුහුදු වෙරලට සහ සතුටු උද්‍යාන වලට යමින් පොංගල් උත්සවය සැමරීම දැකිය හැක. මෙම කාලයේදී “කෝළම්” ලෙස හැදින්වෙන විශේෂ සැරසිලි යොදා ගනිමින් ගෙමිදුල් අලංකාර ලෙස සැරසීමද දැකිය හැක. අස්වැන්න නෙළා ගැනීමට කළ උපකාරයට තම නෑදෑ හිතමිතුරන්ට ස්තූති කිරීමද මෙදිනට වෙන්වී තිබේ. මුල් කාලයේදී මෙම උත්සවය ගොවි ජනයාට පමණක් සීමා වුවද අද මෙය ජාති, ආගම්, කුළ භේද වලින් තොරව සියලුම දමිළ ජනයාගේ ජාතික උත්සවයක් බවට පත්ව ඇත.

 

 

තෛපොංගල් උත්සවයේදී සාම්ප්‍රදායික රසකැවිලි “පොංගල්” සකස් කිරීම වැදගත්ම අංගයකි.

 

 

 

 

පොංගල් යනු කිරි, හකුරු, ප්ලම් සහ කරාබුනැටි සහ එනසාල් වැනි කුළුබඩු සහිත මිහිරි බත් වැනි ආහාරයකි.

 

 

තෛපොංගල් උත්සවයේ තවත් වැදගත් අංගයක් වන්නේ කෝලමයි. එය හුණු කුඩු සහ අනෙකුත් ද්‍රව්‍ය වලින් සාදන ලද සාම්ප්‍රදායික අතින් අඳින ලද මෝස්තරයක් වන අතර එය නිවසට ඇතුළු වන ස්ථානයේ අඳිනු ලැබේ.

 

 

එය ශ්‍රී ලංකාව, තමිල්නාඩුව, අන්ද්‍රා ප්‍රදේශ්, කර්නාටක, ගෝවේ සමහර ප්‍රදේශ සහ තවත් සමහර ඉන්දියානු ප්‍රාන්තවල සිදු කෙරේ.එය මැලේසියාවේ සහ තවත් සමහර ආසියානු රටවල ද සිදු කෙරේ.

 

ඇතැමුන් උත්සව අවස්ථා වලදී කෝලම් අඳින කෝලම් ඔවුන්ට වාසනාව ගෙන දෙන බවට විශ්වාස කෙරේ.

සහෝදරත්වයෙන්  එක්වෙමු!

 

 

 

 

    © Buddhist Brotherhood

You might also like
en English
X
X